Posts

Showing posts with the label අල්ලස් දුෂණ සහ අක්‍රමිකතා

මහේල ජයවර්ධන ඔබ ශ්‍රී ලංකාව කියන රටට ණයයි.තමන්ගේ රට වෙනුවෙන් කෙලින් හිටගන්නට ඔබට ධෛර්යය ලැබේවා !

Image
  මහේල ජයවර්ධනගේ ප්‍රකාශ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයේ අභියෝගය ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව තවත් කතාබහක් නිර්මාණය කරමින් මහේල ජයවර්ධන මහතා මෑතකදී අදහස් කිහිපයක් පළ කර තිබේ. ඔහුගේ විශ්ලේෂණයට අනුව: ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඉවත් කිරීම: ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සංචිතයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නිවැරදි වුවද, දැනට සිටින යොවුන් ක්‍රීඩකයින්ගේ තාක්ෂණික කුසලතා (Skills) සහ ජාත්‍යන්තර තරඟ පළපුරුද්ද (Experience) තවමත් ප්‍රමාණවත් මට්ටමක නැත. ප්‍රේක්ෂක බලාපොරොත්තු: ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින් වර්තමාන කණ්ඩායම කෙරෙහි අනවශ්‍ය හෝ අධික බලාපොරොත්තු තබා නොගත යුතුය. පාලනාධිකාරිය සහ දක්ෂතා: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා ඇතුළු පාලනාධිකාරියේ චෝදනා හෝ අක්‍රමිකතා කණ්ඩායමේ පිටිය ඇතුළත දක්ෂතාවලට (Performances) සෘජුව බලනොපායි. අප හමුවේ ඇති ගැඹුරු ප්‍රශ්නාර්ථය කණ්ඩායමේ උපායමාර්ගික උපදේශකත්වය (Strategic Decisions) වෙනුවෙන් මසකට ඩොලර් 10,000ක අධික පිරිවැයක් දරද්දීත්, යොවුන් ක්‍රීඩකයින්ගේ කුසලතා සහ පළපුරුද්ද තවමත් මදි නම් එම තනතුරෙන් සිදුවන කාර්යභාරය කුමක්ද? ඉදිරි ඕවර 50 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය...

ණය කළමනාකරණය සහ විනිවිදභාවය.

Image
අප්‍රතිසංස්කරණය කළ ආර්ථිකයක තිත්ත යථාර්ථය: සහනාධාර අත්හැර නිෂ්පාදනයට යන මඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි ආයතනයක් ණයගැති රටකට ලබාදෙන මූලිකම පණිවිඩය වන්නේ රාජ්‍ය සේවයේ ප්‍රමාණය හකුලුවාලීම, ඵලදායී නොවන සහනාධාර අවම කිරීම, ආදායම් උපයන ක්‍රමවේද නංවාලීම සහ ජාතික ඵලදායිතාව ඉහළ නැංවීමයි. කෙසේ වෙතත්, අතීතයේ සිටම අපේ පාලකයන් කළේ මෙම ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ මඟහැර, චීනය වැනි තෙවන පාර්ශවයන්ගෙන් තව තවත් පහසු ණය ගනිමින් පවතින අර්බුදය තාවකාලිකව කල් දැමීමයි. මේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා අද අප පැමිණ සිටින අගාධයේ තරම රූපසටහනේ ඇති දත්ත මඟින් මැනවින් පැහැදිලි වේ : 1952 – 1977: ඒක පුද්ගල ණය බර රු. 131 සිට රු. 1,792 දක්වා ඉතා සෙමින් වර්ධනය විය . 1988 – 2004: ක්‍රමයෙන් ඉහළ ගිය ඒක පුද්ගල ණය බර 2004 වන විට රු. 113,357 දක්වා ළඟා විය . 2015 – 2020: 2015 දී රු. 360,326 ක් වූ ඒක පුද්ගල ණය බර , 2019 දී රු. 597,695 දක්වාත් , 2020 වන විට රු. 690,285 දක්වාත් අති විශාල ලෙස ඉහළ ගියේය . අද වන විට මෙරට උපදින අලුත උපන් දරුවෙකු පවා ලක්ෂ 9කට ආසන්න ණය බරක් කරපින්නාගෙන උපදින්නේ මෙකී වැරදි ආර්ථික...

කෝවිඩ් මාත්‍රාව සඳහා මන්ත්‍රීගේ අනුමැතියක් අවශ්‍යව ඇත.

Image
  දේශපාලන වර්ණයට යටවූ වැක්සීනය සහ අහිමිවන අහිංසක ජීවිත එන්නත් මාත්‍රාව ලබා ගැනීමටත් දේශපාලනඥයාගේ ලිපියක් හෝ අනුමැතියක් අවශ්‍ය යුගයක් උදාවී තිබීම සැබවින්ම ඛේදනීයය. වසංගතයක් හමුවේ මානව ජීවිතයකට ඇති වටිනාකම මැනීමට දේශපාලන පක්ෂයක සාමාජිකත්වය නිර්ණායකයක් කරගන්නේ කෙසේද? රෝග බියට හෝ මරණයට දේශපාලන පක්ෂයක්, පැහැයක් හෝ භේදයක් නොමැත. මාරාන්තික වෛරසය කාටත් පොදු වන්නා සේම, ඊට එරෙහිව ඇති ජීවිතාරක්ෂක එන්නතද සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමකි. එකම පක්ෂයක ගැත්තන්ට හෝ බලවතුන්ට පමණක් ජීවත්වීමේ අයිතිය සීමාකර, සෙසු ජනතාව මරණයට තල්ලු කර දැමීම නාගරික ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට කිසිසේත්ම නොගැලපේ. බලධාරීන් වහා තේරුම් ගත යුත්තේ එන්නත යනු දේශපාලන ඡන්ද ගුණඩුවක් හෝ පාක්ෂිකයන්ට බෙදාදෙන තෑග්ගක් නොවන බවයි. එය සමස්ත ජාතියේම ජීවිතාරක්ෂක පවුරයි. වගකිවයුතු රාජ්‍යයක වගකීම විය යුත්තේ පක්ෂ පාට පසෙකලා, පෝලිම් සහ නිර්දේශ පත්‍රිකා නැතිව සෑම පුරවැසියෙකුටම සාධාරණව එන්නත ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමයි. අපට අවශ්‍ය කරන්නේ දේශපාලන හිතවත්කම් මත බෙදෙන එන්නත් මාත්‍රාවක් නොව, සියලු වැසියන්ගේ ජීවිත සුරකින සාධාරණ සෞඛ්‍ය පද්ධතියකි...

ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී

Image
  නීතියේ රැකවලුන්ද? දේශපාලනයේ බූදලයක්ද? – ශ්‍රී ලංකා පොලිසිය අලුතින් ලියන්නට කාලය යටයි! රටේ නීතිය හා සාමය රැකිය යුතු පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහානිය දෙස බල බලා සුසුම් හෙලූ වාර ගණන අනන්තය. ජනතාවගේ බදු මුදලින් යැපෙමින්, ජනතාවගේ ආරක්ෂකයා විය යුතු පොලිස් නිලධාරියා, අද බොහෝ දෙනෙකුගේ නෙතට පෙනෙන්නේ භීතියේ සහ දූෂණයේ සංකේතයක් ලෙසයි. පුවත්පත් පිටු අතර සිරවුණු පුවත් දෙස මොහොතක් බලන්න. අල්ලස් කොමිසමට කොටුවන උසස් පොලිස් නිලධාරීන්, පස් ජාවාරම්කරුවන්ගෙන් සහ ගංජා හේන් හිමියන්ගෙන් මාසික කප්පම් ගන්නා නිලධාරීන් ගැන වාර්තා දිනපතාම වාගේ පුවත්පත්වල මුල් පිටු සරසයි. නමුත් ඊටත් වඩා භයානක සංස්කෘතියක් මේ පද්ධතිය තුළ මුල් බැස තිබේ. ඒ දේශපාලන ගැතිභාවයයි. අධිකරණයෙන් මිනීමැරුම් චෝදනාවලට වරදකරු වූ දුමින්ද සිල්වා වැන්නන් බන්ධනාගාරයේ සිට එළියට එද්දී, නීතිය ක්‍රියාත්මක කළ යුතු ඇතැම් නිලධාරීන් ඔහුට ආචාර (Salute) කළ පුවත අපේ නීතියේ ආධිපත්‍යයට එල්ල කළ මාරාන්තික පහරක් නොවන්නේද? එමෙන්ම, පසුගිය පාලන සමයන්හිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ වුවමනාවට, විමල් වීරවංශලා කොටුවේදී කළ උද්ඝෝෂණ සඳහා පොලිස් බලතල නමමින්, දේශපාලන...

කුණුවී පල්වෙන පරම්පරාවන්

Image
 

සංකේතයට සීමාවූ බොහෝ දේ අපවිසින් නිර්මාණය කරගතයුතුව ඇත

Image
  සංකේතයට සීමාවූ බොහෝ දේ අපවිසින් නිර්මාණය කරගතයුතුව ඇත

ලැබූ ශිල්පයට ණය ගෙවූ මැතිතුමනි ඔබට නිවන්සුව!

Image
  ඉටු කළ යුතු යුතුකම්  ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුලුවන්නම්  නුඹයි මගේ පුතා උතුම්

නිදහස් අධ්‍යාපනයේ ණය ගෙවීම

Image
ගෙවීමකින් තොර අධ්‍යාපනයක වටිනාකම වෙනත් රටක මිනිසුන් අධ්‍යාපනය ලැබීම සඳහා යොදවන මුදල පිළිබඳව අවබෝධයක් ලැබූ පසු වටහා ගතිමි. ණය ගෙවීමට පින් බිමේ සිටිය යුතුව ඇති මුත් හිතේ සවියෙන්,දැනුමේ මහිමෙන් එහි කල හැකි දෙයක් නැත. කුසලතාවට වඩා හිත් දිනීමේ රහස් එහි ප්‍රගුණ කල යුතුව ඇත.   වෙරළෙන් එහා සිට උගත් ශිල්පයටවූ ණය ගැන පසු තැවුණද ,දණ ගහන ආර්ථීකයකට යන්තමින් හෝ සවියක් වීම පිළිබඳව සතුටු වෙමි. Ref: https://www.colombotelegraph.com/index.php/should-sri-lankan-students-pay-a-fraction-of-their-university-costs/

ඉතිහාසගත රාජ කුමන්ත්‍රණ

Image

වැලිකඩ සිරකරු ඝාතනය : රංගජීව, එමිල් සහ ජනමාධ්‍ය

Image
2012 නොවැම්බර් 9 වැනිදා සහ 10 වැනිදා අලුයම දක්වා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ සිරකරුවන් ඝාතනය කිරීමට අදාළව එවකට කොළඹ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධානියාව සිටි වර්තමාන බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවගේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක මොසෙස් රංගජීව නියෝමාල් ඉකුත් 28 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදි. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් එලෙස අත්අඩංගුවට ගෙන 29 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා ඔවුන්ව ලබන 10 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදි. 28 වැනිදා සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් අසනීපයෙන් පෙලෙන බව දන්වා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් සැකකරුවන් සිටි කොළඹ ජාතික රෝහලට ගොස් පරීක්ෂා කර රිමාන්ඩ් කරන ලෙස මෙලෙස නියෝග කර තිබේ. ඔවුන් රිමාන්ඩ් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට බන්ධනාගාර රෝහලට මාරු කර යවා ඇති අතර මාධ්‍ය වාර්තා කරන්නේ බන්ධනාගාර ‍රෝහලේ රඳවනවා වෙනුවට ඔවුන් නිලධාරී විවේක කාමරයේ රඳවා තබා වැඩි පහසුකම් ලබා දී...

අපේ රථ වාහන පොලීසිය

අද අප රටේ ඇතැම් නාගරික ප්‍රදේශයන් හැරෙන්නට ග්‍රාමීය ප්‍රදේශවල පුළුල් මාර්ග පද්ධතියක් නොමැත. මෙවැනි ප්‍රදේශවල යෑමට ඊමට (වම දකුණ ලෙස) මං තීරු දෙකක් ලෙස බෙදා වෙන්කොට ඇතත්, එවායේ පරිමාණය අනුව මංතීරු එකකටවත් යෝග්‍ය වන අයුරින් වාහන ධාවනයේ යෙදවීමට තරම් ඉඩකඩක් නොමැත. විශේෂයෙන් කඳුරට මාර්ගයන්හි තදබද වංගු සහිත ස්ථානයන්හි පවතින මංතීරු දෙක ඇතුළත බරවාහන දෙකක් හුවමාරුවට ඉමහත් පරිශ්‍රමයක් දැරිය යුතුය. එයට හේතුව කඩඉරි සටහන රිය සක අනුව ප්‍රමාණවත් පළලින් නොමැති වීමය. මෙය කෙසේ වෙතත් පොලිස් රථවාහන අංශ නිලධාරීන්ට නම්, යම් රියැදුරෙක් එකී කඩඉරි කිසියම් අංශු මාත්‍රයකින් හෝ තැවරී ගමන් කළ විට එය මාර්ග නීති කඩකළ ක්‍රියාවක් වන්නේය. 

නාලක හේවාමද්දුම

Image
තවදුරටත් පෞරුෂ වර්ධන වැඩසටහන් හරහා අහිංසක මිනිසුන් රැවටීමට ඔබට සදාචාරාත්මක අයිතියක් නැත. ඔබගේ පෞරුෂය ඉතා දුර්වලය .ක්‍රීඩාවේ අංකුර මෙසේ දුෂිත නායකයින් ඉදිරිපිට දේශපාලනිකරණය කර අභිමානය බිඳ හෙලීම මහත්මයකුට තරම් නොවේ. ඔබගේ පෞරුෂය දියුණු කරගැනීමට ඔබ විසින් වහා කටයුතු කල යුතුව ඇත.   

රාජ්‍ය සේවය සහ බැඳුණු සන්තෑසිය

අතිශය ගෞරවාන්විත රැකියාවක් අද පත්ව ඇති ඉරණම සඳහා වගඋත්තර බැඳිය යුත්තේ කව්රුන්ද ? පවත්නා කම්කරු,සේවක නීති අනුව සේවකයකු රැකියාවෙන් අයින් කිරීම ඉතා අපහසුය.එය සේවකයාගේ පැත්තෙන් බැලු කල ඉතාම හොඳය.නමුත් එවන් සේවකයකුගෙන් අපේක්ෂිත ප්‍රතිඵලයක් ගැනීමට රජයට නොහැකිනම් කළහැකි දේ ඇත්තේ දෙකක් පමණි . රාජ්‍ය පරිපාලනයේ අකාර්යක්ෂමතාවය සේවකයන් බඳවා ගැනීමේදී සුදුස්සන් වෙනුවට නුසුදුස්සන් බඳවා ගැනීම. රාජ්‍ය පරිපාලනයේ අකාර්යක්ෂමතාව පිළිබඳව ඒ හා බැඳුනු අමාත්‍යංශයක් ,නිළධාරීන් සහ ඇමති දෙපොළක් සිටිති.පරිපාලනය,සුභසාධනය ,උසස්වීම ,පුහුණුව,නීති ප්‍රතිපාදන ආදී කටයුතුවල වගකීම ඔවුන්ගෙන් මහජනතාව අපේක්ෂාකරන දෙයයි .එය එසේ සිදුනොවෙනම් එය සෘජුවම දෙවන කාරණයට බලපායි. දෙවන කාරණය වන නුසුදුස්සන්ට රැකියා දීම කාලයක් පුරාවට රටේ සිදුවන්නකි.තම දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දෙන පුද්ගලයින්ට සහ හිතමිතුරන්ට සුදුසුකම්වලින් තොරව රැකියා වලින් සංග්‍රහ කිරීම ආකාර දෙකකින් අහිතකරය.පළමුවැන්න නම් අධ්‍යාපන සුදුසුකම්, මෘදු කුසලතා සම්පුර්ණ නැති අයවලුන් රැකියා ගැනීම නිසා සුදුස්සන් කළකිරීමයි.දෙවැන්න නම් රැකියා ලැබූ නුසුදුස්ස...

ඉටු කොට කලයුතු යුතුකම්

Image
ඉටු කොට කලයුතු යුතුකම් - ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් -ඔබයි මගේ පුතා උතුම් උපදින සිංහල නායකයින් තිඹිරිගෙය තුලම මියයන්නේ, ඔවුන්ගේ හොඳ අගය කිරීමට, නරක පෙන්වාදීමට ජාතියක් ලෙස අප අසමත් වීම නිසාය. එය තේරුම් නොගෙන කොතෙකුත් අනෙකුත් ජාතීන්ට,ආගම් වලට වෛර කලද සැනසීමක් නොලැබෙනු ඇත. සමාජයට කලයුතු යුතුකම් ඉටු කරමින් අප නින්දා ලබන්නේ ඇයි ?

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක ප්‍රැන්සිස් මොලමුරේ සිරගෙට යැවූ අනාචාර චෝදනාව

Image
උතුරු ඉන්දියාවේ ගයා නුවර උපන් ලීලාවති මියුරියල් සුරූපී යුවතියක වූවාය. ඇය විවාහ වූයේ ‍ෙදාස්තර සී. වී. අසරප්පා තරුණයා සමඟ 1919දීය. ඉන් ටික කලකට පසු මේ යුවළ ලංකාවට විත් කොළඹ පදිංචි වී විවිධ සමාජ සේවා කටයුතුවල නිරත වූහ. 1931දී පමණ ‍ෙදාස්තර අසරප්පා කොළඹ නගර සභාවේ වෛද්‍ය නිලධාරි තනතුරට පත් විය. එය සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසු මුල්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවට නියෝජිතයන් තෝරා ගන්නා මැතිවරණය පැවැත්වෙන සමය විය. ඊට නාම යෝජනා භාර ගැනීමේදී දැදිගම ආසනයට ඉදිරිපත් වූයේ නීතිඥ ප්‍රැන්සිස් මොලමුරේ මහතාය. ඔහු විවාහ වී සිටියේ ඇඩ්ලින් මොලමුරේ කුමාරිහාමි මහත්මිය සමඟය. 1931 මැතිවරණයෙන් පසු රුවන්වැල්ල ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණයෙන් ජය ගෙන මෙරට ව්‍යවස්ථාදායකයට පත්වූ ප්‍රථම කාන්තාව වූයේ ඇයයි. මැතිවරණයෙන් පසු ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපතිවරයා ලෙස තෝරා ගන්නා ලද්දේ නීතිඥ මොලමුරේ මහතාය. එකල මෙම තනතුර පුවත්පත් හඳුන්වා තිබුණේ "කථිෂ්වර" නමිනි. මොලමුරේ මහතාද එකල රූපයෙන් ප්‍රභාවත් පුද්ගලයකුව සිටියේය. සමාජ සේවා කටයුතුවලදී හමුවූ ‍ෙදාස්තර අසරප්පාත් ඔහුගේ සුරූපී බිරිය මියුරියල් අතරත් දැඩ...