Posts

Showing posts from January, 2026

"වියළි" -"අපි මිරිකලා අල්ල ගන්න කිසිදෙයක් අපිට හරියට අහුවුණේ නෑ"

Image
"අපි මිරිකලා අල්ල ගන්න කිසිදෙයක් අපිට හරියට අහුවුණේ නෑ" ලෝකයේ කිසිම දෙයක් ස්ථිර නැත. මගේ , මට අයිති දේ , මට විතරක් ලෙස තදින් අල්ලා ගන්නා දේ කිසිවිටෙක තමන්ගේ නොවේ.. බුදු දහමේ "අනිච්ච" ලෙස දක්වන්නේ මෙයයි... වසර ගණනාවකට පසු සිංහල ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් දුටු අතිශය විශිෂ්ඨ සහ ගැඹුරු නිර්මාණයක් ලෙස "වියළි" හඳුන්වා දිය හැකිය. සමාජයේ අඳුරු, කර්කශ මෙන්ම මානුෂීය සබඳතාවල ඇති සංකීර්ණ බව ඉතා තාත්විකව ප්‍රේක්ෂකයා හමුවට තැබීමට මෙම නිර්මාණය සමත් වී තිබේ. මෙහි එන එකිනෙකට වෙනස්, එහෙත් අපේම සමාජයේ ජීවමාන චරිත නිර්මාණයේ සාර්ථකත්වයට ප්‍රධානතම හේතුවයි: නයෝමි: කර්කශ, උග්‍ර විෂ සහිත සමාජ පරිසරයක සිය ජීවිතය සොයන යෞවනියක්. කළුවා: තමාගේම පියා විසින් අවජාතකයෙකු ලෙස සලකා දිගින් දිගටම නිග්‍රහයට ලක්වූ, ඛේදනීය තරුණයෙක්. කාන්ති: අහිංසක පිරිමියෙකුට පෙම් බැඳි, ජීවිතයේ අභියෝග හමුවේ නොසැලෙන ධෛර්යවන්ත ගැහැණියක්. ජයසිරි: පියෙකුගේ වගකීම සහ බර නොදරන, මත්පැනට සහ ස්වාර්ථයට යටවූ කොන්ත්‍රාත්කරුවෙක්. ඉන්ද්‍රාණි: මාතෘත්වයට නිගා දෙමින්, තමාගේම ලේවලින් උපන් දරුවන්ට ද්‍රෝහී වූ මවක්. කරුණාපාල: තමන්ගේම බි...