Posts

Showing posts with the label වාර්තා

ආගමික ස්ථානවල නිර්මාණ සැලසුම්

Image

කුවේණියගේ ශාපය

Image
රවිකෛලාශ වංශය කියන්නෙ සූර්‍ය වංශය විය හැකිය. මහාවංශය ලියපු ඉන්දියානු හාමුදුරුවො කුවේණිය ගැන ලියල තියෙන බොහෝ දේවල් බොරු.යක්ෂ ග්‍රෝතිකයො මිනීමස් කන යකුන් ලෙස තමයි දක්වල තියෙන්නෙ..කුවේණිය ගැන හරියට සොයා බැලීමේදි පැහැදිලියි ඇය මහන වුණු බව.එමෙන්ම සුමන සමන් දෙවියන්ගෙ නැගණිය බව.

87 වැනි වෙඩි ප්‍රහාර හමුවේ දණ නැමූ ඇය ටයිකි

Image
පීඩිත බව හමුවේ මිනිසා මෙන් ම තිරිසන් සතාද තමන්ගේ වේදනාව දරා නොසිටින අවස්ථාවේ දී පීඩකයාට එරෙහිව සටන් වදී. එය සියලු සත්ත්වයන් ටම පොදූ වූ සාධකයක් බව අමුතුවෙන් ම පෙන්වා දිය යුතු නොවන්නේ සමාජය තුළ ඇති පමණින් උදාහරණය පවතින නිසාය. 20 වන සියවසේ මුල් භාගය වූ වර්ෂ 1916 දී මරී නම් දැවැන්ත ඇතින්නියක් තමන්ගේ පිඩකයාට විරුද්ධ වු නිසා මිනිසාගේ නීතිය හමුවේ ඇයව එල්ලා මරා දැමීය. මේ එවන් කතාවකි. ඇයගේ නම ටයිකි (Tyke) ය. ඇය උපදින්නේ වර්ෂ 1974 දීය කුඩා කාලයේ ම පවුලෙන් වෙන් කර ගන්නා මේ ඇත් පැටියා ගෙන එන්නේ ඇමෙරිකාවේ හවායි වල හොනලූලූ වෙතටයි. ඒ සර්කස් එකක සංදර්ශන පෙන්වන ඇතින්නියක් ලෙසටයි. ස්භාවික ජීවන රටාවක හුරු වූ මේ පුංචි ඇත් පැටවිය මිනිසාගේ ආසාව උදෙසා දිගින් දිගටම පහර කෑවේ සර්ක්ස් පුහුණුව සදහායි. දිගින් දිගටම පහර කෑ මේ පුංචි ඇත් පැටවිය අසරණව සිටියත් කිසිදු මිනිසෙකුගේ පිහිටක් ඇයට නොලැබුණි. ඇයගේ පාද වලට එල්ල වූ දැඩි හෙන්ඩු පහරවල් නිසා දරා ගත නොහැකි වේදනාවකට පත් වෙන මේ පුංචි ඇත් පැටවිය ඇයගේ පුහුණුකරුට අවශ්‍ය ලෙස අවසානයේ පාද තබන්නට පටන් ගත්තා ය. මේ පහර දීම් වල දී ඇයගේ වඩාත් ම සංවේදි ස්ථාන වලට පවා මේ පුහුණ...

දිරියෙන් ජීවිතය ජයගත් දෙපා අහිමි සඳමාලි

Image
ජීවිතය සුන්දරව විඳින්නට සඳමාලිත් අනන්ත සිහින දුටුවාය. ඒත් ජීවිතයේ සුන්දරම වයසේදී ඇගේ ජීවිතය දරුණු සරදමකට ලක්වූයේ නිදහසේ ජීවිතය විදිමින් ඇවිද ගිය දෙපය ඇයට අහිමි කරමිනි. සුන්දර තරුණියක වූ වරුණි සඳමාලි ජයසිංහ මේතරම් දරුණු ලෙස ජීවිතයට දඬුවම් ලැබෙද්දී හැඬුවාය, තැවුණාය. ජීවිතය කුමටදැයි සිතුවාය.ඒත් හිමි ජීවිතය එය නම් ඒ ජීවිතය බාර ගතයුතු බැවින් ඇය ඒ සියල්ල උපේක්ෂාවෙන් දරා ගන්නට හුරු වූවාය.”ලූපස්” නම් ලේ කැටි ගැසීමේ රෝගයකින් පෙළෙන සඳමාලිගේ දකුණු කකුලේ වළලූකරෙන් පහත කොටසත් වම් කකුලෙහි දණහිසෙන් පහළ කොටසත් ඇයට අහිමි වී යන්නේ බොහෝ වද වේදනා, දුක් මැදිනි.දෙකකුල් ඈගේ වූ නිසා මේ රෝගී තත්ත්වයෙන් ඈ විඳි වේදනා අනන්තය.අප‍්‍රමාණය. ආණමඩුවේ උපන් සඳමාලි වත්සලා පුංචි පවුලක වැඩිමල් දියණියයි.අම්මා, තාත්තා සහ නංගී මල්ලීත් සමග සුන්දරව ගෙවූ කාලයක් ඇගේ ජීවිතයේද තිබුණි.ඉරණම ඔවුන් තැන් තැන්වලට විසුරුවන්නට තරම් නපුරු වූයේ පියා ඔවුන් විසූ ඔවුන්ගේම නිවස විකුණා දැමීමෙන් පසුවය.සොඳුරු නිවහනක ජීවත්වූ සඳමාලිගේ ජීවිතයත් එතැන් පටන් දුක් විඳින බෝඩිම්වලට හුරුවුණාය.අම්මා විදෙස් රැුකියාවකට ගියේ ඉන්පසු ජීවිතයට දැනෙන්නට වු අගහි...

නැතිබැරි කම නොඉවසන පියකුගේ දිරිය

Image
පාන්දර යාමේ කුලීවැඩ කරන මාවනැල්ලේ 'පාන්දර' - නිදාගන්නේ දවසට පැය දෙකයි! දිනපතාම නිවසට ටයිල් කැටයක් අරන් ගිහින් සවිකරනවා.. දවසකට පැය දෙකක් පමණක් නිදාගනිමින් තමන්ගේ අරමුණ ජයගන්න වෙර දරණ පියෙකු පිළිබඳව මාවනැල්ල හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ මොලිගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඔහුගේ එකම අරමුණ සිය දියණියන් දෙදෙනාට නිවාස දෙකක් සාදා දී ඔහුන්ගේ අනාගතය වෙනුවෙන් පියෙකු සතු ඉටුකිරීම හා නිවසේ රෝගී තත්වයෙන් පසු වෙන බිරිඳ සුවපත් කරගැනීමයි. හතළිස්තුන් හැවිරිදි මොහු නමින් බි.වි. කුමාරසිංහ නම් වන අතර ඔහුව සියල්ලන් හඳුන්වන්නේ "පාන්දර" යන නාමයෙන්. මෙලෙස ඔහුට පාන්දර යනුවෙන් නමක් පට බැඳි ඇත්තේ සිය රාජකාරිය අලුයම් කාලයේ ආරම්භ කිරීම හේතුව නිසාවෙන්. වැලි ඇදීම, තට්ටු ගණන් උස ගොඩනැගිලිවලට ගඩොල්, මැටල්, සහ අනිකුත් අමුද්‍රව්‍ය රැගෙන යෑම, සහ විශාල වතු උදලු ගෑම, කාණු පද්ධති යෙදිම, කැලෑ කැපීම ඔහුට ලැබෙන රැකියාවන් වනවා. ඔහු පවසන්නේ කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ පල කිරීම මගින් එම වැඩ පල ලබාදෙන අයටද එයින් ලාභයක් මිස පාඩුවක් සිදු නොවෙන බවයි. එලෙස කොන්ත්‍රාත් ක්‍රමයට යම් වැඩක් භාර ගත හොත...

කුණු බක්කියේ පිපුණු තායිලන්ත රෝස කුසුම

Image
dailymail.co.uk ඕනෑම කිරුළක් වැඩිපුරම ලස්සන මහ ‍පොළොවට එය කිට්ටු වුණ තරමට… ඒත් කිරුළු හිස පලඳන හුඟක් අය කැමැතිම මහ ‍පොළොවට හුඟක් උඩින් ජීවත් වෙන්න. හැබැයි මහ ‍පොළොව මත ජීවත්වන කිරුළු පලන් අයත් මේ ලෝකේ නැතිවාම නොවෙයි. මේ තායිලන්ත රූප සුන්දරියත් එවැන්නියක්.මිනිසකු මැනිය යුත්තේ ඔහු හෝ ඇය පැමිණි සමාජ පසුබිමෙන් නොවන බව අදහන මේ රුවැත්තියගේ නම කනිත්තා පේසන්. පසුගිය වසරක තායිලන්තයේ පැවැත් වුණු Miss Uncensored News Thailand තරගාවලියේ ජයග්‍රාහිකාව වුණේ ඇය. dailymail.co.uk රූප සුන්දරියක් කිරුළු පලන් හිස බිම ඔබා සිය වැදූ මව ඉදිරිපිට වැඳ වැටෙන ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. ඒ තමයි ඇය. අපේ කතාවේ නායිකාව… කනිත්තා පේසන්. විශේෂත්වය වන්නේ ඇගේ මව තායිලන්තයේ කසළ ශෝධිකාවක වීම. රටේම රුවැත්තිය හැටියට කිරුළ හිස පැලඳුවත්, ඇය නගරයේ කසළ එකතුකරන මව ඉදිරිපිට වැඳවැටෙන්නට ලැජ්ජා වන්නේ නැහැ.රූ රැජිනක් හැටියට කිරුළ හිස පලඳින විට කනිත්තා පේසන්ගේ වයස අවුරුදු 17 යි. Daily Mail වබේ අඩවියට ඇය තමාගේ කතාව පෙළගස්වා තිබුණේ  මේ ආකාරයටයි. “මගේ අතපය මේ තරම් සිනිඳු සහ මටසිලිටි වුණේ මගේ අම්ම...

බෝධි පූජාවෙන් සුවය ලැබෙන රහස

Image
                                                                          authorityremedies.com බෝධි පූජාවෙන් තමන්ට විශාල සෙතක් ශාන්තියක් සැලසෙන බව බොහෝ බෞද්ධයෝ විශ්වාස කරති. බෝධියක් සෙවණේ සිටීමෙන් විශාල සහනයක් දැනෙන බවට විශ්වාසයක්ද බෞද්ධ සමාජයේ පවතී. තවත් සමහරුන්ගේ මතය බෝධි පූජාව කිසිදු පලක් නැති මිථ්‍යා ඇදහිල්ලක් බවයි. පුරාණයේ පැවති ගස්වලට වන්දනාමාන කිරීම ආශ්‍රයෙන් ගොඩනගාගත් මිථ්‍යාවක් බවයි. බෝධි පූජාව නිෂ්ඵල මිථ්‍යා ඇදහිල්ලක්ද නැතිනම් එය නූතන විද්‍යාව මගින් පවා තහවුරු කළ හැකි ඵලදායී ක්‍රියාවක්ද යන්න විමසා බැලීම මේ ලිපියේ අරමුණයි. අප අවට ඇති පරිසරය ඇසට නොපෙනන විවිධාකාර ද්‍රව්‍යවලින් යුක්තය. දූවිලි, ජල වාෂ්ප, රොඩු, දුම්, ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් වැනි විවිධ වායු වර්ග ආදිය පරිසරයේ ඇති බව බොහෝදෙනා දනිති. එහෙත් බොහෝදෙනකු නොදන්නා ඇසට නොපෙනන ක්ෂුද්‍ර වස්තු ගණනාවක් අප අවට පරිසරයේ තිබේ...

සිංගපූරුව ගැන මගේ කියවීම

Image
වේදනාත්මක ආරම්භය මැලේසියාවේ බහුතරය වූ මුස්ලිම් ප්‍රජාව ශක්තිමත්ව කොමියුනිස්ට් රජයක් ලෙස ඉදිරියට ගෙන යාමට 1965 මැලේසියානු පාර්ලිමේන්තුව ඉතා තීරණාත්මක වගේම ඓතිහාසික තීන්දුවක් බහුතරයකින් සම්මත කරගත්හ. ඒ එතෙක් කල් සිංගපූරුව හා එකට පාලනය වූ මැලේසියාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් පසු ප්‍රථම වතාවට වෙන්කර දැමීමට. සිංගපුරු ප්‍රජාව වෙනම දේශයක් කෙරෙහි සතුටට පත්වුවත්,එවකට සිංගපුරු නායකයා වූ ලී කුවාන් යු දැඩි ලෙස අසරණ කරවීය.කෙසේ වුවත් සිංගපූරුවේ උපත එයයි. අවසාන තීරණය විමසු ලී කුවාන් යූ මාධ්‍යය ඉදිරියට පැමිණ රුපවාහිනී තිරය මත ඇඩුවා. ඒ මැලේසියාව කල වෙන් කිරීම නිසා ඇතිවුණු කනගාටුවත් තනිවම රටක් ලෙස ස්වභාවික සම්පත් කිසිත් නැති , ධීවර හා වෙළඳ පසුබිමකින් යුත් අඩු අධ්‍යාපනයක් ලැබූ තම රටවැසියන් සමග රට පාලනය කරගැනීමට යද්දී මුහුණ දෙන්නට සිදුවන දැවැන්ත අභියෝග හේතු කොටගෙන. “මැලේසියාවෙන් වෙන්වීම කටුක වේදනාවක්.මගේ වැඩිහිටි කාලයේදී මට මේ රටවල් දෙක එකක් ලෙස දකින්න ඕන වුනා.මම විශ්වාස කලා එය සිදුවන බව. අපිට නෑදෑයන් ලෙස ඉන්නට තිබුණා.” ඔහුට කියාගන්න පුළුවන් වුනේ එපමණයි.ඔහු මාධ්‍ය හමුව ටිකකට කල් දමනවා. ...