යුතුකම ඉටු කර සමාජ යථාර්තයට අනුගත වීම.
ඉන්දියානු ටෙලිනාට්‍ය හඬකවා පෙන්වීම නිරතුරුව සිදුවන කාලයක වෙතත් නව නිර්මාණ සඳහා අවස්ථාව ලබා දීම ඉතා අගය කල යුත්තකි.මේ අතුරින් අම්මා , ස්වර්ණපාලී,අග්නි,ගිණි අවි සහ ගිණි කෙළි “දෙරණ” ඉදිරිපත් කල අවිවාදයෙන්ම විශිෂ්ඨ නිර්මාණ කිහිපයකි.සිදූ ටෙලි නාට්‍යද මේ වන විට විශාල පිරිසකගේ ආ දරයටද,සමහරකුගේ විවේචනයටද ලක්වූ නිර්මාණයකි.ටෙලි නාට්‍යය විචාරය මා නොදත්තද මේ ටෙලිනාට්‍යය විකාශය වන අතර ඉස්මතුවූ බාහිර දෙයක් විමසුවෙමි. සෝරත හාමුදුරුවෝ ලෙස දක්ෂ රංගනයක යෙදෙන මේ දරුවා හැබෑම දක්ෂයෙකි.වයස අවුරුදු 6ක් වන කුඩා දරුවකුගෙන් අපේක්ෂා කල නොහැකි හපනෙකි.එවන්වූ දරුවකුගේ හැකියාවන් අගය කර ඔහුව දිරිමත් කිරීමට වැඩිම බෞද්ධ ජනගහනයක් ඉන්නා රටක අප අසමත් වී ඇත.රාජ්‍ය බලධරයන් හෝ රාජ්‍ය නොවන බෞද්ධ සංවිධාන හෝ කිසියම් හෝ කෙනෙකු යම් දෙයක් කලාද යන්න සැකයකි.හංවැල්ල නගරයේ සිට පනාගොඩ පැරකුම් විද්‍යාලයට පාසැල් ගිය මේ දරුවාගේ වටිනාකම තේරුම් ගන්නට වාසනාවට කිතුණු පාසලක් සමත්වී ඇත.ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ සිසුන් ලංකාවේ කොයි කෙලවරේ හිටියත් තමන්ගේ පාසලට ඇතුලත් කරගන්නා සමහර බෞද්ධ පාසල්වලටවත් මේ දරුවා නොපෙනීම තරමක් ලැජ්...