Posts

Showing posts with the label Social

දඹයියෝ

Image
ඉන්දියාව . අතාත්වික චිත්‍රපට හැදෙන රට. ප්‍රමිතියක් නැති වාහන තනන රට. වවුලන් මෙන් දුම්රිය මැදිරිවල එල්ලී මිනිසුන් යන රට. කාන්තා හිංසනය ,කුළ වාදය ,ගෝත්‍ර වාදය උඩුදුවාපු රටා . රටෙන් හරි අඩකට තවමත් අවම සනීපාරක්ෂක පහසුකම වන වැසිකිළි නැති රට. වාගේම බිලියන 1.5ක පමණ ජනගහනයක් ඇති  රටක්. ආගම් ,භාෂා හයකට අධික ප්‍රමාණයක් ඇති රටක්. Dashrath Manjhi - පාරක් ඉදිකිරීමට කන්දක් තනිවම කැපූ මිනිසෙක්. ඔලිම්පික් පදක්කම් 30කට ආසන්නව දිනු රටක් . ක්‍රිකට් වලින් අංක එකට පැමිණි රටක්. මහද්වීපයක් දුරට ගිණි ගෙනගියහැකි “අග්නි” මිසයිල තැනූ රටක් . තමන්ගේම ආහාර වට්ටෝරු ,චිත්‍රපට ,වාහන ලොවට හඳුන්වාදුන් රට. ලෝකයේ හැම රටකම සංක්‍රමණිකයන් 20ක් අතුරින් එකකු ඉන්දියනුවකුවූ දේශයක්. ගාන්ධි , බුදු හාමුදුරුවෝ ,අශෝක අධිරාජ්‍යයා වැනි ලෝක පුජිත නායකයින් බිහිකළ බිම. අවමානය පහසුය එහෙත් අමිහිරි සත්‍යය අවබෝධකරගැනීම කළයුතුමය. අප තව ගොඩක් දුර තනිව යා යුතුව ඇත.