Posts

Showing posts with the label කැත වැඩ

කෝවිඩ් මාත්‍රාව සඳහා මන්ත්‍රීගේ අනුමැතියක් අවශ්‍යව ඇත.

Image
  දේශපාලන වර්ණයට යටවූ වැක්සීනය සහ අහිමිවන අහිංසක ජීවිත එන්නත් මාත්‍රාව ලබා ගැනීමටත් දේශපාලනඥයාගේ ලිපියක් හෝ අනුමැතියක් අවශ්‍ය යුගයක් උදාවී තිබීම සැබවින්ම ඛේදනීයය. වසංගතයක් හමුවේ මානව ජීවිතයකට ඇති වටිනාකම මැනීමට දේශපාලන පක්ෂයක සාමාජිකත්වය නිර්ණායකයක් කරගන්නේ කෙසේද? රෝග බියට හෝ මරණයට දේශපාලන පක්ෂයක්, පැහැයක් හෝ භේදයක් නොමැත. මාරාන්තික වෛරසය කාටත් පොදු වන්නා සේම, ඊට එරෙහිව ඇති ජීවිතාරක්ෂක එන්නතද සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමකි. එකම පක්ෂයක ගැත්තන්ට හෝ බලවතුන්ට පමණක් ජීවත්වීමේ අයිතිය සීමාකර, සෙසු ජනතාව මරණයට තල්ලු කර දැමීම නාගරික ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට කිසිසේත්ම නොගැලපේ. බලධාරීන් වහා තේරුම් ගත යුත්තේ එන්නත යනු දේශපාලන ඡන්ද ගුණඩුවක් හෝ පාක්ෂිකයන්ට බෙදාදෙන තෑග්ගක් නොවන බවයි. එය සමස්ත ජාතියේම ජීවිතාරක්ෂක පවුරයි. වගකිවයුතු රාජ්‍යයක වගකීම විය යුත්තේ පක්ෂ පාට පසෙකලා, පෝලිම් සහ නිර්දේශ පත්‍රිකා නැතිව සෑම පුරවැසියෙකුටම සාධාරණව එන්නත ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමයි. අපට අවශ්‍ය කරන්නේ දේශපාලන හිතවත්කම් මත බෙදෙන එන්නත් මාත්‍රාවක් නොව, සියලු වැසියන්ගේ ජීවිත සුරකින සාධාරණ සෞඛ්‍ය පද්ධතියකි...

කථා කරන පින්තූර

Image
  දේශපාලන භක්තිය සහ පන්ති යථාර්ථය: ස්ටිකරයෙන් වසා දැමිය නොහැකි ජීවිතයේ අභියෝගය ඡායාරූපයෙන් පෙනෙන මෙම දසුන වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයේ පවතින ගැඹුරු සහ සංකීර්ණ දේශපාලන මානසිකත්වය මොනවට පැහැදිලි කරයි. තමන් දිනපතා ජීවිතය ගැටගසා ගැනීමට දැඩි වෙහෙසක් දරන, පරණ යතුරුපැදියක් පදවන අහිංසක සාමාන්‍ය පුරවැසියෙකු සිය වාහනය පුරා දේශපාලන නායකයන්ගේ (මහින්ද රාජපක්ෂ මහතාගේ) ස්ටිකර් අලවාගෙන සිටින අයුරුය . මේ ඡයාරූපය තුළින් මතුවන ප්‍රධාන පාඩම් සහ යථාර්ථයන් කිහිපයකි: අන්ධ භක්තිය සහ දේශපාලන රැවටීම: තමන් මුහුණ දෙන අතිශය දුෂ්කර ආර්ථික පීඩනය සහ දෛනික ජීවන අරගලය හමුවේ වුවද, රටේ මෙතෙක් පැවැති දේශපාලන පන්තිය කෙරෙහි ඇති නොසැලෙන භක්තිය ඉවත් වී නැත . පන්ති ප්‍රතිමුඛතාව: තමන්ගේ නායකයා ලෙස අදහන පුද්ගලයන් සැපපහසු ජීවිත ගත කරද්දී, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සාමාන්‍ය ජනතාව තවමත් පාරේ අතිශය අමාරුවෙන් ජීවිතය ගැටගසා ගැනීමට අරගල කරති . සමකාලීන සමාජ මානසිකත්වය: රටේ ආර්ථිකය කඩා වැටීමට වගකිවයුතු ක්‍රමවේදයන් සහ නායකත්වයන්ට තවමත් චන්දය සහ මානසික පක්ෂපාතීත්වය නොඅඩුව ලැබීම, අප තවමත් ඉන් මිදී නොමැති බවට කදිම නිදසුනකි . ...

ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී

Image
  නීතියේ රැකවලුන්ද? දේශපාලනයේ බූදලයක්ද? – ශ්‍රී ලංකා පොලිසිය අලුතින් ලියන්නට කාලය යටයි! රටේ නීතිය හා සාමය රැකිය යුතු පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහානිය දෙස බල බලා සුසුම් හෙලූ වාර ගණන අනන්තය. ජනතාවගේ බදු මුදලින් යැපෙමින්, ජනතාවගේ ආරක්ෂකයා විය යුතු පොලිස් නිලධාරියා, අද බොහෝ දෙනෙකුගේ නෙතට පෙනෙන්නේ භීතියේ සහ දූෂණයේ සංකේතයක් ලෙසයි. පුවත්පත් පිටු අතර සිරවුණු පුවත් දෙස මොහොතක් බලන්න. අල්ලස් කොමිසමට කොටුවන උසස් පොලිස් නිලධාරීන්, පස් ජාවාරම්කරුවන්ගෙන් සහ ගංජා හේන් හිමියන්ගෙන් මාසික කප්පම් ගන්නා නිලධාරීන් ගැන වාර්තා දිනපතාම වාගේ පුවත්පත්වල මුල් පිටු සරසයි. නමුත් ඊටත් වඩා භයානක සංස්කෘතියක් මේ පද්ධතිය තුළ මුල් බැස තිබේ. ඒ දේශපාලන ගැතිභාවයයි. අධිකරණයෙන් මිනීමැරුම් චෝදනාවලට වරදකරු වූ දුමින්ද සිල්වා වැන්නන් බන්ධනාගාරයේ සිට එළියට එද්දී, නීතිය ක්‍රියාත්මක කළ යුතු ඇතැම් නිලධාරීන් ඔහුට ආචාර (Salute) කළ පුවත අපේ නීතියේ ආධිපත්‍යයට එල්ල කළ මාරාන්තික පහරක් නොවන්නේද? එමෙන්ම, පසුගිය පාලන සමයන්හිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ වුවමනාවට, විමල් වීරවංශලා කොටුවේදී කළ උද්ඝෝෂණ සඳහා පොලිස් බලතල නමමින්, දේශපාලන...

මාධ්‍ය නිදහස සහ වල් බුරු නිදහස

Image
පරදේශක්කාර සුද්දන් වර්ජනය පැත්තකින් තබා අඩුම තරමේ අමාරුවෙන් රැකෙන සිංහල භාෂාව තවදුරටත් නැසීමෙන් වළකිමු.

ඔබ නසන්නේ ඔබගේ වෘත්තියේ සුසුම්නාවයි

Image
වෛද්‍ය මාෆියාව උපරිම මට්ටමට පැමිණ ඇත.නියපොත්තෙන් කපන්න තිබුණු දෙය දැන් පොරවෙන් වත් කපන්නට බැරිය.ශ්‍රේෂ්ඨ වෛද්‍ය  වෘත්තිය අවමන් ලබන කාලය ඉතාම නුදුරිණි අවමන් ලැබීම රටට අහිතකර වන්නේ  අද හෙට යැයි සිතුවොත් එය අප වරදවා වටහා ගැනීමකි. කෙලෙසුණු අභිමානය සහ ගෞරවය යළි ලබා ගැනීම සමහරවිට සිහිනයක් පමණක් විය හැකිය . බො රලැස්ගමුව මහරගම පාරේ නිවෙසක පසුගිය 29 වැනිදා පිරිත් පින්කමක් පැවැත්වෙමින් තිබුණේ දින තුනකට පෙර 83 වැනි වියට එළැඹි මෑණියන්ට ආශිර්වාද පැතීමටයි. ඊට එම මෑණියන්ගේ දුවා දරුවන් මෙන්ම මුනුපුරු මිනිපිරියන්ද ඇතුළු බොහෝ නෑසියෝ එක්ව සිටියහ. සතුට උතුරා ගලා යන මොහොතක් වූ එම අවස්ථාවේ සිය මෑණියන්ට සෙත් පැතීමට පොලිස් පරීක්ෂකවරයකු වූ අජන්ත ගාමිණි මහතා ද එක්වූයේ තම බිරිය සහ දරුවන් දෙදෙනා සමඟ එදින රාත්‍රී 8.30ට පමණය. මෑණියන්ට සෙත් පතා ඥාති හිතෛෂීන් සමඟ සතුටු සාමිචීයේ යෙදුණු ගාමිණි මෑණියන් අතින් උපන්දින කේක් කෑල්ලක් කන අතරේ කීවේ, “අම්මේ අපි රෑම යනවා. මට හෙට උදෙන්ම කුරුණෑගල මඟුල් ගෙදරක යන්න තියෙනවා.” කියාය. එදා එලෙස මෑණියන්ගෙන් මෙන්ම සියලු නෑසියන්ගෙන් සමුගෙන ගාමිණි, බිරිය සහ ද...

ඉතිහාසගත රාජ කුමන්ත්‍රණ

Image

වැලිකඩ සිරකරු ඝාතනය : රංගජීව, එමිල් සහ ජනමාධ්‍ය

Image
2012 නොවැම්බර් 9 වැනිදා සහ 10 වැනිදා අලුයම දක්වා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ සිරකරුවන් ඝාතනය කිරීමට අදාළව එවකට කොළඹ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධානියාව සිටි වර්තමාන බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවගේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක මොසෙස් රංගජීව නියෝමාල් ඉකුත් 28 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදි. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් එලෙස අත්අඩංගුවට ගෙන 29 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා ඔවුන්ව ලබන 10 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදි. 28 වැනිදා සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් අසනීපයෙන් පෙලෙන බව දන්වා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් සැකකරුවන් සිටි කොළඹ ජාතික රෝහලට ගොස් පරීක්ෂා කර රිමාන්ඩ් කරන ලෙස මෙලෙස නියෝග කර තිබේ. ඔවුන් රිමාන්ඩ් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට බන්ධනාගාර රෝහලට මාරු කර යවා ඇති අතර මාධ්‍ය වාර්තා කරන්නේ බන්ධනාගාර ‍රෝහලේ රඳවනවා වෙනුවට ඔවුන් නිලධාරී විවේක කාමරයේ රඳවා තබා වැඩි පහසුකම් ලබා දී...

අපේ රථ වාහන පොලීසිය

අද අප රටේ ඇතැම් නාගරික ප්‍රදේශයන් හැරෙන්නට ග්‍රාමීය ප්‍රදේශවල පුළුල් මාර්ග පද්ධතියක් නොමැත. මෙවැනි ප්‍රදේශවල යෑමට ඊමට (වම දකුණ ලෙස) මං තීරු දෙකක් ලෙස බෙදා වෙන්කොට ඇතත්, එවායේ පරිමාණය අනුව මංතීරු එකකටවත් යෝග්‍ය වන අයුරින් වාහන ධාවනයේ යෙදවීමට තරම් ඉඩකඩක් නොමැත. විශේෂයෙන් කඳුරට මාර්ගයන්හි තදබද වංගු සහිත ස්ථානයන්හි පවතින මංතීරු දෙක ඇතුළත බරවාහන දෙකක් හුවමාරුවට ඉමහත් පරිශ්‍රමයක් දැරිය යුතුය. එයට හේතුව කඩඉරි සටහන රිය සක අනුව ප්‍රමාණවත් පළලින් නොමැති වීමය. මෙය කෙසේ වෙතත් පොලිස් රථවාහන අංශ නිලධාරීන්ට නම්, යම් රියැදුරෙක් එකී කඩඉරි කිසියම් අංශු මාත්‍රයකින් හෝ තැවරී ගමන් කළ විට එය මාර්ග නීති කඩකළ ක්‍රියාවක් වන්නේය. 

නාලක හේවාමද්දුම

Image
තවදුරටත් පෞරුෂ වර්ධන වැඩසටහන් හරහා අහිංසක මිනිසුන් රැවටීමට ඔබට සදාචාරාත්මක අයිතියක් නැත. ඔබගේ පෞරුෂය ඉතා දුර්වලය .ක්‍රීඩාවේ අංකුර මෙසේ දුෂිත නායකයින් ඉදිරිපිට දේශපාලනිකරණය කර අභිමානය බිඳ හෙලීම මහත්මයකුට තරම් නොවේ. ඔබගේ පෞරුෂය දියුණු කරගැනීමට ඔබ විසින් වහා කටයුතු කල යුතුව ඇත.   

රාජ්‍ය සේවය සහ බැඳුණු සන්තෑසිය

අතිශය ගෞරවාන්විත රැකියාවක් අද පත්ව ඇති ඉරණම සඳහා වගඋත්තර බැඳිය යුත්තේ කව්රුන්ද ? පවත්නා කම්කරු,සේවක නීති අනුව සේවකයකු රැකියාවෙන් අයින් කිරීම ඉතා අපහසුය.එය සේවකයාගේ පැත්තෙන් බැලු කල ඉතාම හොඳය.නමුත් එවන් සේවකයකුගෙන් අපේක්ෂිත ප්‍රතිඵලයක් ගැනීමට රජයට නොහැකිනම් කළහැකි දේ ඇත්තේ දෙකක් පමණි . රාජ්‍ය පරිපාලනයේ අකාර්යක්ෂමතාවය සේවකයන් බඳවා ගැනීමේදී සුදුස්සන් වෙනුවට නුසුදුස්සන් බඳවා ගැනීම. රාජ්‍ය පරිපාලනයේ අකාර්යක්ෂමතාව පිළිබඳව ඒ හා බැඳුනු අමාත්‍යංශයක් ,නිළධාරීන් සහ ඇමති දෙපොළක් සිටිති.පරිපාලනය,සුභසාධනය ,උසස්වීම ,පුහුණුව,නීති ප්‍රතිපාදන ආදී කටයුතුවල වගකීම ඔවුන්ගෙන් මහජනතාව අපේක්ෂාකරන දෙයයි .එය එසේ සිදුනොවෙනම් එය සෘජුවම දෙවන කාරණයට බලපායි. දෙවන කාරණය වන නුසුදුස්සන්ට රැකියා දීම කාලයක් පුරාවට රටේ සිදුවන්නකි.තම දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දෙන පුද්ගලයින්ට සහ හිතමිතුරන්ට සුදුසුකම්වලින් තොරව රැකියා වලින් සංග්‍රහ කිරීම ආකාර දෙකකින් අහිතකරය.පළමුවැන්න නම් අධ්‍යාපන සුදුසුකම්, මෘදු කුසලතා සම්පුර්ණ නැති අයවලුන් රැකියා ගැනීම නිසා සුදුස්සන් කළකිරීමයි.දෙවැන්න නම් රැකියා ලැබූ නුසුදුස්ස...

87 වැනි වෙඩි ප්‍රහාර හමුවේ දණ නැමූ ඇය ටයිකි

Image
පීඩිත බව හමුවේ මිනිසා මෙන් ම තිරිසන් සතාද තමන්ගේ වේදනාව දරා නොසිටින අවස්ථාවේ දී පීඩකයාට එරෙහිව සටන් වදී. එය සියලු සත්ත්වයන් ටම පොදූ වූ සාධකයක් බව අමුතුවෙන් ම පෙන්වා දිය යුතු නොවන්නේ සමාජය තුළ ඇති පමණින් උදාහරණය පවතින නිසාය. 20 වන සියවසේ මුල් භාගය වූ වර්ෂ 1916 දී මරී නම් දැවැන්ත ඇතින්නියක් තමන්ගේ පිඩකයාට විරුද්ධ වු නිසා මිනිසාගේ නීතිය හමුවේ ඇයව එල්ලා මරා දැමීය. මේ එවන් කතාවකි. ඇයගේ නම ටයිකි (Tyke) ය. ඇය උපදින්නේ වර්ෂ 1974 දීය කුඩා කාලයේ ම පවුලෙන් වෙන් කර ගන්නා මේ ඇත් පැටියා ගෙන එන්නේ ඇමෙරිකාවේ හවායි වල හොනලූලූ වෙතටයි. ඒ සර්කස් එකක සංදර්ශන පෙන්වන ඇතින්නියක් ලෙසටයි. ස්භාවික ජීවන රටාවක හුරු වූ මේ පුංචි ඇත් පැටවිය මිනිසාගේ ආසාව උදෙසා දිගින් දිගටම පහර කෑවේ සර්ක්ස් පුහුණුව සදහායි. දිගින් දිගටම පහර කෑ මේ පුංචි ඇත් පැටවිය අසරණව සිටියත් කිසිදු මිනිසෙකුගේ පිහිටක් ඇයට නොලැබුණි. ඇයගේ පාද වලට එල්ල වූ දැඩි හෙන්ඩු පහරවල් නිසා දරා ගත නොහැකි වේදනාවකට පත් වෙන මේ පුංචි ඇත් පැටවිය ඇයගේ පුහුණුකරුට අවශ්‍ය ලෙස අවසානයේ පාද තබන්නට පටන් ගත්තා ය. මේ පහර දීම් වල දී ඇයගේ වඩාත් ම සංවේදි ස්ථාන වලට පවා මේ පුහුණ...

“ලංගම”යේ කීර්ති බණ්ඩාර

Image
එච්.එම්.ආර්. කීර්ති බණ්ඩාර ඉතිහාස ගත වන්නේ කුණු බැනුම් අසන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ හෙවත් “ලංගම”යේ කළු පැල්ලම යන්තමින් හෝ අඩු කිරීමට දායක වූ නිර්භීත සහ අවංක පීඩිත පංතියේ රාජ්‍ය සේවකයකු ලෙසය. අවාසනාවට ඔහු සතිදෙකෙන් රටටම අමතක විය. රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබිය යුතු සේවකයකු මෙසේ නික්ම යාම ඛේදවාචකයකි.නීර්ජා භානෝත් ( Neerja Bhanot ) වැනි වීර කාන්තාවක් පවා අශෝක චක්‍ර සම්මානයෙන් 1987දී ඉන්දියාවේදී පිදුම් ලැබීය. කීර්ති බණ්ඩාරත් ඉන්දියාවේ වත් ඉපදුනානම් තත්වය වෙනස් වීමට ඉඩ තිබුණි . http://www.mawbima.lk/article20170401MB20170930.php?id=6113