Posts

චේතනාහං භික්ඛවේ කම්මං වදාමි

Image
බුද්ධත්වයෙන් පසුද බුදුහිමියන් විදි පූර්ව කර්ම හා ඊට හේතු මේ දැක්වෙන්නෙ ලොව්තුරු බුදුහිමියන් බුදුඋනාට පස්සෙ වින්ද කර්ම විපාක හා ඒවට හේතු.බලන්න.බුදුවෙලත් ඒ විපාක විදින්න සිදු උනානම් අපි කරන දේවල් තව කල්ප කීයක් නම් විදවන්න වෙයිද? සංසාරයේ භයානක ‍කම කොතරම්ද ? 01 සුන්දරී පරිබ්‍රාජිකාවගේ විහාරස්ථානයට යන එන ගමන හේතුවෙන් ලද අපවාදය. පෙර මුනලධුර්තකව සිටියදී සරභ නම් පසේ බුදුරජුන්ට කළ දෝෂාරෝපණය මෙයට හේතු විය 02 බඩදරු වෙස්ගත් චින්චි මානවිකාව නිසා අපවාද විදීම. පෙර ලොව පහළ වූ සම්භාභිභූ නම් බුදුරදුන්ගේ නන්ද නම් ශාවකයන් වහන්සේට කාම භෝගිකයා ලෙසින් දොස් නැගීම නිසා සසර බොහෝ දුකට පත්වී සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර කරන ලද කර්මය බුදුවන භවයේදීත් විපාක දුන්න. 03 සුන්දරී පරිබ්‍රාජිකාව දූෂණය කොට මරා දැමීයැයි කියූ අභූත චෝදනා අපවාදය. පෙර භීම නම් නම් ඍෂින්වහන්සේට බැණ වැදීමෙන් දින හතක් තිස්සේ මේ අපහාසය වින්දා 04 දෙව්දත් තෙරණුවන් ගලක් පෙරලීම. පෙර කලෙක වස්තු ලෝභයෙන්තම සොහොයුරා ගන්දකින් පල්ලට පෙරළා මරා දැමීම නිසා සසර බොහෝ දුක් විද බුදුවන භවයේදීත් විපාක දුන්න. 05 දෙව්දත් දුනුවායන් යෙ...

ආනාපාන සති භාවනාව

Image
                                                                         Spanda School එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ, භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කර, ‘මහණෙනි, යම් කිසිවකු විසින් ආනාපාන සති භාවනාව වඩයි නම් හෙතෙම ශාන්ත පැවැත්මක් ඇති අයකු බවට පත්වෙයි. සැපසේ වාසය කරන අයකු බවට පත්වෙයි යහපත් පුද්ගලයන් ඇසුරු කරන අයකු බවට පත්වෙයි. එසේම ඔහුගේ යම් යම් අකුසල කර්ම විපාක නැතිවීමටද හේතු වෙයි යනාදී වශයෙන් ආනාපාන සති භාවනාවෙහි වැදගත්කම පෙන්වා දුන්හ. සිදුහත් කුමරු ඉපැදී මාස පහක් ගත විය. එදින කිඹුල්වත් පුර වාර්ෂිකව පවත්වනු ලබන වප් මඟුල් උත්සවය විය. විශාල ජනතාවක් සහභාගි වෙමින් උත්සවාකාරයෙන් පවත්වනු ලබන මෙම උත්සවයට තම සිඟිති පුතනුවන් ද රැගෙන යාමට සුද්ධෝදන පිය මහ රජතුමා තීරණය කළේය. කෙත මධ්‍යයේ සුවිසල් දඹ වෘක්ෂයකි. එම රුක් සෙවණෙහි කුමරු වෙනුවෙන්ම සකස් කරන ලද ආසනයකි. එහි ආරක්ෂාකාරිව කුමරු නිදි කරවූ රජතුමා පිරිවර සමග...

අඳුර ගලන හැන්දෑවක ...

අඳුර ගලන හැන්දෑවක වෙරල කොනක අත් පටලා බලා හිඳිමු නතරවෙලා හිරු බැසයන සිතුවම දෙස ... ඔය දැගිලි වල උණුසුම විඳිනට එන්නම් භවයම ආසයි මං අද වාගේම ඔබ එනවානම් හවසට ... සුදු වැලි ඉහිරුණු පලසක පා ඔසවමු තුරුළු වෙලා දොඩමළුවෙමු අපේ ලොවට අයෙත් දවසක් එනතුරු ...!