Posts

මස් කඩ සහ මාධ්‍ය කඩ

Image
නුතන සයිබර් මාධ්‍යක් මියගිය ලාංකීය කලාකරුවකුගේ මරණය තමන්ගේ මඩිය තර කරගන්නට යොදා ගත්තේය. චූළසෙට්ඨි ජාතකය.මි කුණ විකුණා මුදල් උපයා ධනවතකුවූ සිටුවරයාගේ(පසු කාලීන චුල්ලපන්ථක) කථාවයි.ඒ මී කුණ එක් වරක් විකුණා ඔහු නුවණින් ධනවතකු වුවා මිස කිසිලෙසකත් මී කුණ නැවත නැවත පල් කලේ නැත. මස් කඩයක සහ මේ මාධ්‍ය කඩයේ වෙනසක් ඇත්ද ? එක් මරණයක් හා කිසිසේත් සම්බන්ධ නැති වෙනත් මරණයක් හා ගැලපීම.   අනුන්ගේ මුහුණු පොත් වල කරුණු අවුස්සා පළ කිරීම. මාධ්‍ය නිදහස ඉතා වටිනා ගුණාංගයකි.එහෙත් ඒ තම රාමුව හරිහැටි අවබෝධකරගත් මාධ්‍ය කරුවන්ටය. මෙම සිද්ධියම රිවිර පුවත්පත සඳහා බියංකා නානායක්කාර ඉදිරිපත් කළේය. . දසුන්ට ජීවිතය දෙන්නට බැරිවූූයේ ඇයි ? ජීවිතයක් කාටත් ලැබෙන්නේ අහම්බෙනි.  ඒත් අහම්බෙන් ලැබුණා කියා ඒ ජීවිතය නැතිකර ගැනීමේ අයිතිය කිසිවකුටත් නැත.  ඕනෑම කෙනකුට ජීවත්වීමේ කාලයක් ඇත. ඒ නිශ්චිත කාලය ගෙවුණාට පසු කාටත් ජීවිතය හැරයන්නට පුළුවන. එතෙක් ජීවිතයට ලැබෙන සැප, දුක, සතුට, වේදනාව, සිත්තැවුල්, ප‍්‍රශ්න, ගැටලූ සියල්ල ඒ...
Image
​සොහොයුරන් තිදෙනා බේරගන්න කොටින්ට බැඳුනු අක්කා උතුරේ සෑම පළාතකින්ම අනිවාර්​ෙයන්ම එක් දරුවෙකු හෝ ගරිල්ලා සටන් පුහුණුව ලබාගැනීම සඳහා එල්ටීටීඊයට බැඳිය යුතු බවට නියෝගයක් පනවා තිබුණේ එහි නායකයාව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ය.    මෙම නියෝගය බල නොපෑවේ ප්‍රභාකරන්ගේ දූ දරුවන් වූ චාල්ස් ලූකස් ඇන්තනි, ද්වර්ගා හා බාලචන්ද්‍රන්ට පමණි.එක් පවුලකින් එක් අයකු සංවිධානයට ලබා නොදුන්නොත් ගෙවල්වලට කඩාවැදී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ගරිල්ලා සටන් පුහුණුවීම් ලබාදීම එකල ජයටම කරගෙන ගිය බව ප්‍රසිද්ධ රහසකි.    අනේ අපේ දරුවෝ අරගෙන යන්න එපා කියා මව්පියවරුන් කොටින්ගේ ඇ​ෙඟ් එල්ලී හඬා වැළපෙද්දී කොටි ත්‍රස්තයන් දරුදුක ඉවසා ගත නොහැකිව හඬා වැළපෙන මව්පියවරුන්ට අමානුෂික ලෙස පහරදී හෝ දරුවන් පැහැරගෙන යාමට කිසිසේත් පසුබට වී නොමැත.බලහත්කාරයෙන් පැහැරගෙනගොස් ගරිල්ලා සටන් පුහුණුවීම් ලබාදෙන අතරවාරයේ යම් දරුවකු පලා ආවොත් ඒ දරුවා සොයා ඇවිත් අල්ලාගෙන අතපය කැඩෙනතෙක් තල් පිති වලින් කොටින් පහරදී ඇත්තේ අනුකම්පා විරහිතවය.දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ වේදනාව ඉවසා ගැනීමට නොහැකිව වස පානය කර සියදිවි නසාගත් මව්වරු...
 කර්මයට අනුව පුද්ගලයා වෙනස් වන අයුරු බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩසිටින කල්හි බුදු රජාණන් වහන්සේ වෙත පැමිණි සුබ මානවකයා උන්වහන්සේ අමතා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි අඩු ආයුෂ ඇත්තෝ වෙති. වැඩි ආයුෂ ඇත්තෝ වෙති. බොහෝ ආබාධ ඇත්තෝ වෙති. ලෙඩ රෝග ඇත්තෝ වෙති. විරූපී ඇත්තෝ ද වෙති. රූප සම්පත් ඇත්තෝ ද වෙති. මහත් පිරිවර ඇත්තෝ ද වෙති. මහත් පිරිවර නැත්තෝ ද වෙති. වස්තු සම්පත් ඇත්තෝ ද වස්තු සම්පත් නැත්තෝ ද වෙති. පහත් කුල ඇත්තෝ ද, අඥානයෝ ද වෙති. මේ අයුරින් සත්ත්වයාගේ උස් පහත් භේදයට හේතුව නම් කුමක්ද? “ එවිට බුදු රජාණන් වහන්සේ විසින් කර්මයම සත්ත්වයාගේ උස් පහත් බවට හේතු වන්නේ යැයි දක්වමින් කර්මය අනුව සත්ත්වයා ආකාර දහ හතරකට බෙදා වඳාළ සේක. සත්ත්වයා ආයුෂ අඩුවෙන් උපත ලබන්නට හේතු මානවකය, මෙලොව යම් ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් කිසිදු අනුකම්පාවක් දයාවක් නැතිව සත්ත්ව ඝාතනය සිදු කරන්නේ ද හෙතෙම ඒ අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණිය ද අඩු ආයුෂ ඇත්තෙක් වන්නේය. සත්ත්වයා දීර්ඝායුෂ ලැබීමට හේතු මා...

හිරු කිරණෙන් ලැබූ ජීවිතය

Image
පියා, මව සහ දරුවන්ගේ බර දරා  මිහිකත මෙන් නොසැලී සිටී. තාත්තා යනු පවුලේ ජීවය දෙන හිරුය.අම්මා ඒ ඉරෙන් එළිය ලැබූ සඳයි. ඉරේ අධික රශ්මිය නිසා ඉරට ලන්නොවුනත් ඒ රශ්මිය නිසාම පවුලේ ආරක්ෂාව සැලසේ. හිරු නැති දා සඳද අඳුරුය.

කොස්වා ලිහිණි පැටවුන්

Image
තමන්ගේ දෙමව්පියන් දුක් මහන්සියෙන් උපයාගත් වස්තු සම්පත් පෙන්වා උජාරු වීමත් තමන් ඉන් සතුටු වීමත් එකතරා මානසික රෝගයකි. එවන් රෝගීන් බොහෝ දෙනෙකු මෙහි දුටුවෙමි. https://www.instagram.com/richparentsofinsta/ "අචරිත්වා බ්‍රහ්ම චරියං අලද්ධා යොබ්බනේ ධනං ජිණ්ණ කොඤ්චාව ඣායන්ති ඛීණ මච්චේව පල්ලලේ " මෙලොව පරලොව සැපවත් බව මෙන්ම කෙළවර දුකින් මිදී ලබන නිවන් සුවයද උදා කරන සීලාදී පිළිවෙත්හිද නොයෙදී තරුණ වියේදී උපයන ධනය රැක ගැනීමෙන් හා නූපන් ධනය ඉපදවීමෙන් ද තොරව ජීවත් වන්නෝ වැසි සමෙයහි මසුන් අල්ලා පසුව සිඳී ගිය පොකුණ දෙස බලා පසු තැවිලි වන මහලු කොස්වා ලිහිණියන් මෙන් පසු තැවෙන්නෝය .සුසුම් ලන්නෝය.

අවුලෙන් අවුලට යාම

Image
රටක නීතිය යනු කශේරුකවයි.අමාත්‍යවරයකු ඉල්ලා අස්වූ පමණින් දාම් ලෑල්ලක ඉත්තන් ඇදීමක් මෙන් අමාත්‍යවරුන් හට පුරප්පාඩුව පිරවීම දේශපාලන බංකොලොත් බව ප්‍රදර්ශණය කිරීමක්ද ? අධිකරණ අමාත්‍යධුරය යනු ඉතාම කාර්යබහුල තනතුරකි.නොවිසිඳුණු ප්‍රශ්ණ ගොඩගැසුණු විදේශ අමාත්‍ය ධුරයක් එහෙමම තිබියදී තවත් බැරෑරුම් වගකීමක් ගැනීම අරාජිකත්වයේ සලකුණකි.

කුණු බක්කියේ පිපුණු තායිලන්ත රෝස කුසුම

Image
dailymail.co.uk ඕනෑම කිරුළක් වැඩිපුරම ලස්සන මහ ‍පොළොවට එය කිට්ටු වුණ තරමට… ඒත් කිරුළු හිස පලඳන හුඟක් අය කැමැතිම මහ ‍පොළොවට හුඟක් උඩින් ජීවත් වෙන්න. හැබැයි මහ ‍පොළොව මත ජීවත්වන කිරුළු පලන් අයත් මේ ලෝකේ නැතිවාම නොවෙයි. මේ තායිලන්ත රූප සුන්දරියත් එවැන්නියක්.මිනිසකු මැනිය යුත්තේ ඔහු හෝ ඇය පැමිණි සමාජ පසුබිමෙන් නොවන බව අදහන මේ රුවැත්තියගේ නම කනිත්තා පේසන්. පසුගිය වසරක තායිලන්තයේ පැවැත් වුණු Miss Uncensored News Thailand තරගාවලියේ ජයග්‍රාහිකාව වුණේ ඇය. dailymail.co.uk රූප සුන්දරියක් කිරුළු පලන් හිස බිම ඔබා සිය වැදූ මව ඉදිරිපිට වැඳ වැටෙන ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. ඒ තමයි ඇය. අපේ කතාවේ නායිකාව… කනිත්තා පේසන්. විශේෂත්වය වන්නේ ඇගේ මව තායිලන්තයේ කසළ ශෝධිකාවක වීම. රටේම රුවැත්තිය හැටියට කිරුළ හිස පැලඳුවත්, ඇය නගරයේ කසළ එකතුකරන මව ඉදිරිපිට වැඳවැටෙන්නට ලැජ්ජා වන්නේ නැහැ.රූ රැජිනක් හැටියට කිරුළ හිස පලඳින විට කනිත්තා පේසන්ගේ වයස අවුරුදු 17 යි. Daily Mail වබේ අඩවියට ඇය තමාගේ කතාව පෙළගස්වා තිබුණේ  මේ ආකාරයටයි. “මගේ අතපය මේ තරම් සිනිඳු සහ මටසිලිටි වුණේ මගේ අම්ම...