කොසොල් රජතුමා දුටු සිහින
දිනක් කොසොල් රජතුමා නින්දේදී සිහින 16 ක් දක්නා ලදී.
මේ අමුතු ආකරයේ සිහින රාජ සභාවේ සිටි පණ්ඩිතයන් හට ද මෙම සිහින වල නියම තේරුම සිතා ගත නොහැකී නිසා රජතුමා තමා හට පෙණුන සිහින පිලිබඳව විමසීමට බුදුරජාණන් වහන්සේ වෙත ගියේය.
බුදුරජාණන් වහන්සේ මෙම් සිහින වල නියම තේරුම රජතුමාට පැහැදිලි කරන ලදී.
මේ අමුතු ආකරයේ සිහින රාජ සභාවේ සිටි පණ්ඩිතයන් හට ද මෙම සිහින වල නියම තේරුම සිතා ගත නොහැකී නිසා රජතුමා තමා හට පෙණුන සිහින පිලිබඳව විමසීමට බුදුරජාණන් වහන්සේ වෙත ගියේය.
බුදුරජාණන් වහන්සේ මෙම් සිහින වල නියම තේරුම රජතුමාට පැහැදිලි කරන ලදී.
පළමුවන සිහිනය ;
කොසොල් රජතුමා : “කළු පාට ගොනුන් සතර දෙනෙකු සතර දිශාවෙන් ගොන් පොරය සඳහා දූවිලි අවුස්සාගෙන විදුලි වේගයෙන් දිව එනවා .
නරඹන්නෝ ඒ දෙස මහත් වූ උද්යෝගයෙන් බලා සිටී. නමුත් පසුව පොරයට පැමිණි ගොනුන් සතර දෙනා එකවරම ආසන්නයටම පැමිණ නැවතත් ආපසු හැරී දිව ගියා.
උද්යෝගයෙන් සිටි නරඹන්නන් ගොන් පොරය බලන්නට බැරි වී දුක් වුණා. “
"බුදුජාණන්වහන්සේ : " අනාගතයේ දී රටේ අධාර්මික පාලකයන් නිසා රටේ දේශගුණයත් ,කාලගුණයත් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.කලට වෙලාවට වැසි වසින්නෙ නෑ.
ගොවියෝ අහස දිහා බලාගෙන ඉන්නවා.වැසි බලාපොරොත්තුවෙන් .
ඔන්න ඔය අතරේ ඝණ වැසි වලාකුළු ඇවිත් අහස වසා ගන්නවා.ගොවියො ගොවිතැනට සැරසෙන්න ගන්නවා .
එහෙත් අර වහින්න කියල පැමිණුන වලාකුළු වෙන දිහාවකට පාවෙලා යනවා. වැස්ස බලාපොරොත්තුවෙන් සිටි ජනතාවත් ගොවියනුත් දුකට පත් වෙනවා.
දෙවන සිහිනය ;
කොසොල් රජතුමා : "ස්වාමීනි රජ මාලිගාවේ මිදුලේ පුංචි පුංචි පැළ වල ලොකු ලොකු ගෙඩි හටගෙන තිබුණා .මෙසේ පෙනුනේ ඇයි? "
බුදුරජාණන්වහන්සේ : "අනාගතයේදී මිනිසුනේ කාමාශාව වැඩි වෙනවා.එම නිසා ඔවුන් අඩු වයසින් විවාහ වෙනව ඔවුන් ගේ ආයුෂත් අඩු වෙනවා.ඔවුන් කුඩා අවදියේම ළමයින් බිහි කරනවා. එයයි මෙම සිහිනයේ ප්‍රතිඵලය.
තෙවන සිහිනය ;
කොසොල් රජතුමා : "තමන් ගෙන්ම ඉපදුන වහු පැටියගෙන් එළදෙන කිරි බොනවා මෙය වෙන්න පුළුවන්ද ?”
බුදුරජාණන්වහන්සේ :රජතුමනී,අනාගතයේ දිනක දරුවන් තම දෙමාපියන් නොසලකා හරිනවා. ඔවුන් වැඩිහිටියන්ට ගරු කරන්නෙ නෑ .වැඩිහිටියන් හට සිදු වෙනවා .
ඔවුන්ගේ දරුවන් ලඟ දාසයන් සේ ක්‍රියාකරන්න හා යැපෙන්නට .
ඔවුන්ට සළකන්නේ නැත්තම් ඔවුන් වැඩිහිටියන් ට සළකන්නේත් නැහැ.
සතරවන සිහිනය ;
කොසොල් රජතුමා : "මා දුටුවා ගැල් පේළියක ඉදිරිපස ගැල් වල ළපටි ගොනුන් බැඳ පසුපස ගැල් වල ජවසම්පන්න ගොනුන් බැඳ තිබුනා.
ඉතින් ඉදිරිපස ගැල් වල බැඳ සිටියේ ළපටි ගොනූන් නිසා එම ගැල් පේළිය ඇදගන්න බැරිව නතර වෙලා තිබුනා.මෙහි තෙරුම කුමක්ද? “
බුදුරජාණන්වහන්සේ :රජතුමනී,අනාගත පාලකයන් බුද්ධිමත් අත්දැකීම් බහුල ඇමති වරුන් හට බල තල නොදී ඔවුන්ට විරුද්ධව බාල අත්දැකීම අඩු පුද්ගලයන් හට බල තල ලබා දී පාලනය අවුල් කර ගන්නවා.
පස්වන සිහිනය ;
කොසොල් රජතුමා : හිස් දෙකක් තිබෙන අශ්වයෙක් ඉදිරිපස හිසෙනුත් පසුපස හිසෙනුත් තණකොල කනවා.මෙය වෙන්න පුළුවන්ද ?
බුදුරජාණන්වහන්සේ : "අනාගතයේදී රටේ අධාර්මික පාලකයන් නිසා නීතිය අවනිතිය වෙනවා,යුක්තිය අයුක්තිය වෙනවා,
නිතීඥයොත් ,විනිශ්චයකාරයොත් දෙපැත්තෙන්ම ( විත්තිය හා පැමිණිල්ල ) අල්ලස් ගනිමින් කටයුතු කරනවා.
සයවන සිහිනය ;
කොසොල් රජතුමා : "ජරාපත් හිවලකුට රන්තලියක මුත්‍රා කිරිමට සලස්වා ජනතාව ඒ දෙස බලා සිටින අයුරුයි. මෙහි තේරුම කුමක් ද ? "
බුදුරජාණන්වහන්සේ : "මෙයින් කියැවෙන්නේ අනාගතයේදී සම්භාවනීය යැයි ලෙස සැලකෙන පුද්ගලයින් තමන් ගේ නොමනා ක්‍රියාකරකම් නිසා සම්පත්වලින් පිරිහෙනවා.
තමන්ගේ පරම්පරා වලින් උරුම වූ සම්පත් පිරිහීම නිසා මොවුහූ තමන්ගේ දූ දරුවන් අයථා ක්‍රම වලින් ධනවතුන් හට සරණපාවා දෙනවා."
හත්වන සිහිනය ;
කොසොල් රජතුමා : "මිනිසෙකු අසුනකට වී සම්පටකින් ලණුවක් අඹරද්දී එම අඹරන ලණුව අසුන යට සිටින හිවල් ධේනුවක් විසින් කා දමන ආකාරය . මෙහි තෙරුම කුමක් ද? “
බුදුරජාණන්වහන්සේ : "මෙයින් කියවෙන්නේ අනාගතයේදී මිනිසුන් අතර කාම මිත්‍යාචාරය බහුල වීම නිසා ස්වාමි පුරුෂයන් විසින් උපයන ධනය ස්ත්‍රීන් විසින් අනාචාරයේ හැසිරීමට වැය කිරීම නිසා ඇතිවන පිරිහීමේ ස්වභාවයයි.
අටවන සිහිනය ;
කොසොල් රජතුමා : "සතර දිගින් පැමිණෙන ස්ත්‍රීන් හා පුරුෂයන් විසින් පිරී ඉතිරෙමින් පිටාර ගලන කළයකට පමණක් ජලය ගෙනැවිත් එය පිරවීමට උත්සාහ ගන්නවා .
හිස් කළ ගෙඩි ගැන කවුරුත් බලන්නේ නැහැ.ඒවා එහෙම්මම තිබෙන්නට හරිනවා.මෙම සිහිනයේ තේරුම කුමක්ද?”
බුදුරජාණ්න්වහන්සේ : "අනාගතයේ දී පාලකයන් රට සමෘද්ධිමත් නොකිරීම නිසා රටේ ජනතාව අතිශ්‍ය දිළින්දන් බවට පත් වෙනවා. රටේ ආර්ථිකය පිරිහෙනවා. එවිට රජය ජනතාව අතර බදු බර තව තවත් පටවනවා.
රටේ ධනවතුන් තව තවත් තර වෙනවා.ඇත්තෝම තවත් තර වෙනවා. නැත්තෝ නැත්තටම නැති වෙනවා.”
නව වන සිහිනය ;
කොසොල් රජතුමා : "දිය පිරුණු පොකුණක් දුටිමි.මේපොකුණේ මැද බොර වී තිබුණා .සතුන් සීපාවුන් ඇවිත් පොකුණ වටේ වතුර බොනවා .නමුත් මෙම පොකුණ වටේ නම් වතුර හොඳටම පැහැදිලියි..
පොකුණ මැද්දෙ විතරක් බොර වෙලා වටේ විතරක් වතුර තිබෙන්න විදියක් නැහැනෙ මෙහි තේරුම කුමක්ද ?"
බුදුරජාණන්වහන්සේ : "රටේ පාලකයො අධාර්මික වීම නිසා රට හැම අතින්ම දූෂනය වෙනවා. රටේ සිටින උගතුන් බුද්ධිමතුන් රට ගැන කළකිරෙනවා.
තමන්ගේ උගත්කමට සරිලන ස්ථානය නොලැබීම නිසාත් ,රටේ යහපත් ජීවිතයක් ගත කිරීමට නොහැකි නිසාත් ඔවුන් ඒවා සොයා වෙනත් දේශයන් කරා පියමන් කරනවා.
එවිට ඔවුන්ගේ සේවය රටට ලැබෙන්නේ නැහැ. එම නිසා රට තව තවත් පිරිහෙනවා.
තමන්ගේ උගත්කමට සරිලන ස්ථානය නොලැබීම නිසාත් ,රටේ යහපත් ජීවිතයක් ගත කිරීමට නොහැකි නිසාත් ඔවුන් ඒවා සොයා වෙනත් දේශයන් කරා පියමන් කරනවා.
එවිට ඔවුන්ගේ සේවය රටට ලැබෙන්නේ නැහැ. එම නිසා රට තව තවත් පිරිහෙනවා.
දසවන සිහිනය ;
කොසොල් රජතුමා : "මා දුටුවා ලිපෙහි ඇති බත් හැලියක් .නමුත් මෙම හැලියේ එක් පැත්තක නොපිසුණු සහල් ද තවත් පැත්තක බාගෙට පිසුණ සහල් ද ,තවත් පසෙක ඇට්ටිකුණා සහල් ද තිබෙන අයූරු මා දුටුවා.
ස්වමීනී එකම බත් හැලියේ විවිධ වූ ආකාරයේ සහල් වර්ග.මෙහි තේරුම කුමක් ද? "
ස්වමීනී එකම බත් හැලියේ විවිධ වූ ආකාරයේ සහල් වර්ග.මෙහි තේරුම කුමක් ද? "
බුදුරජාණන්වහන්සේ : රටේ පාලකයින් ගේ නොමනා ක්‍රියාකලාපය නිසා නිසි ලෙස වැසි වසින්නේ නැහැ.වැස්සත් වසින්නේ කඩින් කඩ.තව තැනකට හොඳට පායනවා. මෙහෙම වුනාහාම එක තැනක ඇති වී බොල් වෙනවා. සමහර තැන් නියඟයට අහු වෙනවා.
එකොළොස්වන සිහිනය ;
කොසොල් රජතුමා : "සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා දුටුවා..මෙහි තේරුම කුමක් ද? "
බුදුරජාණන්වහන්සේ: "අනාගතයේදී මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා.
මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම හීනයේ තේරුම ."
මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම හීනයේ තේරුම ."
දොළොස්වන සිහිනය ;
කොසොල් රජතුමා : "මා දුටුවා සැහැල්ලු ලබු කබල් වගයක් දියේහි පාවෙන්නේ නැතිව බර වස්තූන් මෙන් දියේහි ගිලෙනවා .”
බුදුරජාණන්වහන්සේ : "අනාගතයේදී රාජසභාවේ සුදුස්සන්ට ඇමතිකම් නොදී නුසුදුසු පහත් අය ඇමතිකම් හා නිල තල ලබා දීම නිසා රාජසභාව හිස් කතා වලින් පිරෙනවා .
පන්සල් හා අනෙකුත් ආගමික ස්ථන වල හිස් කථා පැතිර යනවා. රටේ ජනතාව හිස් කතා වලට ප්‍රිය කරන තත්වයට පත් වෙනවා .හිස් ලබු කබල් දියෙහි කිඳා බැසීමෙන් අර්ථ දැක්වෙන්නේ මෙයයි.
පන්සල් හා අනෙකුත් ආගමික ස්ථන වල හිස් කථා පැතිර යනවා. රටේ ජනතාව හිස් කතා වලට ප්‍රිය කරන තත්වයට පත් වෙනවා .හිස් ලබු කබල් දියෙහි කිඳා බැසීමෙන් අර්ථ දැක්වෙන්නේ මෙයයි.
දහතුන්වන සිහිනය ;
කොසොල් රජතුමා : "බුදුරජාණන්වහන්ස, මා දුටුවා විශාල ගල් ජලයෙහි පා වෙනවා. මෙය විය හැකි දෙයක් නම් නෙමේ නේ .මෙහි තෙරුම කුමක්ද?”
බුදුරජාණන්වහන්සේ :"අනාගතයේ පාලකයොත් මහජන ප්රජාවත් රටේ ඉන්න උගතුන්ගේ,වියතුන්ගේ ,බුද්ධිමතුන්ගේ අදහස් හා අනුසාශනා අහන්නේ නැහැ.රාජසභාවේත්, ප්රජාවත් අතර ඉහත වටිනා අදහස් කිඳා නොබැස ඔහේ පා වෙලා යනවා. "
දාහතරවන සිහිනය ;
කොසොල් රජතුමා : "පුංචි මැඩියන් සර්පයින්ව අනුභව කිරීමට පස්සේන් පන්නනවා.
මෙහි තේරුම කුමක් ද?”
"බුදුරජාණන්වහන්සේ : "අනාගතයේ දී මිනිසුන් මීටත් වඩා රාගාධික වෙනවා.එවිට වයසක පුරුෂයින් වයසින් අඩු ස්ත්‍රීන් සමඟ සේවනය සඳහා පෙලඹෙනවා.
ඒ සඳහා ඔවුහූ තමන්ගේ ධනය වැය කරනවා.ධනයට ආසාවෙන් සිටින පෙර කී ස්ත්‍රීනුත් ඒ සඳහා යොමුවී වයසක ධනවත් පුරුෂයින්ව වසඟයට ගෙන පසුව දේපළ තමන් සතු කර ගෙන අර වයසක පිරිමින් හට නිග්‍රහ කරනවා.
ඒ සඳහා ඔවුහූ තමන්ගේ ධනය වැය කරනවා.ධනයට ආසාවෙන් සිටින පෙර කී ස්ත්‍රීනුත් ඒ සඳහා යොමුවී වයසක ධනවත් පුරුෂයින්ව වසඟයට ගෙන පසුව දේපළ තමන් සතු කර ගෙන අර වයසක පිරිමින් හට නිග්‍රහ කරනවා.
පහළොස්වන සිහිනය ;
කොසොල් රජතුමා : "නිතරම යමක් ඩැහැගැනීමට සැරසී සිටින කපුටකු හංසයන් පිරිවරාගෙන සිටිනවා දුටිමි.එහි තේරුම කුමක්ද?”
බුදුරජාණන්වහන්සේ : "අනාගතයේදී පාලකයන් විසින් දාමරීකයින් හට,මිනිමරුවන් හට, හීන ජාත ඇති අයට ,ඉතා ඉහල සම්භාව්යනීයත්වයක් ලබා දෙනවා.
එම නිසා ඔවුන් සමාජයේ ඉහළින් වැජ්ඹෙනවා.එම නිසා බුද්ධිමතුන් හට සිදුවනවා මොවුන්ට යටත් වීමටත් ,ඔවුන්ට ආරක්ෂාව සැපයීමටත් .
එම නිසා ඔවුන් සමාජයේ ඉහළින් වැජ්ඹෙනවා.එම නිසා බුද්ධිමතුන් හට සිදුවනවා මොවුන්ට යටත් වීමටත් ,ඔවුන්ට ආරක්ෂාව සැපයීමටත් .
දහසයවන සිහිනය ;
කොසොල් රජතුමා : “එළුවන් විසින් කොටියන් අල්ලාගෙන කනවා දුටිමි.මෙහි තේරුම කුමක්ද ?"
බුදුරජාණන්වහන්න්සේ : "රජතුමනි දාමරීකයන් හට මිනිමරුවන් හට රජයෙන් වරප්‍රසාද ලැබෙන නිසා පාරම්පරික අයිති ඉඩම් ඔවුන් විසින් කොල්ල කනවා.ඒ සඳහා අධිකරණ පිහිට පැතීමට ගිය කල්හී ඔවුන් හට තාඩන පීඩන විඳීමට සිදුවෙනවා .
ජීවිත අන්තරාය නිසා ඔවුන් අර මැරයින් හට ඉඩකඩ්ම් පවරා දී පැත්තකට වෙලා බලා සිටිනවා .රටේ පුජ්‍ය පක්ෂය ඉහත කී සිදුවීම් දෙස නිහඬව බලා සිටිනවා.
ජීවිත අන්තරාය නිසා ඔවුන් අර මැරයින් හට ඉඩකඩ්ම් පවරා දී පැත්තකට වෙලා බලා සිටිනවා .රටේ පුජ්‍ය පක්ෂය ඉහත කී සිදුවීම් දෙස නිහඬව බලා සිටිනවා.
Comments