චේතනාහං භික්ඛවේ කම්මං වදාමි


බුද්ධත්වයෙන් පසුද බුදුහිමියන් විදි පූර්ව කර්ම හා ඊට හේතු


මේ දැක්වෙන්නෙ ලොව්තුරු බුදුහිමියන් බුදුඋනාට පස්සෙ වින්ද කර්ම විපාක හා ඒවට හේතු.බලන්න.බුදුවෙලත් ඒ විපාක විදින්න සිදු උනානම් අපි කරන දේවල් තව කල්ප කීයක් නම් විදවන්න වෙයිද? සංසාරයේ භයානක ‍කම කොතරම්ද ?


01 සුන්දරී පරිබ්‍රාජිකාවගේ විහාරස්ථානයට යන එන ගමන හේතුවෙන් ලද අපවාදය.
පෙර මුනලධුර්තකව සිටියදී සරභ නම් පසේ බුදුරජුන්ට කළ දෝෂාරෝපණය මෙයට හේතු විය


02 බඩදරු වෙස්ගත් චින්චි මානවිකාව නිසා අපවාද විදීම.
පෙර ලොව පහළ වූ සම්භාභිභූ නම් බුදුරදුන්ගේ නන්ද නම් ශාවකයන් වහන්සේට කාම භෝගිකයා ලෙසින් දොස් නැගීම නිසා සසර බොහෝ දුකට පත්වී සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර කරන ලද කර්මය බුදුවන භවයේදීත් විපාක දුන්න.


03 සුන්දරී පරිබ්‍රාජිකාව දූෂණය කොට මරා දැමීයැයි කියූ අභූත චෝදනා අපවාදය.
පෙර භීම නම් නම් ඍෂින්වහන්සේට බැණ වැදීමෙන් දින හතක් තිස්සේ මේ අපහාසය වින්දා


04 දෙව්දත් තෙරණුවන් ගලක් පෙරලීම.
පෙර කලෙක වස්තු ලෝභයෙන්තම සොහොයුරා ගන්දකින් පල්ලට පෙරළා මරා දැමීම නිසා සසර බොහෝ දුක් විද බුදුවන භවයේදීත් විපාක දුන්න.


05 දෙව්දත් දුනුවායන් යෙදවීම.
පෙර භවයක කුඩා දරුවෙකුව සිටියදී පසේ බුදුවරයෙකු දැක ගලකින් ගැසීම නිසා සසර බොහෝ දුක් විද බුදුවන භවයේදීත් විපාක දුන්න.


06 බුදුහිමියන් මරා දැමීමට නාලාගිරි ඇතු මැපිණීම.
පෙර භවයක ඇත්ගොව්වකුව සිටි බෝසතුන් පසේ බුදුකෙනෙකු වඩිනවා දැක දූෂිත සිතින් මරා දැමීමට ඇතු මෙහෙයවූවා. උන්වහන්සේ ඍද්ධියෙන් වැඩියා. පහත් සිතින් කල ක්‍රියාව නිසා සසර බොහෝ දුක් විද බුදුවන භවයේදීත් විපාක දුන්න


07 දෙව්දතුන් පෙරලූ ගලෙන් කොටසක් ශ්‍රී පතුලේ වැදී ලේ කැටි ගැසී සිරිපතුල පලා ලේ අස්කිරීම.
පෙර භවයක පෘතුවීශ්වර නම් රජව ඉපිද මිනිසකු මරවන ලද පව නිසා සසර බොහෝ දුක් විද බුදුවන භවයේදීත් විපාක දුන්න


08 සුව නොවන හිස රැදාවක් පැවතීම.
පෙර කෙවුල් පවුලක ඉපදී ඥාතීන් බොහෝ මාලුන් ගොඩ දමා දගලමින් සිටිනවා දැක සිනා පහල කල පාපය නිසා සසර බොහෝ දුක් විද බුදුවන භවයේදීත් විපාක දුන්න. සියලු ඥාතීන් බුදුවන භවයේද ඥාතීන් ලෙස ඉපිද විඩුඪහ කුමරු අතින් ඝාතනය උනා.


09 දොළොස්වන වස්කාලයේ බත් ඇටයක්වත් නොලැබ යවහාල් නම් අශ්ව ආහාරය වැලදීමට සිදුවීම.
පෙර ඵුස්ස බුදුරජාණන් වහන්සේට “ඔබවහන්සේ මේ ප්‍රණීත ඇල් හාල් වළදනවාට වඩා යවහාල් වැලදුවානම් හොදයි” කියා දොස් නැගූ පාපය නිසා සසර බොහෝ දුක් විද බුදුවන භවයේදීත් විපාක දුන්න.


10 සුව නොවන කොන්ද අමාරුවකි තිබීම.
පෙර මල්ලව පොර අල්ලන යෝධයෙකුව සිට විරුද්ධවාදියාගේ කොන්ද කැඩූ පවි නිසා සසර බොහෝ දුක් විද බුදුවන භවයේදීත් විපාක දුන්න.


11 ලේ අතීසාරය වැලදීම.
පෙර භවයක වෛද්‍යවරයෙකුව සිටියදී සිටිවරයෙකුට සිටුවරයෙකුට බෙහෙත්කර නියමිත මුදල නොගෙවූ නිසා විරේක බේත් දුන්න. සිටුවරයාට ලේත් සමග විරේක උනා. පසුව නියමිත මුදල දුන් නිසා නැවත සනීප කලා. ඒ කර්මය නිසා සසර බොහෝ දුක් විද බුදුවන භවයේදීත් විපාක දුන්න


12 බුදුවීමට සය වසරක් දුෂ්කර ක්‍රියා සිදුකිරීමට සිදුවීම.
පෙර ජෝතිපාලනම් මානවයෙකුව සිට ඝටීකාර නම් බමුණා සමග කාශ්‍යප බුදුපියාණන් වහන්සේට දොස් නැගීම නිසා සසර බොහෝ දුක් විද බුදුවන භවයේදීත් විපාක දුන්නා.


අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා !

මුහුණු පොතෙන් උපුටා ගැනීමකි.

Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්