Posts

Showing posts with the label ලස්සන වැඩ

ඔබට තියෙන දෙයින්, ඉන්න තැනින් අරඹන්න

Image
  ඔබට ඉතා කුඩා යමක්  ඔබගෙන් සමාජයට කල හැකිනම්, එය නොපිරිහෙලා ඉටු කරන්න. නානාප්‍රකාර ප්‍රශ්ණ වලින් හෙම්බත්වී බස් රථයකට ගොඩවන මිනිසුන්ගේ හිත් නිවීමම ඔබකරන සේවයකි.

ක්‍රීඩාවෙන් ක්‍රීඩකයකුගේ සමාජ මෙහෙවර

Image
ලෝකයේ විවිධ  ක්‍රීඩා තරු ජනප්‍රිය වනවාත් සමඟ  ඔවුන් ඉබේම වෙළඳ ප්‍රචාරණයට මිලක් ලබා ගනිති. Usain Bolt තමන්ගේ රටේ සුභ සිද්ධිය සඳහා ඔහු සහභාගීවන සියළුම වෙළඳ දැන්වීම් ඔහුගේ මව්බිමේ රූගත කරන ලෙස ඉල්ලීම ශ්‍රේෂ්ඨ හැසිරීමකි.ඉන්දීය ක්‍රීඩක Virat Kohli ලෝකයේම ප්‍රසිද්ධ වෙළඳ සන්නාම වන Pepsi ,Coca Cola සමාගම් සඳහා තමන් ඉදිරිපත් වීමට අකමැති බව ප්‍රසිද්ධියේ පැවසීමට නිර්භය විය. ලංකාවේද අර්ජුණ රණතුංග  කදිම ආදර්ශයක් සෙසු ක්‍රීඩකයින්ට ලබා දුනි.ඒ සියළුම වෙළඳ දැන්වීම් ප්‍රතික්ෂේප කර සමාජ සුභසාධනය වෙනුවෙන් MRI Scanner යන්ත්‍රයක් පිළිකා රෝගීන් වෙනුවෙන් ලබා ගැනීමට පෙනී සිටි වෙළඳ දැන්වීමයි.අරවින්ද ,රොෂාන් ,හෂාන් කීල්ස්‌ සමාගමේ කෘතීම ආහාර සඳහා මුදලට පෙනී සිටියදී අර්ජුන නොමිලයේ ඔහුගේ වගකීම ඉටු කළේය.අද මෙන්  අන්තර්ජාල, පුවත්පත් මාධ්‍ය නොතිබූ සමයක සමහර දෙමව්පියන් පවා සොසේජස් කන ක්‍රීඩකයන් විස්වාස කළහ.පසුකාලින පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනට වඩා ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන මහත්මා ගති තුලින් ප්‍රමුඛ බවට මෙම උදාහරණය පමණක් වුවද සෑහේ ඉන්පසු මෑත කාලයේ ඇන්ජලෝ ,සංගක්කාර,ඩිල්ෂාන්,මහේල ...

පරාජයේ ආශිර්වාදය !

Image

ශක්තිමත් හදවත් වලට දුර්වල අත් පා ශක්තිමත් කල හැක.

දිරියෙන් ජීවිතය ජයගත් දෙපා අහිමි සඳමාලි

Image
ජීවිතය සුන්දරව විඳින්නට සඳමාලිත් අනන්ත සිහින දුටුවාය. ඒත් ජීවිතයේ සුන්දරම වයසේදී ඇගේ ජීවිතය දරුණු සරදමකට ලක්වූයේ නිදහසේ ජීවිතය විදිමින් ඇවිද ගිය දෙපය ඇයට අහිමි කරමිනි. සුන්දර තරුණියක වූ වරුණි සඳමාලි ජයසිංහ මේතරම් දරුණු ලෙස ජීවිතයට දඬුවම් ලැබෙද්දී හැඬුවාය, තැවුණාය. ජීවිතය කුමටදැයි සිතුවාය.ඒත් හිමි ජීවිතය එය නම් ඒ ජීවිතය බාර ගතයුතු බැවින් ඇය ඒ සියල්ල උපේක්ෂාවෙන් දරා ගන්නට හුරු වූවාය.”ලූපස්” නම් ලේ කැටි ගැසීමේ රෝගයකින් පෙළෙන සඳමාලිගේ දකුණු කකුලේ වළලූකරෙන් පහත කොටසත් වම් කකුලෙහි දණහිසෙන් පහළ කොටසත් ඇයට අහිමි වී යන්නේ බොහෝ වද වේදනා, දුක් මැදිනි.දෙකකුල් ඈගේ වූ නිසා මේ රෝගී තත්ත්වයෙන් ඈ විඳි වේදනා අනන්තය.අප‍්‍රමාණය. ආණමඩුවේ උපන් සඳමාලි වත්සලා පුංචි පවුලක වැඩිමල් දියණියයි.අම්මා, තාත්තා සහ නංගී මල්ලීත් සමග සුන්දරව ගෙවූ කාලයක් ඇගේ ජීවිතයේද තිබුණි.ඉරණම ඔවුන් තැන් තැන්වලට විසුරුවන්නට තරම් නපුරු වූයේ පියා ඔවුන් විසූ ඔවුන්ගේම නිවස විකුණා දැමීමෙන් පසුවය.සොඳුරු නිවහනක ජීවත්වූ සඳමාලිගේ ජීවිතයත් එතැන් පටන් දුක් විඳින බෝඩිම්වලට හුරුවුණාය.අම්මා විදෙස් රැුකියාවකට ගියේ ඉන්පසු ජීවිතයට දැනෙන්නට වු අගහි...

නැතිබැරි කම නොඉවසන පියකුගේ දිරිය

Image
පාන්දර යාමේ කුලීවැඩ කරන මාවනැල්ලේ 'පාන්දර' - නිදාගන්නේ දවසට පැය දෙකයි! දිනපතාම නිවසට ටයිල් කැටයක් අරන් ගිහින් සවිකරනවා.. දවසකට පැය දෙකක් පමණක් නිදාගනිමින් තමන්ගේ අරමුණ ජයගන්න වෙර දරණ පියෙකු පිළිබඳව මාවනැල්ල හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ මොලිගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඔහුගේ එකම අරමුණ සිය දියණියන් දෙදෙනාට නිවාස දෙකක් සාදා දී ඔහුන්ගේ අනාගතය වෙනුවෙන් පියෙකු සතු ඉටුකිරීම හා නිවසේ රෝගී තත්වයෙන් පසු වෙන බිරිඳ සුවපත් කරගැනීමයි. හතළිස්තුන් හැවිරිදි මොහු නමින් බි.වි. කුමාරසිංහ නම් වන අතර ඔහුව සියල්ලන් හඳුන්වන්නේ "පාන්දර" යන නාමයෙන්. මෙලෙස ඔහුට පාන්දර යනුවෙන් නමක් පට බැඳි ඇත්තේ සිය රාජකාරිය අලුයම් කාලයේ ආරම්භ කිරීම හේතුව නිසාවෙන්. වැලි ඇදීම, තට්ටු ගණන් උස ගොඩනැගිලිවලට ගඩොල්, මැටල්, සහ අනිකුත් අමුද්‍රව්‍ය රැගෙන යෑම, සහ විශාල වතු උදලු ගෑම, කාණු පද්ධති යෙදිම, කැලෑ කැපීම ඔහුට ලැබෙන රැකියාවන් වනවා. ඔහු පවසන්නේ කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ පල කිරීම මගින් එම වැඩ පල ලබාදෙන අයටද එයින් ලාභයක් මිස පාඩුවක් සිදු නොවෙන බවයි. එලෙස කොන්ත්‍රාත් ක්‍රමයට යම් වැඩක් භාර ගත හොත...

පාසැල නිසා ආඩම්බර අපි වෙනවාද ? අපි නිසා පාසල ආඩම්බර කරවනවාද ?

Image
කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණවල පසුකාලීන බලපෑම (43 වැනි  සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ගුණානුස්‌මරණය නිමිත්තෙනි) තමන්ගේ පාසල නිසා ආඩම්බර වී සමාජජාල තුල කැපී පෙනෙන්නට හදන බොහෝ පිරිස් මේ දිනවල දුටුවෙමි. නිදහස් අධ්‍යාපනය ආරම්භයේදී කොතරම් දුෂ්කර කටයුත්තක් වීද ? එහි ප්‍රතිඵලයෙන් බිහිවූ අප ඒ පිළිබඳව ආඩම්බර විය යුතුද ? නැතිනම් කන්නන්ගර ශ්‍රීමතා මෙන් ශ්‍රේෂ්ඨ මිනිසකු අගය කලයුතුද  ඔහු පිළිබඳව ආඩම්බර විය යුතුද ? කන්නන්ගර මැතිතුමා අධ්‍යාපන ඇමැති වූයේ පූර්ණ නිදහස ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන සමාජයකය. එබඳු සමාජයක අනාගතය සාර්ථක වනුයේ එම ජනතාව තුළ ජාතිකාභිමානය, දේශීය සංස්‌කෘතිය, සාරධර්ම හා සිරිත් විරිත් පිළිබඳ ඇල්ම, සාක්‍ෂරතාව, පාලනය බාර ගැනීමේ පුහුණුව සහ ආත්ම විශ්වාසය වර්ධනය වුවහොත් පමණක්‌ බව කන්නන්ගර ඇමැතිතුමා විශ්වාස කළේය. නූගතුන් පිරි සමාජයක්‌ උගත් සමාජයක්‌ බවට පත් කිරීමටත්, ආත්ම විශ්වාසයෙන් හීන ජනතාවක්‌, ආත්ම විශ්වාසයෙන් යුතු ජනතාවක්‌ බවට පත් කිරීමටත් එතුමා උනන්දු විය. ගම්බද දුප්පත් නූගත් ගැමි ජනතාවට දැනුම ලබා දී ඔවුන් අතින් ගිලිහී ගිය අභිමානය, පිර...

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක ප්‍රැන්සිස් මොලමුරේ සිරගෙට යැවූ අනාචාර චෝදනාව

Image
උතුරු ඉන්දියාවේ ගයා නුවර උපන් ලීලාවති මියුරියල් සුරූපී යුවතියක වූවාය. ඇය විවාහ වූයේ ‍ෙදාස්තර සී. වී. අසරප්පා තරුණයා සමඟ 1919දීය. ඉන් ටික කලකට පසු මේ යුවළ ලංකාවට විත් කොළඹ පදිංචි වී විවිධ සමාජ සේවා කටයුතුවල නිරත වූහ. 1931දී පමණ ‍ෙදාස්තර අසරප්පා කොළඹ නගර සභාවේ වෛද්‍ය නිලධාරි තනතුරට පත් විය. එය සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසු මුල්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවට නියෝජිතයන් තෝරා ගන්නා මැතිවරණය පැවැත්වෙන සමය විය. ඊට නාම යෝජනා භාර ගැනීමේදී දැදිගම ආසනයට ඉදිරිපත් වූයේ නීතිඥ ප්‍රැන්සිස් මොලමුරේ මහතාය. ඔහු විවාහ වී සිටියේ ඇඩ්ලින් මොලමුරේ කුමාරිහාමි මහත්මිය සමඟය. 1931 මැතිවරණයෙන් පසු රුවන්වැල්ල ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණයෙන් ජය ගෙන මෙරට ව්‍යවස්ථාදායකයට පත්වූ ප්‍රථම කාන්තාව වූයේ ඇයයි. මැතිවරණයෙන් පසු ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපතිවරයා ලෙස තෝරා ගන්නා ලද්දේ නීතිඥ මොලමුරේ මහතාය. එකල මෙම තනතුර පුවත්පත් හඳුන්වා තිබුණේ "කථිෂ්වර" නමිනි. මොලමුරේ මහතාද එකල රූපයෙන් ප්‍රභාවත් පුද්ගලයකුව සිටියේය. සමාජ සේවා කටයුතුවලදී හමුවූ ‍ෙදාස්තර අසරප්පාත් ඔහුගේ සුරූපී බිරිය මියුරියල් අතරත් දැඩ...

කුණු බක්කියේ පිපුණු තායිලන්ත රෝස කුසුම

Image
dailymail.co.uk ඕනෑම කිරුළක් වැඩිපුරම ලස්සන මහ ‍පොළොවට එය කිට්ටු වුණ තරමට… ඒත් කිරුළු හිස පලඳන හුඟක් අය කැමැතිම මහ ‍පොළොවට හුඟක් උඩින් ජීවත් වෙන්න. හැබැයි මහ ‍පොළොව මත ජීවත්වන කිරුළු පලන් අයත් මේ ලෝකේ නැතිවාම නොවෙයි. මේ තායිලන්ත රූප සුන්දරියත් එවැන්නියක්.මිනිසකු මැනිය යුත්තේ ඔහු හෝ ඇය පැමිණි සමාජ පසුබිමෙන් නොවන බව අදහන මේ රුවැත්තියගේ නම කනිත්තා පේසන්. පසුගිය වසරක තායිලන්තයේ පැවැත් වුණු Miss Uncensored News Thailand තරගාවලියේ ජයග්‍රාහිකාව වුණේ ඇය. dailymail.co.uk රූප සුන්දරියක් කිරුළු පලන් හිස බිම ඔබා සිය වැදූ මව ඉදිරිපිට වැඳ වැටෙන ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. ඒ තමයි ඇය. අපේ කතාවේ නායිකාව… කනිත්තා පේසන්. විශේෂත්වය වන්නේ ඇගේ මව තායිලන්තයේ කසළ ශෝධිකාවක වීම. රටේම රුවැත්තිය හැටියට කිරුළ හිස පැලඳුවත්, ඇය නගරයේ කසළ එකතුකරන මව ඉදිරිපිට වැඳවැටෙන්නට ලැජ්ජා වන්නේ නැහැ.රූ රැජිනක් හැටියට කිරුළ හිස පලඳින විට කනිත්තා පේසන්ගේ වයස අවුරුදු 17 යි. Daily Mail වබේ අඩවියට ඇය තමාගේ කතාව පෙළගස්වා තිබුණේ  මේ ආකාරයටයි. “මගේ අතපය මේ තරම් සිනිඳු සහ මටසිලිටි වුණේ මගේ අම්ම...