Posts

අත්හැරීම

Image
                                                                                               facebook.com දින කිහිපයකට ඉහතදී මට මා පදිංචිව සිටින නිවසින් වෙනත් නිවසකට යාමට සිදුවිය . සෑහෙන දිගු කලක් මා පදිංචිව සිටි මගේ නවාතැන හැර යාම මා සිතුවාට වඩා අපහසු කටයුත්තක් විය.කාලයක් තිස්සේ එකතු කරගත් බඩු භාණ්ඩ සියල්ල මා අළුත් නවාතැනට ගෙනයා යුතුය .සමහර දේ ඉවත හල යුතුය. අවශ්‍ය ප්‍රමාණයටද වඩා දේවල් ගොඩ ගසා ගෙන ඇත්තෙමි.ඉක්මනටම නොසිතු මොහොතක තවත් තැනකට යන්නට වේ යැයි මට නිකමටවත් සිතුණාද ?මගේ පරණ ලිපින වෙනස්වේ.අළුත් ලිපිනය හැම කෙනෙකුටම දන්වා යැවිය යුතුය .නවාතැන මාරු කිරීමට නිවාඩු ගත යුතුව ඇත.Moving Service එකක සේවාව ලබා ගත යුතුය .සිතට අස්වැසිල්ලක් නැත.ගතටද විඩාවක් දැනෙනු ඇත . මේ එක් ගෙදරකින් තවත් ගෙදරකට යාමේදී සිතුනු දේයි.ජීවිතය හැර යාමට සිදුවන බව දැනග...

මගේ නොවන එහෙත් මගේම වන ආදරය

Image
ආදරය යනු සංසාර පුරුද්දකි.මේ සා ප්‍රබලව එය මිනිසුන්ට දැනෙන්නට නම් සහතිකවම පෙර සසරේ බලපෑමක්  තිබිය යුතුමය.යහපත් දෙමව්පියන් ලැබීමට,අධ්‍යාපනයක් ලැබීමට  තරම්ම තමන් කැමති කෙනෙකු සමග ජීවත් වීමටද පෙර පිනක් තිබිය යුතුය.ප්‍රියයන් හා එක්වීම සතුටකි.සිද්ධාර්ථ යශෝධරා,නකුල මාතා නකුල පිතා,සාලිය අශෝකමාලා පුරාවෘත සදා අමරණීයය.ප්‍රසිද්ධ නොවුණු පුරාවෘත පසුපසද එවන් වූ කුසල් බලපෑමක් තිබෙණු ඇත.වාසනාවකට හෝ අවාසනාවකට එය මිනිසුන්ට නොපෙනේ. ගිලිහුණු ආදරය ගැන නොතකා වෙන ආදරයක් යමෙකු ලැබුවද අළු යට තිබෙන ගිණි පුපුරු මෙන් එය ඉඳ හිට මතුවී පීඩා කරයි.සමහරෙක් දිවිනසාගනිති.ඇතැමෙක් තනිකඩ වෙති.එසේත් නැත්නම් අපහසුවෙන් හෝ නිර්මාණශීලිව එය එළි දක්වති.මේ සියල්ලම නොලැබූ ආදරය ලබා ගැනීමට ඇති දැඩි කැමැත්ත නිසායි. ජීවිතය පුරා මිනිසුන් ජීවත් වීමට අපමණ දුකක් විඳිති.ආදරයද ඒ දුක්විඳින ජීවිතවලම කොටසකි.එය දම්වැලක ඇමිණු පුරුක් මෙන් ගැළපීමක් නොවිය හැකිය.අන් අයට නොගැළපුනාට ඔහුට හෝ ඇයට එය ගැළපෙනා සේ පෙනෙනු ඇත.ඒ ඔහුට හෝ ඇයට  දැනෙනා ආදර හැඟීම ඔහු හෝ ඇය තනිව රැගෙන ආ දෙයක් බැවිනි . ආදරය අව්‍යාජය.පුජනීයය.මිනිස් නොම...

එක මවකගේ දරු කැල බැවිනා ..යමු යමු වී නොපමා .

Image
" යටගිය දේවල් යට ගියාවේ.උඩ බලාගෙන කෙල ගැහුවොත් මූනටමයි වැටෙන්නේ.අපි අපේ ක්‍රීඩකයන්ව රැක ගන්න ඕනි.මම නායකත්වය දරපු කාලයේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මම නායකත්වය දරපු අවුරුද්ද පුරාවටම ඇන්ජලෝ මැතිව්ස්ට ආබාධයක් තිබුණා.අවුරුද්ද පුරාවටම මැතිව්ස්ට පන්දු යවන්න බැරිවුණා.ඒක මගේ අවාසනාව වෙන්න ඇති.මොකද මම අයින් වෙලා සතියකින් අපි ඔස්ට්‍රේලියාවට ගියා. ඒ සතියේදී ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවන්න පටන්ගත්තා.ඒක මහේලගේ වාසනාව වෙන්න ඇති.සමහර තිබුණ ප්‍රශ්ණ මම කියන්න කැමති නෑ මාත් එක්කම ඒවා යටයයි. " අවුරුදු 17ක් ජාතික කණ්ඩායමට ක්‍රිකට් ගහලා සමුගන්න නායකයකුගේ අවසන් කථාව.T.M ඩිල්ෂාන් ඔය කුණුගොඩවල් අවුස්සපු නැති එක ලොකු දෙයක් ! ලංකාවට කීර්තියක් ගේන්න හෝ කරන්න හදපු හැම කෙනාම කියන්නේ තමන්ට අසාධාරණයක් වුනා කියල අනිත් පිරිසගෙන්.වර්ණපුරලගේ,අර්ජුණලගේ කාලේ ඉඳන්ම ඔහොමයි.ඉස්සරහට එන නවක ක්‍රීඩකයොත් කවදාහරි ඔහොම කිව්වොත් ? අපේ රටේ එකකු වෙනුවෙන් තවෙකකු සිටීම  බොහොම කලාතුරකින් සිදුවන දෙයක්. ජාතික ගීතේ ආනන්ද සමරකෝන් ගී පද රචකයා ඔය පද ටික ලියල තියෙන්නේ ඔහුට අපේ ජාතිය ගැන තිබුන අත්දැකීම් නිසාම වෙන්න ඇති....

ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ

Image
                   බැටරියක ආලෝක ධාරාවකින් බයිපාස් සැත්කම කළ කරාපිටියේ හිතහොඳ දොස්තර                                                                               ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ඒ 2015.08.08 දා හිමිදිරියයි.කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය ඒකකය වෙනදා මෙන් රෝගීනගේ හිත සුව සඳහා ක්‍රියාත්මක වෙමින් තිබිණ.මොර සූරන මහ ධාරානිපාත වර්ෂාවක් ගාල්ල හා කරාපිටිය හබරාදුව මතු නොව මාතර පුරවරයට ද වේගයෙන් ඇදහැලෙන්නට විය.දිවයිනේ වෙනත් ප්‍රදේශ ද මේ මහ වැස්සෙන් තෙතබරිත වී ගිය බව පසුව දැනගන්නට ලැබිණ.විටින් විට අහසේ නැගුණු රිදී එළි හා ගොරබිරම් හඩ සමග බක් මහ අකුණු දස අත නැ‍ගෙන්නට වීය.රෝහල අසල ට්‍රාන්ස්ෆෝමරය ද රෝහලේ ජෙනරේටර් ද මේ අකුණු පහරින් මුළුමනින්ම අක්‍රීය විය.හෙණ හඩ නගන අකුණු ශල්‍ය වෛද්‍ය ඒකකය ඉස්මත්තේ ද පුපුරන්නට වීය. කීර්තිමත් හෘද හා උරස් ශල...

පිටකොටුව සහ මරදාන

Image
                                                                chasingtheunexpected.com     තැන අඩුම කුඩුම එකතුව මල්වත්ත පාර CD ,DVD,Cassette,Travelling  bags,Shoes 1st Cross  Street Mobile Phones ,Electronics ,CCTV etc,Watches   2nd ,3rd Cross  Streets  /keizer (කෙයිසර්) Street   රෙදි Prince(කුමාර) Street / 2nd  Cross  Street විදුලි උපකරණ / Leather භාණ්ඩ 3rd Cross Street තරාදි හා ආයුධ වර්ග ,යකඩ බඩු 4th Cross Street ආහාර(තොග) Main Street ඇඳුම් පැළදුම්(Ranjana’s .Sareeta etc ) හෙට්ටි වීදිය රත්තරන් බඩු China Street විසිතුරු භාණ්ඩ ,වීදුරු ,පොලිතීන් Prince Street වීදුරු ,මුහුණ බලන කණ්නාඩි Old Moor Street ( පරණ යොන් වීදිය) ගොඩනැගිලි ද්‍රව්‍ය Gabos(ගබෝස්) lane බෙහෙත් බඩු ,කේක්...

පොහොය දින හා ඒවායේ වැදගත්කම

දුරුතු(ජනවාරි) සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ  සඳහන්ය. එහෙයින් මහියංගණ සෑය අද ද බෞද්ධයින්ගේ මහත් ගෞරවාදරයට පත් වූ ස්ථූපයකි. බිමිබිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. ඉසිපතනාරාමයේ වස්කාලය ගතකළ බුදුන් වහන්සේ, දහම් පණිවුඩය ලොව පැතිරවීමට සිය පළමු රහතන්වහන්සේලා 60 නම පිටත් කර යැවුහ. උරුවෙල් දනව්වට වැඩම කර බුදුන් කාශ්‍යප වරුන්ට දහම් දෙසා පිඬු සිඟා පිණිස කුරු රටට වැඩම කරන අතර වාරයේ අනවතප්ත විල අසල දැන් වළඳා සමවත් සුවයෙන් සුවයෙන් සිටිත්දී තෙවන ඇසින් ලොව දෙස බලන කල, එදින ලක්දිව මහානාග වනෝද්‍යානයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ රැස්වීමෙහි කළු පැහැයෙන් යුතු රළු දරුණු පෙනුමකින්, අසංවර බවකින් සිටි මේ පිරිස හික්මවා දමනය කොට තිසරණයෙහි පිහිටුවීමට උන් වහන්සේ ගුවනින් පහළ වී ලක්දිවට වැඩි සේක ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ බුදුරජාණන් වහන්සේ දඹදිව...