Posts

Showing posts from February, 2018

“ලංගම”යේ කීර්ති බණ්ඩාර

Image
එච්.එම්.ආර්. කීර්ති බණ්ඩාර ඉතිහාස ගත වන්නේ කුණු බැනුම් අසන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ හෙවත් “ලංගම”යේ කළු පැල්ලම යන්තමින් හෝ අඩු කිරීමට දායක වූ නිර්භීත සහ අවංක පීඩිත පංතියේ රාජ්‍ය සේවකයකු ලෙසය. අවාසනාවට ඔහු සතිදෙකෙන් රටටම අමතක විය. රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබිය යුතු සේවකයකු මෙසේ නික්ම යාම ඛේදවාචකයකි.නීර්ජා භානෝත් ( Neerja Bhanot ) වැනි වීර කාන්තාවක් පවා අශෝක චක්‍ර සම්මානයෙන් 1987දී ඉන්දියාවේදී පිදුම් ලැබීය. කීර්ති බණ්ඩාරත් ඉන්දියාවේ වත් ඉපදුනානම් තත්වය වෙනස් වීමට ඉඩ තිබුණි . http://www.mawbima.lk/article20170401MB20170930.php?id=6113

අලි ඇතුන් සහ පන්සල්

Image
සංස්කෘතික වටිනාකම් වලින් අපි සමුර්ධිමත් වෙමු. අලියා හෝ ඇතා දේශීයව ජීවත්වන ශක්තිමත් සතෙකි. අතීතයේ පටන් යුධ ,කර්මාන්ත සඳහා අප විසින් මේ සතුන් යොදාගෙන ඇත. ප්‍රශ්ණය ඇත්තේ මේ සතුන් ව්‍යාපාරයක් ලෙස ලාභ උපයාගැනීමට භාවිතා කිරීමත්  පන්සල්වල ප්‍රෞඪත්වය කියාපෑමට යොදාගැනීමත්ය. මේ සතුන් ජීවත්වන්නේ කරඬු වැඩම්මවීම සඳහා නොව වනයේ නිදැල්ලේ ජීවත්වීමට බව අප කැමත්තෙන්  හෝ අකමැත්තෙන් හෝ අවබෝධ කරගත යුතුය. වසරකට වරක් හෝ දෙවරක් නිශ්චිත පෙරහැරක කරඬුව වැඩම්මවීම අපේ සංස්කෘතික වටිනාකම,අභිමානය පෙන්වීමට අතිශයින්ම ප්‍රමාණවත්ය.එයින් පසු සත්වයාගේ නිදහසට බලපෑම් කිරීම බෞද්ධ රටකට තරම් නොවේ.