Posts

“ලංගම”යේ කීර්ති බණ්ඩාර

Image
එච්.එම්.ආර්. කීර්ති බණ්ඩාර ඉතිහාස ගත වන්නේ කුණු බැනුම් අසන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ හෙවත් “ලංගම”යේ කළු පැල්ලම යන්තමින් හෝ අඩු කිරීමට දායක වූ නිර්භීත සහ අවංක පීඩිත පංතියේ රාජ්‍ය සේවකයකු ලෙසය. අවාසනාවට ඔහු සතිදෙකෙන් රටටම අමතක විය. රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබිය යුතු සේවකයකු මෙසේ නික්ම යාම ඛේදවාචකයකි.නීර්ජා භානෝත් ( Neerja Bhanot ) වැනි වීර කාන්තාවක් පවා අශෝක චක්‍ර සම්මානයෙන් 1987දී ඉන්දියාවේදී පිදුම් ලැබීය. කීර්ති බණ්ඩාරත් ඉන්දියාවේ වත් ඉපදුනානම් තත්වය වෙනස් වීමට ඉඩ තිබුණි . http://www.mawbima.lk/article20170401MB20170930.php?id=6113

අලි ඇතුන් සහ පන්සල්

Image
සංස්කෘතික වටිනාකම් වලින් අපි සමුර්ධිමත් වෙමු. අලියා හෝ ඇතා දේශීයව ජීවත්වන ශක්තිමත් සතෙකි. අතීතයේ පටන් යුධ ,කර්මාන්ත සඳහා අප විසින් මේ සතුන් යොදාගෙන ඇත. ප්‍රශ්ණය ඇත්තේ මේ සතුන් ව්‍යාපාරයක් ලෙස ලාභ උපයාගැනීමට භාවිතා කිරීමත්  පන්සල්වල ප්‍රෞඪත්වය කියාපෑමට යොදාගැනීමත්ය. මේ සතුන් ජීවත්වන්නේ කරඬු වැඩම්මවීම සඳහා නොව වනයේ නිදැල්ලේ ජීවත්වීමට බව අප කැමත්තෙන්  හෝ අකමැත්තෙන් හෝ අවබෝධ කරගත යුතුය. වසරකට වරක් හෝ දෙවරක් නිශ්චිත පෙරහැරක කරඬුව වැඩම්මවීම අපේ සංස්කෘතික වටිනාකම,අභිමානය පෙන්වීමට අතිශයින්ම ප්‍රමාණවත්ය.එයින් පසු සත්වයාගේ නිදහසට බලපෑම් කිරීම බෞද්ධ රටකට තරම් නොවේ.

කුණු විකුණා මුදල් හෙවීම

Image
ඕනෑම කුණු ගොඩක් විකිණීමට අවාසනාවකට මාධ්‍ය (රජයේ සහ පුද්ගලික) හුරුවී ඇත. රේටින්ග්ස් සහ මුදල් වලට ඕනෑම කුණු ගොඩක් පුම්බලා සල්ලි හොයන්න කටයුතු කරති. සමහර රාජ්‍ය නායකයොත් දේශපාලන උවමනාවන්ට පහුගිය කාලේ කුණු විකුණුවා. නීතියෙන් ගැලවුනත් හිතට එකඟව වැරදි බව ඕනෑම මිනිහෙක් දන්නා දෙයක්. සමහර නිර්මාණකරුවෝ  හරියට මීතොටමුල්ලේ කුණු කන්ද වගෙයි. බහුතරයකට යම් කෙනෙක් කුණු කන්දක් වුනාට සමහරුන්ට ඒ පුද්ගලයාම සල්ලි ආකාරයක්.

රටක් සතුටු කල ක්‍රිකට්

Image
ක්‍රිකට් පරාජය එක් පින්තුරයකින් ….

ඉටු කොට කලයුතු යුතුකම්

Image
ඉටු කොට කලයුතු යුතුකම් - ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් -ඔබයි මගේ පුතා උතුම් උපදින සිංහල නායකයින් තිඹිරිගෙය තුලම මියයන්නේ, ඔවුන්ගේ හොඳ අගය කිරීමට, නරක පෙන්වාදීමට ජාතියක් ලෙස අප අසමත් වීම නිසාය. එය තේරුම් නොගෙන කොතෙකුත් අනෙකුත් ජාතීන්ට,ආගම් වලට වෛර කලද සැනසීමක් නොලැබෙනු ඇත. සමාජයට කලයුතු යුතුකම් ඉටු කරමින් අප නින්දා ලබන්නේ ඇයි ?

දිරියෙන් ජීවිතය ජයගත් දෙපා අහිමි සඳමාලි

Image
ජීවිතය සුන්දරව විඳින්නට සඳමාලිත් අනන්ත සිහින දුටුවාය. ඒත් ජීවිතයේ සුන්දරම වයසේදී ඇගේ ජීවිතය දරුණු සරදමකට ලක්වූයේ නිදහසේ ජීවිතය විදිමින් ඇවිද ගිය දෙපය ඇයට අහිමි කරමිනි. සුන්දර තරුණියක වූ වරුණි සඳමාලි ජයසිංහ මේතරම් දරුණු ලෙස ජීවිතයට දඬුවම් ලැබෙද්දී හැඬුවාය, තැවුණාය. ජීවිතය කුමටදැයි සිතුවාය.ඒත් හිමි ජීවිතය එය නම් ඒ ජීවිතය බාර ගතයුතු බැවින් ඇය ඒ සියල්ල උපේක්ෂාවෙන් දරා ගන්නට හුරු වූවාය.”ලූපස්” නම් ලේ කැටි ගැසීමේ රෝගයකින් පෙළෙන සඳමාලිගේ දකුණු කකුලේ වළලූකරෙන් පහත කොටසත් වම් කකුලෙහි දණහිසෙන් පහළ කොටසත් ඇයට අහිමි වී යන්නේ බොහෝ වද වේදනා, දුක් මැදිනි.දෙකකුල් ඈගේ වූ නිසා මේ රෝගී තත්ත්වයෙන් ඈ විඳි වේදනා අනන්තය.අප‍්‍රමාණය. ආණමඩුවේ උපන් සඳමාලි වත්සලා පුංචි පවුලක වැඩිමල් දියණියයි.අම්මා, තාත්තා සහ නංගී මල්ලීත් සමග සුන්දරව ගෙවූ කාලයක් ඇගේ ජීවිතයේද තිබුණි.ඉරණම ඔවුන් තැන් තැන්වලට විසුරුවන්නට තරම් නපුරු වූයේ පියා ඔවුන් විසූ ඔවුන්ගේම නිවස විකුණා දැමීමෙන් පසුවය.සොඳුරු නිවහනක ජීවත්වූ සඳමාලිගේ ජීවිතයත් එතැන් පටන් දුක් විඳින බෝඩිම්වලට හුරුවුණාය.අම්මා විදෙස් රැුකියාවකට ගියේ ඉන්පසු ජීවිතයට දැනෙන්නට වු අගහි...

නැතිබැරි කම නොඉවසන පියකුගේ දිරිය

Image
පාන්දර යාමේ කුලීවැඩ කරන මාවනැල්ලේ 'පාන්දර' - නිදාගන්නේ දවසට පැය දෙකයි! දිනපතාම නිවසට ටයිල් කැටයක් අරන් ගිහින් සවිකරනවා.. දවසකට පැය දෙකක් පමණක් නිදාගනිමින් තමන්ගේ අරමුණ ජයගන්න වෙර දරණ පියෙකු පිළිබඳව මාවනැල්ල හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ මොලිගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඔහුගේ එකම අරමුණ සිය දියණියන් දෙදෙනාට නිවාස දෙකක් සාදා දී ඔහුන්ගේ අනාගතය වෙනුවෙන් පියෙකු සතු ඉටුකිරීම හා නිවසේ රෝගී තත්වයෙන් පසු වෙන බිරිඳ සුවපත් කරගැනීමයි. හතළිස්තුන් හැවිරිදි මොහු නමින් බි.වි. කුමාරසිංහ නම් වන අතර ඔහුව සියල්ලන් හඳුන්වන්නේ "පාන්දර" යන නාමයෙන්. මෙලෙස ඔහුට පාන්දර යනුවෙන් නමක් පට බැඳි ඇත්තේ සිය රාජකාරිය අලුයම් කාලයේ ආරම්භ කිරීම හේතුව නිසාවෙන්. වැලි ඇදීම, තට්ටු ගණන් උස ගොඩනැගිලිවලට ගඩොල්, මැටල්, සහ අනිකුත් අමුද්‍රව්‍ය රැගෙන යෑම, සහ විශාල වතු උදලු ගෑම, කාණු පද්ධති යෙදිම, කැලෑ කැපීම ඔහුට ලැබෙන රැකියාවන් වනවා. ඔහු පවසන්නේ කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ පල කිරීම මගින් එම වැඩ පල ලබාදෙන අයටද එයින් ලාභයක් මිස පාඩුවක් සිදු නොවෙන බවයි. එලෙස කොන්ත්‍රාත් ක්‍රමයට යම් වැඩක් භාර ගත හොත...