Posts

Showing posts with the label නිසඳැස්

හැකිදේ දෙන්න. පරිත්‍යාගයෙන් සතුටුවන්න.

Image
                                          අපායත් දෙව්ලොවත් අතර දුර කිලෝමීටර් කිහිපයක් පමණි.

භාෂා වෙනස් වුවද පුංචි ආදර හිත්වල වෙනසක් නැත.

Image
 

දිලිහි දිලිහි ආකාසේ බබළන මල් තාරකා

Image
  කාලය අපේ ලස්සන හිත් සොරාගෙන ඇත්තේය.  නමුත් පැමිණිලි කරන්නට කිසිවකු නැත.
Image
විශ්වාසය මත රැඳෙන සුව නින්ද රැකියාව හෝ ව්‍යාපාරය ඉහළින් නිදන හස්තියා ලෙසත් පහළින් නිදන මිනිසා මා ලෙසත් ආදේශ කළහොත්, වර්තමානයේ අප බොහෝ දෙනාගේ කථාව මෙයයි.

හිරු කිරණෙන් ලැබූ ජීවිතය

Image
පියා, මව සහ දරුවන්ගේ බර දරා  මිහිකත මෙන් නොසැලී සිටී. තාත්තා යනු පවුලේ ජීවය දෙන හිරුය.අම්මා ඒ ඉරෙන් එළිය ලැබූ සඳයි. ඉරේ අධික රශ්මිය නිසා ඉරට ලන්නොවුනත් ඒ රශ්මිය නිසාම පවුලේ ආරක්ෂාව සැලසේ. හිරු නැති දා සඳද අඳුරුය.

බැබළීම වෙනුවට බැබළවීම

Image
gettyimages බොහෝ මිනිසුන් තමන් නිසා තව දෙයක් බබළවන්නට වඩා තව දෙයක් උපකාරයෙන් තමන් බබළන්නට වෙර දරයි. එහෙත් ශ්‍රේෂ්ඨ මිනිසුන් තමන් නිසා යම් දෙයක් බබළවයි.   පවුල නිසා වෙනුවට පවුල; භාෂාව නිසා වෙනුවට භාෂාව; පළාත නිසා වෙනුවට පළාත ; පරම්පරාව නිසා  වෙනුවට පරම්පරාව; වාසගම නිසා වෙනුවට වාසගම; කුලය නිසා වෙනුවට කුලය; පාසල නිසා වෙනුවට පාසල; රස්සාව නිසා වෙනුවට රස්සාව; ආයතනය නිසා වෙනුවට ආයතනය; පක්ෂය නිසා වෙනුවට පක්ෂය; ජාතිය නිසා වෙනුවට ජාතිය; ආගම නිසා වෙනුවට ආගම; මුදල්, බලය නිසා වෙනුවට රට; බබළවන්න... Youtube

මගේ නොවන එහෙත් මගේම වන ආදරය

Image
ආදරය යනු සංසාර පුරුද්දකි.මේ සා ප්‍රබලව එය මිනිසුන්ට දැනෙන්නට නම් සහතිකවම පෙර සසරේ බලපෑමක්  තිබිය යුතුමය.යහපත් දෙමව්පියන් ලැබීමට,අධ්‍යාපනයක් ලැබීමට  තරම්ම තමන් කැමති කෙනෙකු සමග ජීවත් වීමටද පෙර පිනක් තිබිය යුතුය.ප්‍රියයන් හා එක්වීම සතුටකි.සිද්ධාර්ථ යශෝධරා,නකුල මාතා නකුල පිතා,සාලිය අශෝකමාලා පුරාවෘත සදා අමරණීයය.ප්‍රසිද්ධ නොවුණු පුරාවෘත පසුපසද එවන් වූ කුසල් බලපෑමක් තිබෙණු ඇත.වාසනාවකට හෝ අවාසනාවකට එය මිනිසුන්ට නොපෙනේ. ගිලිහුණු ආදරය ගැන නොතකා වෙන ආදරයක් යමෙකු ලැබුවද අළු යට තිබෙන ගිණි පුපුරු මෙන් එය ඉඳ හිට මතුවී පීඩා කරයි.සමහරෙක් දිවිනසාගනිති.ඇතැමෙක් තනිකඩ වෙති.එසේත් නැත්නම් අපහසුවෙන් හෝ නිර්මාණශීලිව එය එළි දක්වති.මේ සියල්ලම නොලැබූ ආදරය ලබා ගැනීමට ඇති දැඩි කැමැත්ත නිසායි. ජීවිතය පුරා මිනිසුන් ජීවත් වීමට අපමණ දුකක් විඳිති.ආදරයද ඒ දුක්විඳින ජීවිතවලම කොටසකි.එය දම්වැලක ඇමිණු පුරුක් මෙන් ගැළපීමක් නොවිය හැකිය.අන් අයට නොගැළපුනාට ඔහුට හෝ ඇයට එය ගැළපෙනා සේ පෙනෙනු ඇත.ඒ ඔහුට හෝ ඇයට  දැනෙනා ආදර හැඟීම ඔහු හෝ ඇය තනිව රැගෙන ආ දෙයක් බැවිනි . ආදරය අව්‍යාජය.පුජනීයය.මිනිස් නොම...

අඳුර ගලන හැන්දෑවක ...

අඳුර ගලන හැන්දෑවක වෙරල කොනක අත් පටලා බලා හිඳිමු නතරවෙලා හිරු බැසයන සිතුවම දෙස ... ඔය දැගිලි වල උණුසුම විඳිනට එන්නම් භවයම ආසයි මං අද වාගේම ඔබ එනවානම් හවසට ... සුදු වැලි ඉහිරුණු පලසක පා ඔසවමු තුරුළු වෙලා දොඩමළුවෙමු අපේ ලොවට අයෙත් දවසක් එනතුරු ...!