මස් කඩ සහ මාධ්‍ය කඩ
නුතන සයිබර් මාධ්‍යක් මියගිය ලාංකීය කලාකරුවකුගේ මරණය තමන්ගේ මඩිය තර කරගන්නට යොදා ගත්තේය.
චූළසෙට්ඨි ජාතකය.මි කුණ විකුණා මුදල් උපයා ධනවතකුවූ සිටුවරයාගේ(පසු කාලීන චුල්ලපන්ථක) කථාවයි.ඒ මී කුණ එක් වරක් විකුණා ඔහු නුවණින් ධනවතකු වුවා මිස කිසිලෙසකත් මී කුණ නැවත නැවත පල් කලේ නැත.
මස් කඩයක සහ මේ මාධ්‍ය කඩයේ වෙනසක් ඇත්ද ?
අනුන්ගේ මුහුණු පොත් වල කරුණු අවුස්සා පළ කිරීම.
චූළසෙට්ඨි ජාතකය.මි කුණ විකුණා මුදල් උපයා ධනවතකුවූ සිටුවරයාගේ(පසු කාලීන චුල්ලපන්ථක) කථාවයි.ඒ මී කුණ එක් වරක් විකුණා ඔහු නුවණින් ධනවතකු වුවා මිස කිසිලෙසකත් මී කුණ නැවත නැවත පල් කලේ නැත.
මස් කඩයක සහ මේ මාධ්‍ය කඩයේ වෙනසක් ඇත්ද ?
එක් මරණයක් හා කිසිසේත් සම්බන්ධ නැති වෙනත් මරණයක් හා ගැලපීම.
අනුන්ගේ මුහුණු පොත් වල කරුණු අවුස්සා පළ කිරීම.
මාධ්‍ය නිදහස ඉතා වටිනා ගුණාංගයකි.එහෙත් ඒ තම රාමුව හරිහැටි අවබෝධකරගත් මාධ්‍ය කරුවන්ටය.
මෙම සිද්ධියම රිවිර පුවත්පත සඳහා බියංකා නානායක්කාර ඉදිරිපත් කළේය. .
දසුන්ට ජීවිතය දෙන්නට බැරිවූූයේ ඇයි ?
ජීවිතයක් කාටත් ලැබෙන්නේ අහම්බෙනි. ඒත් අහම්බෙන් ලැබුණා කියා ඒ ජීවිතය නැතිකර ගැනීමේ අයිතිය කිසිවකුටත් නැත. ඕනෑම කෙනකුට ජීවත්වීමේ කාලයක් ඇත. ඒ නිශ්චිත කාලය ගෙවුණාට පසු කාටත් ජීවිතය හැරයන්නට පුළුවන. එතෙක් ජීවිතයට ලැබෙන සැප, දුක, සතුට, වේදනාව, සිත්තැවුල්, ප‍්‍රශ්න, ගැටලූ සියල්ල ඒ ජීවිතයේදී කාටත් දරාගන්නට සිදුවේ. ඒවා දරාගැනීම යනු ජීවත්වීම වේ.
දරාගැනීම්වලට, අවුල් වියවුල්වලට මුහුණ දෙන්නට බය අයවලූන් ඒ සඳහා විසඳුම් සොයන්නේ බුද්ධියෙන් නොව ජීවිතයෙනි. ඔවුන් සිතන්නේ සියදිවි හානිකර ගත්විට සියලූ ප‍්‍රශ්න අවසන් බවයි. ඒත් ඒ තත්පරයකදී සිතෙන සිතිවිල්ලකි. ඊළඟ තත්පරයේ ඒ සිතුවිල්ල වෙනස්විය හැක. ඔවුන්ට හැම විටකම මැරෙන්නට සිතෙන්නේ නැත. ඒ සිතුණ වෙලාවට මැරෙන්නට උත්සාහ කිරීම හෝ මියයාම සිදුවේ.
මේ යුගයේ ලංකාවේ ජනප‍්‍රිය රංගන ශිල්පියෙකු ලෙස කාගෙත් ආදරය දිනා සිටි දසුන් නිශාන්ද සිල්වාට සිදුවූයේද එයමය. දසුන් නිශාන් තරුණය. කඩවසම්ය. එමෙන්ම ජනප‍්‍රියය. ඒ නිසාම ක්ෂේත‍්‍රයෙන් මෙන්ම සමාජයෙන් ද තරුණියන්ගෙන් ලැබෙන ආදරයත් වැඩිවිය. එයින් ඔහු සිත ගත් ඔහුගේම ක්ෂේත‍්‍රයේ යුවතියක හා පේ‍්‍රමයෙන් බැඳුණු බව කියයි. ඒත් දසුන් අමතක කළ කරුණක් තිබුණි. ඒ ඔහු ඊට පෙර විවාහයක් කරගත් අයකු බවය. ප‍්‍රශ්න, ගැටලූ, කලකිරීම් ඔහු සිතට එන්නේ ඉන්පසුවය.
අලූත් පෙම්වතිය විවාහ කරගන්නට, නීත්‍යනුකූල බිරිඳගෙන් වෙන්වන්නට වුවමනා විය. ඒත් එය දසුන්ට හිතූ තරම් පහසු කටයුත්තක් නොවීය. හැම පැත්තෙන්ම ඔහුට දැනුණේ ගැටලූය. පෙනුණේ ගැටලූය. මනස වියවුල් කරන තරමට, මේ ගැටලූවලට මරණය හැර වෙන විස`දුමක් නැතැයි සිතෙන තරමට ඔහු අවුල් වුණේය. ඔහු මනසට සැනසීම තෝරා ගත්තේ එලෙසින් වුවද ඉන් පෙර ඒ සිතුවිල්ල දැනෙද්දී ඔහුව ඒ සිතුවිල්ලෙන් මුදවාගන්නට කෙනකු සිටියා නම්, ඔහුගේ කතාව මීට වඩා වෙනස් වන්නට තිබුණි. ඔහු වටා සිටි සමීපතමයින්ට කිසියම් අවස්ථාවක ඔහුට ජීවිතය එපා වී ඇති බව, ජීවිතය හැරයන්නට සිතෙන බව, ජීවිතය හැරයන බව, අඟවා තිබෙන්නට ඇත. ඒත් ඒ ගැන කිසිවකුත් නිසිලෙස සැලකිලිමත් නොවූයෙන් අවසානේ ඔහු සියතින්ම දිවි තොරකරගෙන ඔහුගේ සිතිවිල්ල ජයගෙන යන්නට ගියේය.
ඒ එක් සිදුවීමකි. මීට පෙර මේ අයුරින් සිය දිවි හානිකරගත්තන් පිළිබ`ද වරින්වර ලංකාවෙන් වාර්තා වුණේය. ඒ සියදිවි හානිකර ගැනීම් කර තිබුණේ එක් හේතුවකට නොවේ. විවිධ හේතුන් ඒවා යට තිබුණි. විශේෂඥ මනෝ වෛද්‍ය ප‍්‍රභාත් වික‍්‍රම මහතා පවසන්නේ ලංකාවේ මේ වන විට සියදිවි නසා ගැනීමේ අඩුවක් ඇතත් සියදිවි නසා ගන්නට තැත් කරන්නන්ගේ අගයෙහි අඩුවීමක් නැති බවයි.
සිය දිවි නසා ගැනීමත් සියදිවි නසා ගැනීමට තැත්කිරීමත් කාරණා දෙකකි. නමුත් මේ දෙකෙන් එකකටවත් සරල හේතුවක් ගෙනහැර දක්වන්නට නොහැකිය. ඊට හේතුව සියදිවි නසා ගන්නට හෝ තැත් කිරීම වන්නේ හේතූ ගණනාවක සංකලනයකින් වීමයි. විද්‍යානුකූලව සියදිවි නසාගන්නට හේතු සෙවීම අපහසු වැඩකි. ඒ සියදිවි හානිකර ගත්තේ නම් අදාළ පුද්ගලයා ජීවතුන් අතර නැති නිසාය. ඒ නිසා කරන්නේ මියගිය පුද්ගලයා සමීපව ඇසුරු කළ අය හා කතාබහ කොට සියදිවි නසාගන්නට හේතුන් අනුමාන කිරීමයි. 1997 වසරේදී මනෝ විශේෂඥ වෛද්‍ය රනිල් අබේසිංහ මහතා පුද්ගලයන් 499 ක් සම්බන්ධ කොටගෙන සිදු කළ පර්යේෂණයකදී සියදිවි නසාගත් කණ්ඩායමෙන් 1/3 ක පිරිසක් විෂාදය (ාැචරුිිසදබ* රෝගයෙන් පෙළෙමින් සිටි බව හෙළිවිය. සියදිවි නසාගත් පිරිසෙන් 2/3 ක පිරිසක් මත්පැන් පානයට හෝ මත්පැන් පානයෙන් ඇතිකරගත් ගැටලූවලට මුහුණ පා සිටියහ. සිය දිවි නසා ගත් අයගෙන් 1/3 ක් කිසියම් විටෙක තමන් දිවිනසා ගන්නා බවට අනතුරු අඟවා තිබුණි.
සිය දිවි නසා ගැනීමට තැත් කරන්නන් වන්නේ යම් අවස්ථාවක දිවි නසා ගන්නට උත්සාහකර එය නිෂ්ඵල වූ පිරිසයි. දිවි නසාගත්තවුන්ගේ මරණයට හේතු සොයනවාට වඩා පහසුවෙන් දිවි නසා ගන්නට තැත් කළ වුන්ගෙන් ඊට හේතු සොයා ගත හැකිය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය තිළිණ රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් වස සහ වැඩිපුර බෙහෙත් පානය කර සුවපත්වූ 25 දෙනකුගේ කණ්ඩායමක් හා 1000 කට ආසන්න කණ්ඩායමක් ඇසුරින් කොටස් දෙකකට පර්යේෂණයක් සිදු කළේය. කෙනකු දිවිනසා ගැනීමට තැත්කිරීමට කල් පවතින හේතු මෙන්ම ආසන්න හේතුද බලපාන බවට ඉන් පෙනී ගොස් ඇත. කල්පවතින හේතු හැටියට කුඩා කණ්ඩායමෙන් 1/3 ක් විෂාදයෙන් පෙළෙමින් සිට ඇති අතර තවත් 1/3 ක් මත්පැන් භාවිතය සම්බන්ධ ගැටලූවලින් පෙළෙමින් හිඳ ඇත. විශාල කණ්ඩායමෙන් 70% ක් පමණ පිරිසක් තම ලබැඳියකු සම්බන්ධ ගැටලූවකට දිවි නසා ගන්නට තැත්කර තිබුණි. ආර්ථික ගැටලූ විභාග ගැටලූ, ශාරීරික අපහසුතා ආදියද දිවි නසාගන්නට තැත් කරන්නට ආසන්න හේතුව ලෙස දක්වා තිබුණි. එමෙන්ම බොහෝ දෙනෙක් තමන්ට ඇතිවූ මානසික කම්පනයකින් මිදීමේ මගක් ලෙසටද සියදිවි නසාගන්නට තැත්කර තිබුණි.
මේ අයුරින් සියදිවි නසා ගන්නට තැත් කරන්නන් තුළින් සිය දිවි නසාගන්නට හේතු අනාවරණය කරගත හැක. මේ හේතුන් කලින් හඳුනාගෙන ඒවාට ප‍්‍රතිකාර ලබා දීම තුළින් කෙනකුට දිවිනසාගන්නට සිතෙන සිතුවිල්ලෙන් මිදෙන්නට හැක.
කෙනකු විෂාදය තත්ත්වයේ පසුවන්නේ නම් බාහිරින් එය හඳුනාගත හැකි ලක්ෂණ ඇත. නිරන්තර දුක, සතුට නැතිකම, ඇඟට ප‍්‍රබෝධයක් නැතිකම, අමතකවීම, තරහ යාම, තමා වරදක් කළා යැයි හැඟීම, ජීවිතය එපාවීම, කෑම අරුචිය, නින්ද පිළිබඳ ගැටලූ විෂාදයේ රෝග ලක්ෂණයි. මේවා වෛද්‍ය ප‍්‍රතිකාර මගින් සුව කරගත හැකිය.
කෙනෙකුට ඇතිවන දුක, ලජ්ජාව, තරහව වැනි ආවේග සදාකාලිකව, පවතින ඒවා නොවේ. ඒවා ඒ තත්ත්පරයේම හෝ පැය කීපයකින්, දින කීපයකින් නැතිවී යන ආවේගයි. ආවේග දරාගත නොහැකිව සියදිවි හානි කර ගැනීම මෝඩකමකි. මෙවන් ආවේගයක් ඇතිවූ කල්හී වඩා සමීප හිතෛෂියෙකු හෝ විශ්වාසවන්තයකු සමග කතාකිරීම සුදුසුය. එසේ කළ නොහැකිනම් ඒ ගැන ලිවීම, ආගමික වතාවත්වලට සහභාගී වීම, කලා කටයුත්තක යෙදීම හෝ කාලයට ඉඩදීම තුළින් ආවේග තුනීවී යා හැක.
ගැටලූකාරී මත්පැනට යොමු වූවන්ටද ප‍්‍රතිකාර ක‍්‍රම ඇත. අද පිරිමි අයගෙන් 60% කට ආසන්න පිරිසක් මත්පැන් ගැටලූවලින් පෙළෙයි. ඒ අය සඳහා ද ප‍්‍රතිකාර ඇත. එමෙන්ම ඒ අයට ප‍්‍රථිකාර කරන විවිධ ආයතන ද ඇත.
තම ළබැඳියකු නිසා ඇතිවන ගැටලූවලදී හෝ සිත් තැවුල්, පේ‍්‍රම සම්බන්ධතා, ආර්ථික ගැටලූ, විභාග ගැටලූ හා ශාරීරික වැනි ගැටලූ නිසාත් අදාළ කෙනා සිය දිවි නසා ගැනීම ගැන ළබැ`දියන් සමගම ඉඟි පළ කිරීම සිදුවේ.
විද්‍යාත්මකව සිදුකළ පර්යේෂණවලින් හෙළිවන්නේ සිය දිවි නසාගන්නට 37% පමණ කලින් අඟවන බවයි.
”මට මැරෙන්න ඕන”
”මම මැරෙනවා ”
”මෙහෙම ජීවත්වනවට වඩා හොඳයි මැරෙන එක ”
”මම සියල්ල දෛවයට භාර දෙනවා ”
වැනි ඉඟි දෙන පුද්ගලයෝ සිටිති. මෑත කාලයේ නම් එවන් අය කිය කියා ඉන්නවට වඩා මුහුණු පොතේ ඒ බව සටහන් කරයි. සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස් දෙයක් කෙනෙක් කියයි නම් ඒ ගැන සොයා බැලීම කළ යුතුයි. විශේෂයෙන් තරුණ ළමයි අධික ලෙස කේන්ති ගන්නේ නම් හුදකලාව කාමරයට වී සිටින්නේ නම් ඒ ගැන සොයා බැලිය යුතුයි. මේ අයටද වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍යය.
මනෝ වෛද්‍ය ප‍්‍රභාත් වික‍්‍රම කියනුයේ මේ සියලූ හේතු කාරණා අවසානයේ විෂාදය හැදීමේ ඉඩකඩ වැඩි බවයි. විෂාදය හැදුණු කෙනෙකුට සිය දිවි හානි කරගන්නට හිතෙන ඉඩ වැඩිය. ඒ නිසා මේ ගැටලූවල ජීවත් වන්නන් සමීපතමයන් හෝ හඳුනාගන්නේ නම් ඔවුන් වහා වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් ඒ ජීවිත ඛේදවාචකයකින් අවසන් නොවී ඔවුන්ටද පරමායුෂම ලැබෙනු ඇත.
බියංකා නානායක්කාර
4:00, Sep 30 2017
http://www.rivira.lk/online/2017/09/30/128485
Comments