ක්‍රීඩාවෙන් ක්‍රීඩකයකුගේ සමාජ මෙහෙවර



ලෝකයේ විවිධ  ක්‍රීඩා තරු ජනප්‍රිය වනවාත් සමඟ  ඔවුන් ඉබේම වෙළඳ ප්‍රචාරණයට මිලක් ලබා ගනිති. Usain Bolt තමන්ගේ රටේ සුභ සිද්ධිය සඳහා ඔහු සහභාගීවන සියළුම වෙළඳ දැන්වීම් ඔහුගේ මව්බිමේ රූගත කරන ලෙස ඉල්ලීම ශ්‍රේෂ්ඨ හැසිරීමකි.ඉන්දීය ක්‍රීඩක Virat Kohli ලෝකයේම ප්‍රසිද්ධ වෙළඳ සන්නාම වන Pepsi ,Coca Cola සමාගම් සඳහා තමන් ඉදිරිපත් වීමට අකමැති බව ප්‍රසිද්ධියේ පැවසීමට නිර්භය විය.

ලංකාවේද අර්ජුණ රණතුංග  කදිම ආදර්ශයක් සෙසු ක්‍රීඩකයින්ට ලබා දුනි.ඒ සියළුම වෙළඳ දැන්වීම් ප්‍රතික්ෂේප කර සමාජ සුභසාධනය වෙනුවෙන් MRI Scanner යන්ත්‍රයක් පිළිකා රෝගීන් වෙනුවෙන් ලබා ගැනීමට පෙනී සිටි වෙළඳ දැන්වීමයි.අරවින්ද ,රොෂාන් ,හෂාන් කීල්ස්‌ සමාගමේ කෘතීම ආහාර සඳහා මුදලට පෙනී සිටියදී අර්ජුන නොමිලයේ ඔහුගේ වගකීම ඉටු කළේය.අද මෙන්  අන්තර්ජාල, පුවත්පත් මාධ්‍ය නොතිබූ සමයක සමහර දෙමව්පියන් පවා සොසේජස් කන ක්‍රීඩකයන් විස්වාස කළහ.පසුකාලින පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනට වඩා ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන මහත්මා ගති තුලින් ප්‍රමුඛ බවට මෙම උදාහරණය පමණක් වුවද සෑහේ





ඉන්පසු මෑත කාලයේ ඇන්ජලෝ ,සංගක්කාර,ඩිල්ෂාන්,මහේල  අධිකව වෙළඳ දැන්වීම් සඳහා පෙනී සිටි ක්‍රීඩකයින්ය.මහේල ජයවර්ධනද එවන්වූ පොදු රෝගී ව්‍යාපෘතියක් වෙනුවෙන් යාපනයේ සිට කොළඹට පාගමනින් පැමිණියා මිනිසුන්ට මතකය.සංගක්කාර දුරකථන සමාගම් දෙකකට එකම product එකක් වෙනුවෙන් දෙවතාවක් පෙනී සිටියේය. ඇන්ලීන් නමැති කිරි වර්ගයක වැඩිපුර අස්ථි වර්ධනයට කැල්සියම් ඇතිබව වරෙක කීවේය.වාසනාවකට විද්වත් ධෛර්යමත් වෛද්‍යවරියක් එය සාවද්‍ය බව මව්වරුන්ට පැහැදිලි කලාය.

ක්‍රීඩකයකුට ලැබෙන වෙළඳපොල වටිනාකමින් මුදල් උපයාගැනීම අතිශයින්ම සාධාරණය.ගැටළුව ඇත්තේ කෝටි ගණනක් තමන්ට ගෞරව කරන මිනිස් සංහතියට තමන් විසින් නැවත ලබා දෙන්නේ කුමක්ද යන්නයි.


http://www.firstpost.com/sports/usain-bolt-insists-to-shoot-all-advertisements-in-jamaica-to-give-back-to-his-community-2906428.html
https://petapixel.com/2016/08/22/usain-bolt-says-will-photo-shoots-jamaica-now/
https://iamajamaican.net/sports/2016/02/usain-bolt-photoshoots-must-be-done-in-jamaica/
http://www.businessinsider.sg/usain-bolt-opening-jamaican-restaurant-tracks-and-records-in-uk-2017-8/?r=UK&IR=T
http://www.rivira.lk/online/2017/09/23/127656

Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්