Posts

Showing posts with the label රට තොට

කථා කරන පින්තූර

Image
 

ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී

Image
                                               ප්‍රධානම දෙපාර්තමේන්තුවෙන් අප ආරම්භකල යුතුව ඇත.

ඉසිවර අසපුව

Image
  මේ ප්‍රවෘත්තිය දුටුවිගස තමන්ගේ කාලය, ශ්‍රමය වැය කර දුප්පත් ගැමියන්ට ප්‍රතිකාර කරන “ඉසිවර අසපුව” ටෙලිනාට්‍යයේ වෛද්‍යවරයාගේ රුව මතකයට නැගුණි. සමහර වෘත්තීන් වලට දක්ෂතාවය,හැකියාවට වඩා මානුෂිකත්වය ආභරණයක් වේ.

මාධ්‍ය නිදහස සහ වල් බුරු නිදහස

Image
පරදේශක්කාර සුද්දන් වර්ජනය පැත්තකින් තබා අඩුම තරමේ අමාරුවෙන් රැකෙන සිංහල භාෂාව තවදුරටත් නැසීමෙන් වළකිමු.

ඔබ නසන්නේ ඔබගේ වෘත්තියේ සුසුම්නාවයි

Image
වෛද්‍ය මාෆියාව උපරිම මට්ටමට පැමිණ ඇත.නියපොත්තෙන් කපන්න තිබුණු දෙය දැන් පොරවෙන් වත් කපන්නට බැරිය.ශ්‍රේෂ්ඨ වෛද්‍ය  වෘත්තිය අවමන් ලබන කාලය ඉතාම නුදුරිණි අවමන් ලැබීම රටට අහිතකර වන්නේ  අද හෙට යැයි සිතුවොත් එය අප වරදවා වටහා ගැනීමකි. කෙලෙසුණු අභිමානය සහ ගෞරවය යළි ලබා ගැනීම සමහරවිට සිහිනයක් පමණක් විය හැකිය . බො රලැස්ගමුව මහරගම පාරේ නිවෙසක පසුගිය 29 වැනිදා පිරිත් පින්කමක් පැවැත්වෙමින් තිබුණේ දින තුනකට පෙර 83 වැනි වියට එළැඹි මෑණියන්ට ආශිර්වාද පැතීමටයි. ඊට එම මෑණියන්ගේ දුවා දරුවන් මෙන්ම මුනුපුරු මිනිපිරියන්ද ඇතුළු බොහෝ නෑසියෝ එක්ව සිටියහ. සතුට උතුරා ගලා යන මොහොතක් වූ එම අවස්ථාවේ සිය මෑණියන්ට සෙත් පැතීමට පොලිස් පරීක්ෂකවරයකු වූ අජන්ත ගාමිණි මහතා ද එක්වූයේ තම බිරිය සහ දරුවන් දෙදෙනා සමඟ එදින රාත්‍රී 8.30ට පමණය. මෑණියන්ට සෙත් පතා ඥාති හිතෛෂීන් සමඟ සතුටු සාමිචීයේ යෙදුණු ගාමිණි මෑණියන් අතින් උපන්දින කේක් කෑල්ලක් කන අතරේ කීවේ, “අම්මේ අපි රෑම යනවා. මට හෙට උදෙන්ම කුරුණෑගල මඟුල් ගෙදරක යන්න තියෙනවා.” කියාය. එදා එලෙස මෑණියන්ගෙන් මෙන්ම සියලු නෑසියන්ගෙන් සමුගෙන ගාමිණි, බිරිය සහ ද...

බදු, සුභසාධන ඇමතිකම් සහ ජීවත්වීමට පොල්ගස් නැගීම

Image
අනතුරු හෝ සදාකාලික රෝගාබාධ නිසා ආදායම් මාර්ග අහිමිවූ පවුලක දරුවන්ගේ ආර්ථික,අධ්‍යාපන ගැටළු තුලනය කිරීමේ ක්‍රමවේදයක් අප  සතුවිය යුතුය.දරුවන්ට මාසික සහනාධාර ක්‍රමයක් හෝ සුදුසු රැකියාවක් තුලින් ශ්‍රමය රටේ නිෂ්පාදන ක්‍රියාවලියට එකතුනොවීම අභාග්‍යකි. ආදායම් බදු , සුඛෝපබෝගී බදු මෙවන් අත්‍යාවශ්‍ය හා මානුෂික කර්තව්‍යයන් සඳහා යොදාගත නොහැකිනම් සමාජ සවිබල ගැන්වීමේ දෙපාර්තමේන්තු ,ඇමතිතනතුරු වලින් පලක් නැත. http://www.rivira.lk/online/2018/09/29/160161

යුද්ධය සහ කුසගින්න

Image
කුසගින්නේ සිටින පුද්ගලයකු තම ධර්මය ශ්‍රවනය කිරීමට පවා සුදුසු නැතිබව බුදුරදුන් දේශනාකළ සේක. කුසගින්න එතරම්ම බලවත්ය. මරණ බය සහ කුසගින්න එක වර කිරි සප්පයකුට දැනුන මොහොතක. ඔහු මේ වනවිට ජීවතුන් අතරද නැතිද නොදනී. ලොවට වෛර නොකරන මිනිසකු වේවා !

Never give up boy ! All our blessings are with you.

Courage is not something attached to our body parts.We bring it from birth.

විශිෂ්ඨයකුගේ වටිනාකම

Image

ජීවිතයේ යතාර්ථය

Image

“ලංගම”යේ කීර්ති බණ්ඩාර

Image
එච්.එම්.ආර්. කීර්ති බණ්ඩාර ඉතිහාස ගත වන්නේ කුණු බැනුම් අසන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ හෙවත් “ලංගම”යේ කළු පැල්ලම යන්තමින් හෝ අඩු කිරීමට දායක වූ නිර්භීත සහ අවංක පීඩිත පංතියේ රාජ්‍ය සේවකයකු ලෙසය. අවාසනාවට ඔහු සතිදෙකෙන් රටටම අමතක විය. රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබිය යුතු සේවකයකු මෙසේ නික්ම යාම ඛේදවාචකයකි.නීර්ජා භානෝත් ( Neerja Bhanot ) වැනි වීර කාන්තාවක් පවා අශෝක චක්‍ර සම්මානයෙන් 1987දී ඉන්දියාවේදී පිදුම් ලැබීය. කීර්ති බණ්ඩාරත් ඉන්දියාවේ වත් ඉපදුනානම් තත්වය වෙනස් වීමට ඉඩ තිබුණි . http://www.mawbima.lk/article20170401MB20170930.php?id=6113

අලි ඇතුන් සහ පන්සල්

Image
සංස්කෘතික වටිනාකම් වලින් අපි සමුර්ධිමත් වෙමු. අලියා හෝ ඇතා දේශීයව ජීවත්වන ශක්තිමත් සතෙකි. අතීතයේ පටන් යුධ ,කර්මාන්ත සඳහා අප විසින් මේ සතුන් යොදාගෙන ඇත. ප්‍රශ්ණය ඇත්තේ මේ සතුන් ව්‍යාපාරයක් ලෙස ලාභ උපයාගැනීමට භාවිතා කිරීමත්  පන්සල්වල ප්‍රෞඪත්වය කියාපෑමට යොදාගැනීමත්ය. මේ සතුන් ජීවත්වන්නේ කරඬු වැඩම්මවීම සඳහා නොව වනයේ නිදැල්ලේ ජීවත්වීමට බව අප කැමත්තෙන්  හෝ අකමැත්තෙන් හෝ අවබෝධ කරගත යුතුය. වසරකට වරක් හෝ දෙවරක් නිශ්චිත පෙරහැරක කරඬුව වැඩම්මවීම අපේ සංස්කෘතික වටිනාකම,අභිමානය පෙන්වීමට අතිශයින්ම ප්‍රමාණවත්ය.එයින් පසු සත්වයාගේ නිදහසට බලපෑම් කිරීම බෞද්ධ රටකට තරම් නොවේ.

සම්මාන ලැබූ කිරි දෙනුන් මහ රෑ මසට උස්සලා

Image
සටහන :හරක් හොරකම් කරන ගෝත්‍රික මිනිසුන්  තව මත් ඉන්නා රටක අපි ජීවත් වෙමු. උඩුගං බලා පීනන ධෛර්යය වන්ත මිනිසුන් රැක ගැනීම සැමගේ යුතුකමක් සහ වගකීමකි. පශු සම්පත් අමාත්‍යාංශය මඟින් බස්නාහිර පළාතේ හොඳම ඉන්දීය කිරි ගවයා ලෙස ප්‍රථම ස්ථානයේ රාජ්‍ය සම්මානය දිනාගත් මැණිකා නමැති කිරි ගවයා සහ රාජ්‍ය සම්මාන ලැබූ කිරි ගවයන් තිදෙනකු ඇතුළු කිරි ගවයන් 9 දෙනකු දිවුලපිටිය ඇත්ගාල වත්තේදී ඉතුත් 15දා මහ රාත්‍රියේදී හොර හරක් ජාවාරම්කරුවන් විසින් මස් කිරීම සඳහා හොරාගෙන ගොස් තිබේ. ඇත්ගාලවත්ත කුඩගම්මන ගම්වාසීහු හැඬ­ කඳුළින් කම්පිතව මාධ්‍යයට ඊයේ (18දා) මේ බව පැවැසූහ. පශු සම්පත් අමාත්‍යාංශය මඟින් 2007 වසරේදී හොඳම දෙමුහුන් මී ගවදෙන ලෙස දිවුලපිටිය ආසනයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත් රාජ්‍ය සම්මානය දිනාගත් කළු මැණිකා නමැති කිරි ගවයාද ගම්පහ දිස්ත්‍රික්කයේ හොඳම දෙමුහුන් මී ගවදෙන ලෙස ප්‍රථම ස්ථානයේ රාජ්‍ය සම්මානය දිනාගත් චූධී නමැති කිරි ගවයාද එම ගවයන් සමඟ ගාලේ සිටි ගැබ්බර කිරි ගවයන් ඇතුළු කිරි ගවයන් 9 දෙනකු මස් කිරීමට ලොරියක පටවාගෙන හොරාගෙන ගොස් ඇතැයිද ගම්වාසීහු කියති. දිවුලපිටිය ඇත්ගාලවත්ත කුඩගම...

කොස්වා ලිහිණි පැටවුන්

Image
තමන්ගේ දෙමව්පියන් දුක් මහන්සියෙන් උපයාගත් වස්තු සම්පත් පෙන්වා උජාරු වීමත් තමන් ඉන් සතුටු වීමත් එකතරා මානසික රෝගයකි. එවන් රෝගීන් බොහෝ දෙනෙකු මෙහි දුටුවෙමි. https://www.instagram.com/richparentsofinsta/ "අචරිත්වා බ්‍රහ්ම චරියං අලද්ධා යොබ්බනේ ධනං ජිණ්ණ කොඤ්චාව ඣායන්ති ඛීණ මච්චේව පල්ලලේ " මෙලොව පරලොව සැපවත් බව මෙන්ම කෙළවර දුකින් මිදී ලබන නිවන් සුවයද උදා කරන සීලාදී පිළිවෙත්හිද නොයෙදී තරුණ වියේදී උපයන ධනය රැක ගැනීමෙන් හා නූපන් ධනය ඉපදවීමෙන් ද තොරව ජීවත් වන්නෝ වැසි සමෙයහි මසුන් අල්ලා පසුව සිඳී ගිය පොකුණ දෙස බලා පසු තැවිලි වන මහලු කොස්වා ලිහිණියන් මෙන් පසු තැවෙන්නෝය .සුසුම් ලන්නෝය.

පිටකොටුව සහ මරදාන

Image
                                                                chasingtheunexpected.com     තැන අඩුම කුඩුම එකතුව මල්වත්ත පාර CD ,DVD,Cassette,Travelling  bags,Shoes 1st Cross  Street Mobile Phones ,Electronics ,CCTV etc,Watches   2nd ,3rd Cross  Streets  /keizer (කෙයිසර්) Street   රෙදි Prince(කුමාර) Street / 2nd  Cross  Street විදුලි උපකරණ / Leather භාණ්ඩ 3rd Cross Street තරාදි හා ආයුධ වර්ග ,යකඩ බඩු 4th Cross Street ආහාර(තොග) Main Street ඇඳුම් පැළදුම්(Ranjana’s .Sareeta etc ) හෙට්ටි වීදිය රත්තරන් බඩු China Street විසිතුරු භාණ්ඩ ,වීදුරු ,පොලිතීන් Prince Street වීදුරු ,මුහුණ බලන කණ්නාඩි Old Moor Street ( පරණ යොන් වීදිය) ගොඩනැගිලි ද්‍රව්‍ය Gabos(ගබෝස්) lane බෙහෙත් බඩු ,කේක්...