Posts

Showing posts with the label යුද්ධය

ජාතික ආරක්ෂාව ?

Image
  ජාතික ආරක්ෂාවේ සැබෑ අර්ථය: හමුදා ශක්තියෙන් ඔබ්බට ගිය ජනජීවිතයේ සුරක්ෂිතභාවය වර්තමාන ශ්‍රී ලංකාවේ "ජාතික ආරක්ෂාව" යන්න බොහෝ විට සීමා වන්නේ අතීත සිවිල් යුද ජයග්‍රහණ සැමරීමට හෝ හමුදාමය පැවැත්ම ගැන කතා කිරීමට පමණි. නමුත්, සැබෑ ජාතික ආරක්ෂාව යනු හුදෙක් යුද්ධයක් ජයග්‍රහණය කිරීම හෝ මායිම් ආරක්ෂා කිරීම පමණක් නොවේ. සැබෑ ජාතික ආරක්ෂාව මැනිය යුත්තේ රටේ සාමාන්‍ය පුරවැසියාගේ දෛනික ජීවිතයේ සුරක්ෂිතභාවයෙනි: නීතිය සහ සාධාරණත්වය: තමන්ට සිදුවන අසාධාරණයකදී පොලිසියට යන සාමාන්‍ය පුරවැසියාට සාධාරණයක් ඉටු නොවන්නේ නම්, එතැන ජාතික ආරක්ෂාවක් පැවතිය නොහැක. පුරවැසි සුරක්ෂිතතාව: කාන්තාවකට හෝ කුඩා දරුවෙකුට බියෙන් සහ සැකයෙන් තොරව නිදහසේ මඟතොට බැස යාමට, ජීවත්වීමට වටපිටාවක් නැත්නම්, අප උදම් අනන ජාතික ආරක්ෂාවෙන් ඇති පලය කුමක්ද? එපමණක් නොව, ගෝලීය සහ කලාපීය තත්ත්වයන් දෙස බලන විට, සැබෑ මිලිටරි සූදානම පිළිබඳවද විශාල ප්‍රශ්නාර්ථයක් මතුවේ. අද වන විට නවීන ප්‍රහාරක ගුවන් යානා නොමැති ගුවන් හමුදාවක් සහ යාවත්කාලීන වූ යුධ නාවික නෞකා හෝ සබ්මැරීන නොමැති නාවික හමුදාවක් පවතින පසුබිමක, අප කතා කරන ආරක්ෂක සූදානම කොතෙක් දුරට...

බිව් මව් කිරි නිසයි මගේ එඩිතරකම ළය රැඳෙන්නේ

Image
  තරු පායපු නිල් අහසට තරු පායපු නිල් අහසට සවන්යොමා ගෙන ඉඳිද්දී

යුද්ධය සහ කුසගින්න

Image
කුසගින්නේ සිටින පුද්ගලයකු තම ධර්මය ශ්‍රවනය කිරීමට පවා සුදුසු නැතිබව බුදුරදුන් දේශනාකළ සේක. කුසගින්න එතරම්ම බලවත්ය. මරණ බය සහ කුසගින්න එක වර කිරි සප්පයකුට දැනුන මොහොතක. ඔහු මේ වනවිට ජීවතුන් අතරද නැතිද නොදනී. ලොවට වෛර නොකරන මිනිසකු වේවා !

ඉතිහාසගත රාජ කුමන්ත්‍රණ

Image
Image
​සොහොයුරන් තිදෙනා බේරගන්න කොටින්ට බැඳුනු අක්කා උතුරේ සෑම පළාතකින්ම අනිවාර්​ෙයන්ම එක් දරුවෙකු හෝ ගරිල්ලා සටන් පුහුණුව ලබාගැනීම සඳහා එල්ටීටීඊයට බැඳිය යුතු බවට නියෝගයක් පනවා තිබුණේ එහි නායකයාව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ය.    මෙම නියෝගය බල නොපෑවේ ප්‍රභාකරන්ගේ දූ දරුවන් වූ චාල්ස් ලූකස් ඇන්තනි, ද්වර්ගා හා බාලචන්ද්‍රන්ට පමණි.එක් පවුලකින් එක් අයකු සංවිධානයට ලබා නොදුන්නොත් ගෙවල්වලට කඩාවැදී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ගරිල්ලා සටන් පුහුණුවීම් ලබාදීම එකල ජයටම කරගෙන ගිය බව ප්‍රසිද්ධ රහසකි.    අනේ අපේ දරුවෝ අරගෙන යන්න එපා කියා මව්පියවරුන් කොටින්ගේ ඇ​ෙඟ් එල්ලී හඬා වැළපෙද්දී කොටි ත්‍රස්තයන් දරුදුක ඉවසා ගත නොහැකිව හඬා වැළපෙන මව්පියවරුන්ට අමානුෂික ලෙස පහරදී හෝ දරුවන් පැහැරගෙන යාමට කිසිසේත් පසුබට වී නොමැත.බලහත්කාරයෙන් පැහැරගෙනගොස් ගරිල්ලා සටන් පුහුණුවීම් ලබාදෙන අතරවාරයේ යම් දරුවකු පලා ආවොත් ඒ දරුවා සොයා ඇවිත් අල්ලාගෙන අතපය කැඩෙනතෙක් තල් පිති වලින් කොටින් පහරදී ඇත්තේ අනුකම්පා විරහිතවය.දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ වේදනාව ඉවසා ගැනීමට නොහැකිව වස පානය කර සියදිවි නසාගත් මව්වරු...

ජාතිවාදී අරගලයෙන් ඔබ්බට ඉදිරිය පැහැදිලිද ?

Image
කරුණා අම්මාන් - ප්‍රභාකරන්ගේ මිතුරාත් අවසාන කාලයේ පස මිතුරාත් ඔහුයි. රජයේ ආරක්ෂක අංශ බුද්ධි අංශ මුළා කර බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළඳා මාලිගාවට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කල ,මහා සංඝරත්නය කපලා කොටලා අපවත් කරවන්න මෙහෙයුම් කරපු දක්ෂ තරුණ ත්‍රස්තවාදී නායකයෙක්. එවන්වූ මිනිසකුගේ හැකියාවන් අවතක්සේරුවට ලක්වීද? ප්‍රතිවාදියා හෑල්ලුවට ලක් කරලා හිතපු කණ්ඩායමක් ඉතිහාසයේ කවදාවත් කවදාක්වත් ජයග්‍රහණය කර ඇත්ද ? නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන් ප්‍රභාකරන් හා විරසකයකින් පසුවුනු බව නොරහසකි.ඕනෑම සංවිධානයක අභ්‍යන්තර දෙදිරීම් සතුරාගේ ශක්තිය වැඩි කරයි.එල්.ටී. ටී.ඊ සංවිධානයේ ඉරි තැලීම සමගම උපක්‍රමශීලිව කරුණා අම්මාන්ට ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂාව,රැකවරණ හිමිවුණි.එසේ දීමද සාධාරණය.ත්‍රස්තවාදීන්ගෙන් ගැලවෙන ත්‍රස්තවාදියකු වුවද යහමගට ගැනීමෙන් ශ්‍රී ලංකා රජය කොතෙක් දුරට මානුෂික යුද්ධයක් තුල නිරත වන්නේ දැයි ලෝකයටම ඉගැන්වීමට අවස්ථාව තිබුණි. නමුත් අවාසනාව නම් අපට එය මඟ හැරීමයි. එතැනින් එහාට කළ දේ නිවැරදිද ? 1.කරුණා අම්මාන්ට ඇමති පදවියක් හිමිවිය. 2.සියළු මිනීමැරීම්,මානව අයිතිවාසිකම් උල්ලංගණය ...

යේමනය සහ මන්දපෝෂණය

Image
මින් වසර හතකට ප්‍රථම මට පුණ්‍යාතනයකට මුදල් ආධාර එකතු කරමින් ගෙයින් ගෙට යාමට අවස්ථාව සැලසිණ.අධ්‍යයන කටයුතු නිමවී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිය නිසාත් වැඩ කරන දින ගණන අනුව වැටුපක් ලැබෙන නිසාත් මමත් තවත් ජෙෂ්ඨ නිලධාරිණියක සමග අපට ලබා දුන් සිතියම අනුව ගමන ඇරඹීමු.දවසම ඇවිද්දත් සැලකියයුතු ආධාර ප්‍රමාණයක් එකතු කර ගැනීමට අපිට නොහැකි විය. බලාපොරොත්තු කඩවෙමින් පැවතියද තවත් එක් නිවසකට අපි ගියෙමු.දොර විවර කළ පමණින් කෙසඟ සිරුරකින් හෙබි,ඇස් යටට එබුණු තරුණයෙක් සැකයෙන් යුතු දෙනෙතින් දොර තුළින් මතු විය.අප පැමිණි කාරණය කිවූ සැණින් ඔහු දොර ඇර අපට ආරාධනා කළේය.එය ඉතාම පරණ අබලන් නිවසකි.ඔහු හැරුණු කොට තවත් හතරක් හෝ පහක් එහි වෙසෙන බව මට සැකයෙන් තොරව පසක් විය.මිනිත්තුවකින් මුදල් පසුම්බිය අතට ගත් ඔහු 100 GBP මුදලක් මගේ අත තිබ්බේය.යේමනය අරාබියේ නිසා පොහොසත් රටක් විය හැකිය යන්න මට ඒත්තු ගැන්වී තිබුණි.එහෙත් මා වැරදිය. යේමනය යනු අරාබි අර්ධද්වීපයේ පවතින ඉතාම දුප්පත් රටයි.දහස් ගණන් කුඩා දරුවන් මන්දපෝෂණයෙන් පීඩා විඳින මුස්ලිම් රටකි. අප්‍රිකානු රටවල් හැරුණු කොට ඒ හා සමානවම මන්දපෝෂණයෙන් හා දරිද්‍රතාවයෙන් පෙලෙන...