Posts

Showing posts from September, 2017

මස් කඩ සහ මාධ්‍ය කඩ

Image
නුතන සයිබර් මාධ්‍යක් මියගිය ලාංකීය කලාකරුවකුගේ මරණය තමන්ගේ මඩිය තර කරගන්නට යොදා ගත්තේය. චූළසෙට්ඨි ජාතකය.මි කුණ විකුණා මුදල් උපයා ධනවතකුවූ සිටුවරයාගේ(පසු කාලීන චුල්ලපන්ථක) කථාවයි.ඒ මී කුණ එක් වරක් විකුණා ඔහු නුවණින් ධනවතකු වුවා මිස කිසිලෙසකත් මී කුණ නැවත නැවත පල් කලේ නැත. මස් කඩයක සහ මේ මාධ්‍ය කඩයේ වෙනසක් ඇත්ද ? එක් මරණයක් හා කිසිසේත් සම්බන්ධ නැති වෙනත් මරණයක් හා ගැලපීම.   අනුන්ගේ මුහුණු පොත් වල කරුණු අවුස්සා පළ කිරීම. මාධ්‍ය නිදහස ඉතා වටිනා ගුණාංගයකි.එහෙත් ඒ තම රාමුව හරිහැටි අවබෝධකරගත් මාධ්‍ය කරුවන්ටය. මෙම සිද්ධියම රිවිර පුවත්පත සඳහා බියංකා නානායක්කාර ඉදිරිපත් කළේය. . දසුන්ට ජීවිතය දෙන්නට බැරිවූූයේ ඇයි ? ජීවිතයක් කාටත් ලැබෙන්නේ අහම්බෙනි.  ඒත් අහම්බෙන් ලැබුණා කියා ඒ ජීවිතය නැතිකර ගැනීමේ අයිතිය කිසිවකුටත් නැත.  ඕනෑම කෙනකුට ජීවත්වීමේ කාලයක් ඇත. ඒ නිශ්චිත කාලය ගෙවුණාට පසු කාටත් ජීවිතය හැරයන්නට පුළුවන. එතෙක් ජීවිතයට ලැබෙන සැප, දුක, සතුට, වේදනාව, සිත්තැවුල්, ප‍්‍රශ්න, ගැටලූ සියල්ල ඒ  ජීවිතයේදී කා
Image
​සොහොයුරන් තිදෙනා බේරගන්න කොටින්ට බැඳුනු අක්කා උතුරේ සෑම පළාතකින්ම අනිවාර්​ෙයන්ම එක් දරුවෙකු හෝ ගරිල්ලා සටන් පුහුණුව ලබාගැනීම සඳහා එල්ටීටීඊයට බැඳිය යුතු බවට නියෝගයක් පනවා තිබුණේ එහි නායකයාව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ය.    මෙම නියෝගය බල නොපෑවේ ප්‍රභාකරන්ගේ දූ දරුවන් වූ චාල්ස් ලූකස් ඇන්තනි, ද්වර්ගා හා බාලචන්ද්‍රන්ට පමණි.එක් පවුලකින් එක් අයකු සංවිධානයට ලබා නොදුන්නොත් ගෙවල්වලට කඩාවැදී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ගරිල්ලා සටන් පුහුණුවීම් ලබාදීම එකල ජයටම කරගෙන ගිය බව ප්‍රසිද්ධ රහසකි.    අනේ අපේ දරුවෝ අරගෙන යන්න එපා කියා මව්පියවරුන් කොටින්ගේ ඇ​ෙඟ් එල්ලී හඬා වැළපෙද්දී කොටි ත්‍රස්තයන් දරුදුක ඉවසා ගත නොහැකිව හඬා වැළපෙන මව්පියවරුන්ට අමානුෂික ලෙස පහරදී හෝ දරුවන් පැහැරගෙන යාමට කිසිසේත් පසුබට වී නොමැත.බලහත්කාරයෙන් පැහැරගෙනගොස් ගරිල්ලා සටන් පුහුණුවීම් ලබාදෙන අතරවාරයේ යම් දරුවකු පලා ආවොත් ඒ දරුවා සොයා ඇවිත් අල්ලාගෙන අතපය කැඩෙනතෙක් තල් පිති වලින් කොටින් පහරදී ඇත්තේ අනුකම්පා විරහිතවය.දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ වේදනාව ඉවසා ගැනීමට නොහැකිව වස පානය කර සියදිවි නසාගත් මව්වරුන් පියවරුන්ගේ සංඛ්‍