Posts

Showing posts from October, 2026

අධික රාග සිත සම්බුදු කරුණාවෙන් දමනය කර නිවන් දුටු කුල්ල මහ රහතන් වහන්සේ

Image
  ​ ​“කුල්ලො සීවථිකං...” යනුවෙන් ආරම්භ වන්නේ උතුම් රහත් ඵලයට පත් වූ ආයුෂ්මත් කුල්ල තෙරුන් වහන්සේ විසින් ස්වකීය නිර්වාණ විමුක්තිය ප් ‍ රකාශ කරමින් වදාරන ලද උදාන ගාථාවන්ය. ​මේ පින්වත් කුල්ල තෙරණුවෝ පෙර ලොව පහළ වූ සම්මා සම්බුදුවරුන් හමුවෙහි නිවන් පතා කරන ලද ප් ‍ රාර්ථනා ඇත්තෝ වූහ. සසර පුරාවට ඒ ඒ ආත්මභාවයන්හිදී අප් ‍ රමාණ පින්දහම් රැස්කරමින් අවුත්, මේ භද් ‍ ර කල්පයෙහි අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයෙහි සැවැත් නුවර මහා ධනවත් කෙළෙඹි (සිටු) කුලයක උපත ලැබූහ. වැඩිවියට පත් කුල්ල කුමාරයා, දිනක් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ් ‍ රී සද්ධර්මය ශ් ‍ රවණය සංවේගයට පත්, හෙතෙම සකලවිධ ගිහි සැප සම්පත් අතහැර බුද්ධ ශාසනයෙහි මහණ විය. ​පැවිදි වූ දින සිට කුල්ල තෙරණුවන්ට මහණදම් පිරීමට බාධාවක් මතු විය. උන්වහන්සේ ස්වභාවයෙන්ම තියුණු රාගාධික (රාග චරිතයක් ඇති) කෙනෙකු වූ බැවින්, උන්වහන්සේගේ සිත නිරන්තරයෙන්ම කාම කෙලෙසුන්ගේ වසඟයට පත්ව පීඩා වින්දේය. ​කුල්ල තෙරණුවන්ගේ සිතේ පවත්නා මේ නොසන්සුන් හැසිරීම සහ පෙර පින් මහිමය තමන් වහන්සේගේ සර්වඥතා ඥානයෙන් දැක වදාළ සකල ලෝකනාථ වූ බුදුරජාණන් වහන්සේ, කුල්ල තෙ...