Posts

Showing posts with the label බෞද්ධ දර්ශනය

කොසොල් රජතුමා දුටු සිහින

දිනක් කොසොල් රජතුමා නින්දේදී සිහින 16 ක් දක්නා ලදී. මේ අමුතු ආකරයේ සිහින රාජ සභාවේ සිටි පණ්ඩිතයන් හට ද මෙම සිහින වල නියම තේරුම සිතා ගත නොහැකී නිසා රජතුමා තමා හට පෙණුන සිහින පිලිබඳව විමසීමට බුදුරජාණන් වහන්සේ වෙත ගියේය. බුදුරජාණන් වහන්සේ මෙම් සිහින වල නියම තේරුම රජතුමාට පැහැදිලි කරන ලදී. පළමුවන සිහිනය ; කොසොල් රජතුමා : “ කළු පාට ගොනුන් සතර දෙනෙකු සතර දිශාවෙන් ගොන් පොරය සඳහා දූවිලි අවුස්සාගෙන විදුලි වේගයෙන් දිව එනවා . නරඹන්නෝ ඒ දෙස මහත් වූ උද්යෝගයෙන් බලා සිටී. නමුත් පසුව පොරයට පැමිණි ගොනුන් සතර දෙනා එකවරම ආසන්නයටම පැමිණ නැවතත් ආපසු හැරී දිව ගියා. උද්යෝගයෙන් සිටි නරඹන්නන් ගොන් පොරය බලන්නට බැරි වී දුක් වුණා. “ "බුදුජාණන්වහන්සේ : " අනාගතයේ දී රටේ අධාර්මික පාලකයන් නිසා රටේ දේශගුණයත් ,කාලගුණයත් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.කලට වෙලාවට වැසි වසින්නෙ නෑ. ගොවියෝ අහස දිහා බලාගෙන ඉන්නවා.වැසි බලාපොරොත්තුවෙන් . ඔන්න ඔය අතරේ ඝණ වැසි වලාකුළු ඇවිත් අහස වසා ගන්නවා.ගොවියො ගොවිතැනට සැරසෙන්න ගන්නවා . එහෙත් අර වහින්න කියල පැමිණුන වලාකුළු වෙන දිහාවකට පාවෙලා යනවා. වැස්ස බලාපොරොත්ත...

ආගමික ස්ථානවල නිර්මාණ සැලසුම්

Image

බෞද්ධකම වෙනුවෙන් දිවිදීම

Image
”මා ඉගැන්වූ ධර්මය ඇත්තේ කටපාඩම් කරගෙන දේශනා කිරීම සඳහා නොවේ. මාගේ ධර්මයෙහි අරමුණ වන්නේ සසර දුකින් එතෙර වීමය. ගඟකින් එතෙර වන්නට පහුරක් තනා ගන්නා මිනිසා ගෙඟන් එතෙර වූ පසුවද ‘මට මේ පහුර ගෙඟන් එතෙර වීමට ප‍්‍රයෝජනවත් වී’ යයි එය කර තබා ගෙන යා යුතු නොවේ. එහෙයින් බුද්ධිය මෙහෙයවා මා දෙසූ ධර්මයෙන් ප‍්‍රයෝජනය ගන්න.” යනුවෙන් බුදුන්වහන්සේ පහුර කර තබා ගත් මිනිසාගේ උපමාව දෙසා වදාළ සේක.       " මාගේ මේ ව්‍යායාමය රජ සැප විඳීමට නොව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා පමණි. "  තම සටණින් පසු මියගිය එළාර උදෙසා ස්මාරකයක් තැනීමට දුටුගැමුණු රජතුමා කටයුතුකලේ බෞද්ධ දර්ශනයේ හරය අවබෝධකරගත් නිසා වියයුතුය.අප ඔහුට ගෞරව කල යුත්තේ යුද්ධය දිනවූ නිසා නොව බෞද්ධ සිද්ධස්ථාන ගොඩ නැංවූ නිසාය.
 කර්මයට අනුව පුද්ගලයා වෙනස් වන අයුරු බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩසිටින කල්හි බුදු රජාණන් වහන්සේ වෙත පැමිණි සුබ මානවකයා උන්වහන්සේ අමතා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි අඩු ආයුෂ ඇත්තෝ වෙති. වැඩි ආයුෂ ඇත්තෝ වෙති. බොහෝ ආබාධ ඇත්තෝ වෙති. ලෙඩ රෝග ඇත්තෝ වෙති. විරූපී ඇත්තෝ ද වෙති. රූප සම්පත් ඇත්තෝ ද වෙති. මහත් පිරිවර ඇත්තෝ ද වෙති. මහත් පිරිවර නැත්තෝ ද වෙති. වස්තු සම්පත් ඇත්තෝ ද වස්තු සම්පත් නැත්තෝ ද වෙති. පහත් කුල ඇත්තෝ ද, අඥානයෝ ද වෙති. මේ අයුරින් සත්ත්වයාගේ උස් පහත් භේදයට හේතුව නම් කුමක්ද? “ එවිට බුදු රජාණන් වහන්සේ විසින් කර්මයම සත්ත්වයාගේ උස් පහත් බවට හේතු වන්නේ යැයි දක්වමින් කර්මය අනුව සත්ත්වයා ආකාර දහ හතරකට බෙදා වඳාළ සේක. සත්ත්වයා ආයුෂ අඩුවෙන් උපත ලබන්නට හේතු මානවකය, මෙලොව යම් ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් කිසිදු අනුකම්පාවක් දයාවක් නැතිව සත්ත්ව ඝාතනය සිදු කරන්නේ ද හෙතෙම ඒ අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණිය ද අඩු ආයුෂ ඇත්තෙක් වන්නේය. සත්ත්වයා දීර්ඝායුෂ ලැබීමට හේතු මා...

බෝධි පූජාවෙන් සුවය ලැබෙන රහස

Image
                                                                          authorityremedies.com බෝධි පූජාවෙන් තමන්ට විශාල සෙතක් ශාන්තියක් සැලසෙන බව බොහෝ බෞද්ධයෝ විශ්වාස කරති. බෝධියක් සෙවණේ සිටීමෙන් විශාල සහනයක් දැනෙන බවට විශ්වාසයක්ද බෞද්ධ සමාජයේ පවතී. තවත් සමහරුන්ගේ මතය බෝධි පූජාව කිසිදු පලක් නැති මිථ්‍යා ඇදහිල්ලක් බවයි. පුරාණයේ පැවති ගස්වලට වන්දනාමාන කිරීම ආශ්‍රයෙන් ගොඩනගාගත් මිථ්‍යාවක් බවයි. බෝධි පූජාව නිෂ්ඵල මිථ්‍යා ඇදහිල්ලක්ද නැතිනම් එය නූතන විද්‍යාව මගින් පවා තහවුරු කළ හැකි ඵලදායී ක්‍රියාවක්ද යන්න විමසා බැලීම මේ ලිපියේ අරමුණයි. අප අවට ඇති පරිසරය ඇසට නොපෙනන විවිධාකාර ද්‍රව්‍යවලින් යුක්තය. දූවිලි, ජල වාෂ්ප, රොඩු, දුම්, ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් වැනි විවිධ වායු වර්ග ආදිය පරිසරයේ ඇති බව බොහෝදෙනා දනිති. එහෙත් බොහෝදෙනකු නොදන්නා ඇසට නොපෙනන ක්ෂුද්‍ර වස්තු ගණනාවක් අප අවට පරිසරයේ තිබේ...

අත්හැරීම

Image
                                                                                               facebook.com දින කිහිපයකට ඉහතදී මට මා පදිංචිව සිටින නිවසින් වෙනත් නිවසකට යාමට සිදුවිය . සෑහෙන දිගු කලක් මා පදිංචිව සිටි මගේ නවාතැන හැර යාම මා සිතුවාට වඩා අපහසු කටයුත්තක් විය.කාලයක් තිස්සේ එකතු කරගත් බඩු භාණ්ඩ සියල්ල මා අළුත් නවාතැනට ගෙනයා යුතුය .සමහර දේ ඉවත හල යුතුය. අවශ්‍ය ප්‍රමාණයටද වඩා දේවල් ගොඩ ගසා ගෙන ඇත්තෙමි.ඉක්මනටම නොසිතු මොහොතක තවත් තැනකට යන්නට වේ යැයි මට නිකමටවත් සිතුණාද ?මගේ පරණ ලිපින වෙනස්වේ.අළුත් ලිපිනය හැම කෙනෙකුටම දන්වා යැවිය යුතුය .නවාතැන මාරු කිරීමට නිවාඩු ගත යුතුව ඇත.Moving Service එකක සේවාව ලබා ගත යුතුය .සිතට අස්වැසිල්ලක් නැත.ගතටද විඩාවක් දැනෙනු ඇත . මේ එක් ගෙදරකින් තවත් ගෙදරකට යාමේදී සිතුනු දේයි.ජීවිතය හැර යාමට සිදුවන බව දැනග...

පොහොය දින හා ඒවායේ වැදගත්කම

දුරුතු(ජනවාරි) සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ  සඳහන්ය. එහෙයින් මහියංගණ සෑය අද ද බෞද්ධයින්ගේ මහත් ගෞරවාදරයට පත් වූ ස්ථූපයකි. බිමිබිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. ඉසිපතනාරාමයේ වස්කාලය ගතකළ බුදුන් වහන්සේ, දහම් පණිවුඩය ලොව පැතිරවීමට සිය පළමු රහතන්වහන්සේලා 60 නම පිටත් කර යැවුහ. උරුවෙල් දනව්වට වැඩම කර බුදුන් කාශ්‍යප වරුන්ට දහම් දෙසා පිඬු සිඟා පිණිස කුරු රටට වැඩම කරන අතර වාරයේ අනවතප්ත විල අසල දැන් වළඳා සමවත් සුවයෙන් සුවයෙන් සිටිත්දී තෙවන ඇසින් ලොව දෙස බලන කල, එදින ලක්දිව මහානාග වනෝද්‍යානයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ රැස්වීමෙහි කළු පැහැයෙන් යුතු රළු දරුණු පෙනුමකින්, අසංවර බවකින් සිටි මේ පිරිස හික්මවා දමනය කොට තිසරණයෙහි පිහිටුවීමට උන් වහන්සේ ගුවනින් පහළ වී ලක්දිවට වැඩි සේක ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ බුදුරජාණන් වහන්සේ දඹදිව...