Posts

Showing posts from November, 2017

දිරියෙන් ජීවිතය ජයගත් දෙපා අහිමි සඳමාලි

Image
ජීවිතය සුන්දරව විඳින්නට සඳමාලිත් අනන්ත සිහින දුටුවාය. ඒත් ජීවිතයේ සුන්දරම වයසේදී ඇගේ ජීවිතය දරුණු සරදමකට ලක්වූයේ නිදහසේ ජීවිතය විදිමින් ඇවිද ගිය දෙපය ඇයට අහිමි කරමිනි. සුන්දර තරුණියක වූ වරුණි සඳමාලි ජයසිංහ මේතරම් දරුණු ලෙස ජීවිතයට දඬුවම් ලැබෙද්දී හැඬුවාය, තැවුණාය. ජීවිතය කුමටදැයි සිතුවාය.ඒත් හිමි ජීවිතය එය නම් ඒ ජීවිතය බාර ගතයුතු බැවින් ඇය ඒ සියල්ල උපේක්ෂාවෙන් දරා ගන්නට හුරු වූවාය.”ලූපස්” නම් ලේ කැටි ගැසීමේ රෝගයකින් පෙළෙන සඳමාලිගේ දකුණු කකුලේ වළලූකරෙන් පහත කොටසත් වම් කකුලෙහි දණහිසෙන් පහළ කොටසත් ඇයට අහිමි වී යන්නේ බොහෝ වද වේදනා, දුක් මැදිනි.දෙකකුල් ඈගේ වූ නිසා මේ රෝගී තත්ත්වයෙන් ඈ විඳි වේදනා අනන්තය.අප‍්‍රමාණය. ආණමඩුවේ උපන් සඳමාලි වත්සලා පුංචි පවුලක වැඩිමල් දියණියයි.අම්මා, තාත්තා සහ නංගී මල්ලීත් සමග සුන්දරව ගෙවූ කාලයක් ඇගේ ජීවිතයේද තිබුණි.ඉරණම ඔවුන් තැන් තැන්වලට විසුරුවන්නට තරම් නපුරු වූයේ පියා ඔවුන් විසූ ඔවුන්ගේම නිවස විකුණා දැමීමෙන් පසුවය.සොඳුරු නිවහනක ජීවත්වූ සඳමාලිගේ ජීවිතයත් එතැන් පටන් දුක් විඳින බෝඩිම්වලට හුරුවුණාය.අම්මා විදෙස් රැුකියාවකට ගියේ ඉන්පසු ජීවිතයට දැනෙන්නට වු අගහි

නැතිබැරි කම නොඉවසන පියකුගේ දිරිය

Image
පාන්දර යාමේ කුලීවැඩ කරන මාවනැල්ලේ 'පාන්දර' - නිදාගන්නේ දවසට පැය දෙකයි! දිනපතාම නිවසට ටයිල් කැටයක් අරන් ගිහින් සවිකරනවා.. දවසකට පැය දෙකක් පමණක් නිදාගනිමින් තමන්ගේ අරමුණ ජයගන්න වෙර දරණ පියෙකු පිළිබඳව මාවනැල්ල හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ මොලිගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඔහුගේ එකම අරමුණ සිය දියණියන් දෙදෙනාට නිවාස දෙකක් සාදා දී ඔහුන්ගේ අනාගතය වෙනුවෙන් පියෙකු සතු ඉටුකිරීම හා නිවසේ රෝගී තත්වයෙන් පසු වෙන බිරිඳ සුවපත් කරගැනීමයි. හතළිස්තුන් හැවිරිදි මොහු නමින් බි.වි. කුමාරසිංහ නම් වන අතර ඔහුව සියල්ලන් හඳුන්වන්නේ "පාන්දර" යන නාමයෙන්. මෙලෙස ඔහුට පාන්දර යනුවෙන් නමක් පට බැඳි ඇත්තේ සිය රාජකාරිය අලුයම් කාලයේ ආරම්භ කිරීම හේතුව නිසාවෙන්. වැලි ඇදීම, තට්ටු ගණන් උස ගොඩනැගිලිවලට ගඩොල්, මැටල්, සහ අනිකුත් අමුද්‍රව්‍ය රැගෙන යෑම, සහ විශාල වතු උදලු ගෑම, කාණු පද්ධති යෙදිම, කැලෑ කැපීම ඔහුට ලැබෙන රැකියාවන් වනවා. ඔහු පවසන්නේ කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ පල කිරීම මගින් එම වැඩ පල ලබාදෙන අයටද එයින් ලාභයක් මිස පාඩුවක් සිදු නොවෙන බවයි. එලෙස කොන්ත්‍රාත් ක්‍රමයට යම් වැඩක් භාර ගත හොත