Posts

Showing posts with the label ක්‍රීඩා

මහේල ජයවර්ධන ඔබ ශ්‍රී ලංකාව කියන රටට ණයයි.තමන්ගේ රට වෙනුවෙන් කෙලින් හිටගන්නට ඔබට ධෛර්යය ලැබේවා !

Image
  මහේල ජයවර්ධනගේ ප්‍රකාශ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයේ අභියෝගය ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව තවත් කතාබහක් නිර්මාණය කරමින් මහේල ජයවර්ධන මහතා මෑතකදී අදහස් කිහිපයක් පළ කර තිබේ. ඔහුගේ විශ්ලේෂණයට අනුව: ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඉවත් කිරීම: ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සංචිතයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නිවැරදි වුවද, දැනට සිටින යොවුන් ක්‍රීඩකයින්ගේ තාක්ෂණික කුසලතා (Skills) සහ ජාත්‍යන්තර තරඟ පළපුරුද්ද (Experience) තවමත් ප්‍රමාණවත් මට්ටමක නැත. ප්‍රේක්ෂක බලාපොරොත්තු: ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින් වර්තමාන කණ්ඩායම කෙරෙහි අනවශ්‍ය හෝ අධික බලාපොරොත්තු තබා නොගත යුතුය. පාලනාධිකාරිය සහ දක්ෂතා: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා ඇතුළු පාලනාධිකාරියේ චෝදනා හෝ අක්‍රමිකතා කණ්ඩායමේ පිටිය ඇතුළත දක්ෂතාවලට (Performances) සෘජුව බලනොපායි. අප හමුවේ ඇති ගැඹුරු ප්‍රශ්නාර්ථය කණ්ඩායමේ උපායමාර්ගික උපදේශකත්වය (Strategic Decisions) වෙනුවෙන් මසකට ඩොලර් 10,000ක අධික පිරිවැයක් දරද්දීත්, යොවුන් ක්‍රීඩකයින්ගේ කුසලතා සහ පළපුරුද්ද තවමත් මදි නම් එම තනතුරෙන් සිදුවන කාර්යභාරය කුමක්ද? ඉදිරි ඕවර 50 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය...

එංගලන්තය සමඟ T20 තරඟාවලිය 3-0ක් ලෙස පරාජය 2021

Image
  එංගලන්තය සමඟ T20 තරඟාවලිය 3-0ක් ලෙස පරාජයවීමෙන් පැය කිහිපයකට පසු රාත්‍රියේ හැසිරෙන ක්‍රීඩකයින්. ඔවුන්ට වැටුප් ලැබෙන්නේ ජනතා බදු මුදලින් නොවන බව සැබෑය.එහෙත් ඔවුන් ක්‍රිකට් ඉගෙන ගත්තේ ජනතා බදු මුදලිනි. බන්දුල වර්ණපුර,දුලිප් මෙන්ඩිස්,සිදත් වෙත්තමුණි,සනත් ජයසූරිය,අරවින්ද ද සිල්වා,මුත්තයියා මුරලිදරන්,චමින්ද වාස් වැනි ධෛර්යයවන්ත මිනිසුන් අමාරුවෙන් ඔසවා තැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රමිතිය වර්තමානයේ කෙළෙසමින් ඇත. තරඟ දිනන තත්වයකට නැවත කණ්ඩායම ගෙනෙන තුරු, කොන්ත්‍රාත්තු අවලංගු කර දක්ෂතා දක්වන මට්ටමකට ගෙවීමක්ද, එයින් ඉතුරුවන මුදල් පාසල් ක්‍රිකට් සංවර්ධනයට හෝ පළමු පෙළ තරඟ වල ක්‍රීඩකයින්ට ලබාදීම කල යුතුය.එයින් ක්‍රීඩාවට සහ රටට ආදරය කරන ක්‍රීඩකයින් ඉදිරියේදී හෝ බිහිවනු ඇත.

නාලක හේවාමද්දුම

Image
තවදුරටත් පෞරුෂ වර්ධන වැඩසටහන් හරහා අහිංසක මිනිසුන් රැවටීමට ඔබට සදාචාරාත්මක අයිතියක් නැත. ඔබගේ පෞරුෂය ඉතා දුර්වලය .ක්‍රීඩාවේ අංකුර මෙසේ දුෂිත නායකයින් ඉදිරිපිට දේශපාලනිකරණය කර අභිමානය බිඳ හෙලීම මහත්මයකුට තරම් නොවේ. ඔබගේ පෞරුෂය දියුණු කරගැනීමට ඔබ විසින් වහා කටයුතු කල යුතුව ඇත.   

විශිෂ්ඨයකුගේ වටිනාකම

Image

රටක් සතුටු කල ක්‍රිකට්

Image
ක්‍රිකට් පරාජය එක් පින්තුරයකින් ….

එක මවකගේ දරු කැල බැවිනා ..යමු යමු වී නොපමා .

Image
" යටගිය දේවල් යට ගියාවේ.උඩ බලාගෙන කෙල ගැහුවොත් මූනටමයි වැටෙන්නේ.අපි අපේ ක්‍රීඩකයන්ව රැක ගන්න ඕනි.මම නායකත්වය දරපු කාලයේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මම නායකත්වය දරපු අවුරුද්ද පුරාවටම ඇන්ජලෝ මැතිව්ස්ට ආබාධයක් තිබුණා.අවුරුද්ද පුරාවටම මැතිව්ස්ට පන්දු යවන්න බැරිවුණා.ඒක මගේ අවාසනාව වෙන්න ඇති.මොකද මම අයින් වෙලා සතියකින් අපි ඔස්ට්‍රේලියාවට ගියා. ඒ සතියේදී ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවන්න පටන්ගත්තා.ඒක මහේලගේ වාසනාව වෙන්න ඇති.සමහර තිබුණ ප්‍රශ්ණ මම කියන්න කැමති නෑ මාත් එක්කම ඒවා යටයයි. " අවුරුදු 17ක් ජාතික කණ්ඩායමට ක්‍රිකට් ගහලා සමුගන්න නායකයකුගේ අවසන් කථාව.T.M ඩිල්ෂාන් ඔය කුණුගොඩවල් අවුස්සපු නැති එක ලොකු දෙයක් ! ලංකාවට කීර්තියක් ගේන්න හෝ කරන්න හදපු හැම කෙනාම කියන්නේ තමන්ට අසාධාරණයක් වුනා කියල අනිත් පිරිසගෙන්.වර්ණපුරලගේ,අර්ජුණලගේ කාලේ ඉඳන්ම ඔහොමයි.ඉස්සරහට එන නවක ක්‍රීඩකයොත් කවදාහරි ඔහොම කිව්වොත් ? අපේ රටේ එකකු වෙනුවෙන් තවෙකකු සිටීම  බොහොම කලාතුරකින් සිදුවන දෙයක්. ජාතික ගීතේ ආනන්ද සමරකෝන් ගී පද රචකයා ඔය පද ටික ලියල තියෙන්නේ ඔහුට අපේ ජාතිය ගැන තිබුන අත්දැකීම් නිසාම වෙන්න ඇති....