මගේ නොවන එහෙත් මගේම වන ආදරය
ආදරය යනු සංසාර පුරුද්දකි.මේ සා ප්‍රබලව එය මිනිසුන්ට දැනෙන්නට නම් සහතිකවම පෙර සසරේ බලපෑමක් තිබිය යුතුමය.යහපත් දෙමව්පියන් ලැබීමට,අධ්‍යාපනයක් ලැබීමට තරම්ම තමන් කැමති කෙනෙකු සමග ජීවත් වීමටද පෙර පිනක් තිබිය යුතුය.ප්‍රියයන් හා එක්වීම සතුටකි.සිද්ධාර්ථ යශෝධරා,නකුල මාතා නකුල පිතා,සාලිය අශෝකමාලා පුරාවෘත සදා අමරණීයය.ප්‍රසිද්ධ නොවුණු පුරාවෘත පසුපසද එවන් වූ කුසල් බලපෑමක් තිබෙණු ඇත.වාසනාවකට හෝ අවාසනාවකට එය මිනිසුන්ට නොපෙනේ.
ගිලිහුණු ආදරය ගැන නොතකා වෙන ආදරයක් යමෙකු ලැබුවද අළු යට තිබෙන ගිණි පුපුරු මෙන් එය ඉඳ හිට මතුවී පීඩා කරයි.සමහරෙක් දිවිනසාගනිති.ඇතැමෙක් තනිකඩ වෙති.එසේත් නැත්නම් අපහසුවෙන් හෝ නිර්මාණශීලිව එය එළි දක්වති.මේ සියල්ලම නොලැබූ ආදරය ලබා ගැනීමට ඇති දැඩි කැමැත්ත නිසායි.
ජීවිතය පුරා මිනිසුන් ජීවත් වීමට අපමණ දුකක් විඳිති.ආදරයද ඒ දුක්විඳින ජීවිතවලම කොටසකි.එය දම්වැලක ඇමිණු පුරුක් මෙන් ගැළපීමක් නොවිය හැකිය.අන් අයට නොගැළපුනාට ඔහුට හෝ ඇයට එය ගැළපෙනා සේ පෙනෙනු ඇත.ඒ ඔහුට හෝ ඇයට දැනෙනා ආදර හැඟීම ඔහු හෝ ඇය තනිව රැගෙන ආ දෙයක් බැවිනි .
ආදරය අව්‍යාජය.පුජනීයය.මිනිස් නොමිනිස් හැමටම පොදු කාරණාවකි.
භෞතික වස්තු කොතෙක් ලැබුවද ගිලිහුණු ආදරය ආපසු ගෙනවිත් දීමට පුළුවන් කාටද ?
භෞතික වස්තු කොතෙක් ලැබුවද ගිලිහුණු ආදරය ආපසු ගෙනවිත් දීමට පුළුවන් කාටද ?
ආදරය අමරණීය වන්නේ එහි මුල තෘෂ්ණාව මරන්න මිනිසුන් වන අපට බැරි නිසාද ?
ගීත නිර්මාණය
Comments