Posts

Showing posts from August, 2017
 කර්මයට අනුව පුද්ගලයා වෙනස් වන අයුරු බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩසිටින කල්හි බුදු රජාණන් වහන්සේ වෙත පැමිණි සුබ මානවකයා උන්වහන්සේ අමතා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි අඩු ආයුෂ ඇත්තෝ වෙති. වැඩි ආයුෂ ඇත්තෝ වෙති. බොහෝ ආබාධ ඇත්තෝ වෙති. ලෙඩ රෝග ඇත්තෝ වෙති. විරූපී ඇත්තෝ ද වෙති. රූප සම්පත් ඇත්තෝ ද වෙති. මහත් පිරිවර ඇත්තෝ ද වෙති. මහත් පිරිවර නැත්තෝ ද වෙති. වස්තු සම්පත් ඇත්තෝ ද වස්තු සම්පත් නැත්තෝ ද වෙති. පහත් කුල ඇත්තෝ ද, අඥානයෝ ද වෙති. මේ අයුරින් සත්ත්වයාගේ උස් පහත් භේදයට හේතුව නම් කුමක්ද? “ එවිට බුදු රජාණන් වහන්සේ විසින් කර්මයම සත්ත්වයාගේ උස් පහත් බවට හේතු වන්නේ යැයි දක්වමින් කර්මය අනුව සත්ත්වයා ආකාර දහ හතරකට බෙදා වඳාළ සේක. සත්ත්වයා ආයුෂ අඩුවෙන් උපත ලබන්නට හේතු මානවකය, මෙලොව යම් ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් කිසිදු අනුකම්පාවක් දයාවක් නැතිව සත්ත්ව ඝාතනය සිදු කරන්නේ ද හෙතෙම ඒ අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණිය ද අඩු ආයුෂ ඇත්තෙක් වන්නේය. සත්ත්වයා දීර්ඝායුෂ ලැබීමට හේතු මානවකය

හිරු කිරණෙන් ලැබූ ජීවිතය

Image
පියා, මව සහ දරුවන්ගේ බර දරා  මිහිකත මෙන් නොසැලී සිටී. තාත්තා යනු පවුලේ ජීවය දෙන හිරුය.අම්මා ඒ ඉරෙන් එළිය ලැබූ සඳයි. ඉරේ අධික රශ්මිය නිසා ඉරට ලන්නොවුනත් ඒ රශ්මිය නිසාම පවුලේ ආරක්ෂාව සැලසේ. හිරු නැති දා සඳද අඳුරුය.

කොස්වා ලිහිණි පැටවුන්

Image
තමන්ගේ දෙමව්පියන් දුක් මහන්සියෙන් උපයාගත් වස්තු සම්පත් පෙන්වා උජාරු වීමත් තමන් ඉන් සතුටු වීමත් එකතරා මානසික රෝගයකි. එවන් රෝගීන් බොහෝ දෙනෙකු මෙහි දුටුවෙමි. https://www.instagram.com/richparentsofinsta/ "අචරිත්වා බ්‍රහ්ම චරියං අලද්ධා යොබ්බනේ ධනං ජිණ්ණ කොඤ්චාව ඣායන්ති ඛීණ මච්චේව පල්ලලේ " මෙලොව පරලොව සැපවත් බව මෙන්ම කෙළවර දුකින් මිදී ලබන නිවන් සුවයද උදා කරන සීලාදී පිළිවෙත්හිද නොයෙදී තරුණ වියේදී උපයන ධනය රැක ගැනීමෙන් හා නූපන් ධනය ඉපදවීමෙන් ද තොරව ජීවත් වන්නෝ වැසි සමෙයහි මසුන් අල්ලා පසුව සිඳී ගිය පොකුණ දෙස බලා පසු තැවිලි වන මහලු කොස්වා ලිහිණියන් මෙන් පසු තැවෙන්නෝය .සුසුම් ලන්නෝය.

අවුලෙන් අවුලට යාම

Image
රටක නීතිය යනු කශේරුකවයි.අමාත්‍යවරයකු ඉල්ලා අස්වූ පමණින් දාම් ලෑල්ලක ඉත්තන් ඇදීමක් මෙන් අමාත්‍යවරුන් හට පුරප්පාඩුව පිරවීම දේශපාලන බංකොලොත් බව ප්‍රදර්ශණය කිරීමක්ද ? අධිකරණ අමාත්‍යධුරය යනු ඉතාම කාර්යබහුල තනතුරකි.නොවිසිඳුණු ප්‍රශ්ණ ගොඩගැසුණු විදේශ අමාත්‍ය ධුරයක් එහෙමම තිබියදී තවත් බැරෑරුම් වගකීමක් ගැනීම අරාජිකත්වයේ සලකුණකි.