Posts

අපේ රථ වාහන පොලීසිය

අද අප රටේ ඇතැම් නාගරික ප්‍රදේශයන් හැරෙන්නට ග්‍රාමීය ප්‍රදේශවල පුළුල් මාර්ග පද්ධතියක් නොමැත. මෙවැනි ප්‍රදේශවල යෑමට ඊමට (වම දකුණ ලෙස) මං තීරු දෙකක් ලෙස බෙදා වෙන්කොට ඇතත්, එවායේ පරිමාණය අනුව මංතීරු එකකටවත් යෝග්‍ය වන අයුරින් වාහන ධාවනයේ යෙදවීමට තරම් ඉඩකඩක් නොමැත. විශේෂයෙන් කඳුරට මාර්ගයන්හි තදබද වංගු සහිත ස්ථානයන්හි පවතින මංතීරු දෙක ඇතුළත බරවාහන දෙකක් හුවමාරුවට ඉමහත් පරිශ්‍රමයක් දැරිය යුතුය. එයට හේතුව කඩඉරි සටහන රිය සක අනුව ප්‍රමාණවත් පළලින් නොමැති වීමය. මෙය කෙසේ වෙතත් පොලිස් රථවාහන අංශ නිලධාරීන්ට නම්, යම් රියැදුරෙක් එකී කඩඉරි කිසියම් අංශු මාත්‍රයකින් හෝ තැවරී ගමන් කළ විට එය මාර්ග නීති කඩකළ ක්‍රියාවක් වන්නේය. 

නාලක හේවාමද්දුම

Image
තවදුරටත් පෞරුෂ වර්ධන වැඩසටහන් හරහා අහිංසක මිනිසුන් රැවටීමට ඔබට සදාචාරාත්මක අයිතියක් නැත. ඔබගේ පෞරුෂය ඉතා දුර්වලය .ක්‍රීඩාවේ අංකුර මෙසේ දුෂිත නායකයින් ඉදිරිපිට දේශපාලනිකරණය කර අභිමානය බිඳ හෙලීම මහත්මයකුට තරම් නොවේ. ඔබගේ පෞරුෂය දියුණු කරගැනීමට ඔබ විසින් වහා කටයුතු කල යුතුව ඇත.   

රාජ්‍ය සේවය සහ බැඳුණු සන්තෑසිය

අතිශය ගෞරවාන්විත රැකියාවක් අද පත්ව ඇති ඉරණම සඳහා වගඋත්තර බැඳිය යුත්තේ කව්රුන්ද ? පවත්නා කම්කරු,සේවක නීති අනුව සේවකයකු රැකියාවෙන් අයින් කිරීම ඉතා අපහසුය.එය සේවකයාගේ පැත්තෙන් බැලු කල ඉතාම හොඳය.නමුත් එවන් සේවකයකුගෙන් අපේක්ෂිත ප්‍රතිඵලයක් ගැනීමට රජයට නොහැකිනම් කළහැකි දේ ඇත්තේ දෙකක් පමණි . රාජ්‍ය පරිපාලනයේ අකාර්යක්ෂමතාවය සේවකයන් බඳවා ගැනීමේදී සුදුස්සන් වෙනුවට නුසුදුස්සන් බඳවා ගැනීම. රාජ්‍ය පරිපාලනයේ අකාර්යක්ෂමතාව පිළිබඳව ඒ හා බැඳුනු අමාත්‍යංශයක් ,නිළධාරීන් සහ ඇමති දෙපොළක් සිටිති.පරිපාලනය,සුභසාධනය ,උසස්වීම ,පුහුණුව,නීති ප්‍රතිපාදන ආදී කටයුතුවල වගකීම ඔවුන්ගෙන් මහජනතාව අපේක්ෂාකරන දෙයයි .එය එසේ සිදුනොවෙනම් එය සෘජුවම දෙවන කාරණයට බලපායි. දෙවන කාරණය වන නුසුදුස්සන්ට රැකියා දීම කාලයක් පුරාවට රටේ සිදුවන්නකි.තම දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දෙන පුද්ගලයින්ට සහ හිතමිතුරන්ට සුදුසුකම්වලින් තොරව රැකියා වලින් සංග්‍රහ කිරීම ආකාර දෙකකින් අහිතකරය.පළමුවැන්න නම් අධ්‍යාපන සුදුසුකම්, මෘදු කුසලතා සම්පුර්ණ නැති අයවලුන් රැකියා ගැනීම නිසා සුදුස්සන් කළකිරීමයි.දෙවැන්න නම් රැකියා ලැබූ නුසුදුස්ස...

87 වැනි වෙඩි ප්‍රහාර හමුවේ දණ නැමූ ඇය ටයිකි

Image
පීඩිත බව හමුවේ මිනිසා මෙන් ම තිරිසන් සතාද තමන්ගේ වේදනාව දරා නොසිටින අවස්ථාවේ දී පීඩකයාට එරෙහිව සටන් වදී. එය සියලු සත්ත්වයන් ටම පොදූ වූ සාධකයක් බව අමුතුවෙන් ම පෙන්වා දිය යුතු නොවන්නේ සමාජය තුළ ඇති පමණින් උදාහරණය පවතින නිසාය. 20 වන සියවසේ මුල් භාගය වූ වර්ෂ 1916 දී මරී නම් දැවැන්ත ඇතින්නියක් තමන්ගේ පිඩකයාට විරුද්ධ වු නිසා මිනිසාගේ නීතිය හමුවේ ඇයව එල්ලා මරා දැමීය. මේ එවන් කතාවකි. ඇයගේ නම ටයිකි (Tyke) ය. ඇය උපදින්නේ වර්ෂ 1974 දීය කුඩා කාලයේ ම පවුලෙන් වෙන් කර ගන්නා මේ ඇත් පැටියා ගෙන එන්නේ ඇමෙරිකාවේ හවායි වල හොනලූලූ වෙතටයි. ඒ සර්කස් එකක සංදර්ශන පෙන්වන ඇතින්නියක් ලෙසටයි. ස්භාවික ජීවන රටාවක හුරු වූ මේ පුංචි ඇත් පැටවිය මිනිසාගේ ආසාව උදෙසා දිගින් දිගටම පහර කෑවේ සර්ක්ස් පුහුණුව සදහායි. දිගින් දිගටම පහර කෑ මේ පුංචි ඇත් පැටවිය අසරණව සිටියත් කිසිදු මිනිසෙකුගේ පිහිටක් ඇයට නොලැබුණි. ඇයගේ පාද වලට එල්ල වූ දැඩි හෙන්ඩු පහරවල් නිසා දරා ගත නොහැකි වේදනාවකට පත් වෙන මේ පුංචි ඇත් පැටවිය ඇයගේ පුහුණුකරුට අවශ්‍ය ලෙස අවසානයේ පාද තබන්නට පටන් ගත්තා ය. මේ පහර දීම් වල දී ඇයගේ වඩාත් ම සංවේදි ස්ථාන වලට පවා මේ පුහුණ...

ඒ දවස්වල...

Image
 

විශිෂ්ඨයකුගේ වටිනාකම

Image

කොළඹ

Image