Posts

මහේල ජයවර්ධන ඔබ ශ්‍රී ලංකාව කියන රටට ණයයි.තමන්ගේ රට වෙනුවෙන් කෙලින් හිටගන්නට ඔබට ධෛර්යය ලැබේවා !

Image
  මහේල ජයවර්ධන හිතන විදිහට, 1. Senior cricketersලව drop කරන්න ගත්ත decision එක නිවැරදියි. හැබැයි අපේ යොවුන් ක්‍රීඩකයින්ගේ skill එක සහ experience මදි international cricket ගහන්න. 2. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයෝ තමන්ගේ කණ්ඩායම ගැන ඕනෑවට වඩා විශ්වාසයක් තියා ගන්න හොඳ නෑ. 3. ශම්මි ද සිල්වා ගේ අක්‍රමිකතා දේවල් team එකේ performance වලට අදාළ නැහැ. දැන් අපිට Youth  team එකේ Skill එක සහ experience හදන්න මාසෙට $10,000 ගෙවල strategic decisions වෙනුවෙන් consultant කෙනක් අවශ්‍යද ? ඊළඟ 50over එකේත් පලවෙනි හතරට එන්න තරම් විස්වාසයක් නැත්නම්, Coachල හතරපස් දෙනෙක් , Physiotheraphy සහ Psychologistsල හිටියම ඇති. තව අවුරුදු 10කින් මේ team එක 50 over එකක් දිනයි. ඒ අතරේ First  class  හදන්න අර $10,000න් coach කෙනෙක් අර ගත්ත නම් ඇති. මහේල ඔතන ඉන්නේ ලංකාවේ team එකට ගහපු නිසා. මුම්බායි indians වල ඔයාට වැඩිපුර ගෙවනවා ඇති. Sri  Lanka  cricket එකට තෝරා නොගත්තා නම්, ඔයත් අද Club  cricket ගහ ගහ අමාරුවෙන් ජීවත්වෙනවා. නැත්නම් රංගන හිටියා වගේ county cricket  ගහනවා. මහේල ජයවර්ධන ඔබ ශ්‍රී ලංකාව කියන රටට ණයයි.තමන්ගේ රට වෙනුවෙන්

ජාතික ආරක්ෂාව ?

Image
  ජාතික ආරක්ෂාව යනු සිවිල් යුද්ධ ජයග්‍රහණය කිරීම පමණක්ම නොවේ. පුරවැසියකුට තමන්ට සිදුවූ අකටයුත්තකට පොලිසියකින් සාධාරණයක් ඉටු නොවේනම්, ගැහැණියකට හෝ කුඩා දරුවකුට නිදහසේ ජීවත්වීමට ආරක්ෂාව නැත්නම් අප කථා කරන ජාතික ආරක්ෂාව කුමක්ද?  අද වනවිට හරි හමන් යුධ නැවක් හෝ සබ්මැරීනයක් නැති නාවික හමුදාවක්, ප්‍රහාරක ගුවන් යානා නැති ගුවන් හමුදාවක් පවතින රටක, කුමන ජාතික ආරක්ශාවක්ද?   

එංගලන්තය සමඟ T20 තරඟාවලිය 3-0ක් ලෙස පරාජය 2021

Image
  එංගලන්තය සමඟ T20 තරඟාවලිය 3-0ක් ලෙස පරාජයවීමෙන් පැය කිහිපයකට පසු රාත්‍රියේ හැසිරෙන ක්‍රීඩකයින්. ඔවුන්ට වැටුප් ලැබෙන්නේ ජනතා බදු මුදලින් නොවන බව සැබෑය.එහෙත් ඔවුන් ක්‍රිකට් ඉගෙන ගත්තේ ජනතා බදු මුදලිනි. බන්දුල වර්ණපුර ,දුලිප් මෙන්ඩිස්,සිදත් වෙත්තමුණි , සනත් ජයසූරිය , අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන් වැනි මිනිසුන් අමාරුවෙන් ඔසවා තැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රමිතිය වර්තමානයේ කෙළෙසමින් ඇත. තරඟ දිනන තත්වයකට නැවත කණ්ඩායම ගෙනෙන තුරු, කොන්ත්‍රාත්තු අවලංගු කර දක්ෂතා දක්වන මට්ටමකට ගෙවීමක්ද, එයින් ඉතුරුවන මුදල් පාසල් ක්‍රිකට් සංවර්ධනයට හෝ පළමු පෙළ තරඟ වල ක්‍රීඩකයින්ට ලබාදීම කල යුතුය.එයින් ක්‍රීඩාවට සහ රටට ආදරය කරන ක්‍රීඩකයින් ඉදිරියේදී හෝ බිහිවනු ඇත.

ණය කළමනාකරණය සහ විනිවිදභාවය.

Image
         රාජ්‍ය සේවය හකුලන්න , සහනාධාර නොදෙන්න, ආදායම් උපයන  ක්‍රමෝපායන් වෙත යන්න ,ඵලදායිතාවය  වැඩි වන ක්‍රමෝපායන් වලට යන්න මේ IMF වල ණයගැතියන්ට දෙන උපදෙස්. නමුත් IMF  නොසලකා චීන රජය  හෝ වෙනත් තෙවන පාර්ශවයකින් ණය ලබා ගැනීම ඉතිහාසයේ සිටම අප කරන වරදකි. අපට අවශ්‍ය නොමිලයේ අධ්‍යාපනය ලබාදී උපාධිදුන් දරුවන්ට නැවත රජයටම බදවාගෙන පඩි දෙන ක්‍රමයක්ද? පොහොර නිකන් ලබාදී අස්වැන්නත් රජයෙන්ම මිලදී ගන්නා ක්‍රමයක්ද?  මතක තබා ගන්න අද වෙද්දී  අද උපදින දරුවෙක් ලක්ෂ 9ක් ණයයි  

කෝවිඩ් මාත්‍රාව සඳහා මන්ත්‍රීගේ අනුමැතියක් අවශ්‍යව ඇත.

Image
  කෝවිඩ් මාත්‍රාව ගැනීමටත් මන්ත්‍රීගේ අනුමැතියක් අවශ්‍යව ඇත.කෝවිඩ් වලින් ජීවිත නොමැරී සිටිය යුත්තේ එක් පක්ෂයක ගැත්තන් පමණක්ද?  

කථා කරන පින්තූර

Image
 

බිව් මව් කිරි නිසයි මගේ එඩිතරකම ළය රැඳෙන්නේ

Image
  තරු පායපු නිල් අහසට තරු පායපු නිල් අහසට සවන්යොමා ගෙන ඉඳිද්දී