යේමනය සහ මන්දපෝෂණය


මින් වසර හතකට ප්‍රථම මට පුණ්‍යාතනයකට මුදල් ආධාර එකතු කරමින් ගෙයින් ගෙට යාමට අවස්ථාව සැලසිණ.අධ්‍යයන කටයුතු නිමවී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිය නිසාත් වැඩ කරන දින ගණන අනුව වැටුපක් ලැබෙන නිසාත් මමත් තවත් ජෙෂ්ඨ නිලධාරිණියක සමග අපට ලබා දුන් සිතියම අනුව ගමන ඇරඹීමු.දවසම ඇවිද්දත් සැලකියයුතු ආධාර ප්‍රමාණයක් එකතු කර ගැනීමට අපිට නොහැකි විය.

බලාපොරොත්තු කඩවෙමින් පැවතියද තවත් එක් නිවසකට අපි ගියෙමු.දොර විවර කළ පමණින් කෙසඟ සිරුරකින් හෙබි,ඇස් යටට එබුණු තරුණයෙක් සැකයෙන් යුතු දෙනෙතින් දොර තුළින් මතු විය.අප පැමිණි කාරණය කිවූ සැණින් ඔහු දොර ඇර අපට ආරාධනා කළේය.එය ඉතාම පරණ අබලන් නිවසකි.ඔහු හැරුණු කොට තවත් හතරක් හෝ පහක් එහි වෙසෙන බව මට සැකයෙන් තොරව පසක් විය.මිනිත්තුවකින් මුදල් පසුම්බිය අතට ගත් ඔහු 100 GBP මුදලක් මගේ අත තිබ්බේය.යේමනය අරාබියේ නිසා පොහොසත් රටක් විය හැකිය යන්න මට ඒත්තු ගැන්වී තිබුණි.එහෙත් මා වැරදිය.


යේමනය යනු අරාබි අර්ධද්වීපයේ පවතින ඉතාම දුප්පත් රටයි.දහස් ගණන් කුඩා දරුවන් මන්දපෝෂණයෙන් පීඩා විඳින මුස්ලිම් රටකි. අප්‍රිකානු රටවල් හැරුණු කොට ඒ හා සමානවම මන්දපෝෂණයෙන් හා දරිද්‍රතාවයෙන් පෙලෙන අරාබි රටයි.අරාබිය යනු රත්‍රන් ඉල්ලම් සහිත ධන කුවේරයන් සිටින භූමියකි.ලෝක ළමා දින ඩොලර් කෝටි ගණන් වියදම් කරන රටවල් අතර ලෝක ළමා දිනයේත් කන්නට යමක් නොමැතිව යේමනයේ මිලියන 14ක දරුවන් පීඩා විඳිති.ප්‍රතිශතයක් ලෙස එය රටේ ජනගහනයෙන් හරි අඩකට සමානය.



කැරලිකරුවන්ගේ දැඩි සීමා බන්ධන නිසා වාරය හරහා යේමනයට අත්‍යාවශය භාණ්ඩ ගොඩ බෑම අසීරුය.අන්තර්ජාතික ප්‍රජාවේ මැදිහත් වීමකින් තොරව යේමනයේ දුර්භික්ෂයක් ඇතිවීම වැළක්විය නොහැකි තරමට දැන් තුවාලය උඩු දුව ඇත.”හවුති” කැරලිකරුවන් විසින් යේමන මධ්‍යම බැංකුවේ අරමුදල් පාලනය කිරීමට සමත්ව ඇත. ඊට අමතරව අල්බයිඩා ගරිල්ලන් යේමනය පුරා විසිරී සිටිති.ඇමරිකානු ගුවන් ප්‍රහාර හමුවේ යේමනයේ පාසල් ,රෝහල් සුනු විසුණු වී යයි.එක් ප්‍රහාරයකදී 30-40 යේමන වැසියන් මියයයි.ඇමරිකානු ප්‍රහාර බ්‍රිතාන්‍යයේද අනුදැනුම ඇතුව සිදුවේ.  

බෝම්බ බිය ,දුර්භික්ෂ බිය සහ ආර්ථික අස්ථාවරත්වය මැද අසරණ බ්‍රිතාන්‍යයන්ට සරණක් වීමට එහි වෙසෙන යේමන ජාතිකයා දුන් පවුම් සියය අදටත් මගේ හිතේ නොමැකි පවතින්නේ මනුසත් ගුණයේ වටිනාකම මට අමතක නොවන්නටය.යන්තම් දවසේ ආධාර එකතු කොට ජාමය බේරාගැනීම පිළිබඳව එදා සතුටට පත් මට ඔහු යේමනයේ සිට සංක්‍රමණිකයකු සේ එංගලන්තයට පැමිණි අයකු බව පැවසුවා මතක තිබුණි.


එංගලන්තයේ Sheffiled හිදී ලත් අත්දැකීමක් ඇසුරිණි.



Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්