Posts

Showing posts from June, 2014

පොහොය දින හා ඒවායේ වැදගත්කම

දුරුතු(ජනවාරි) සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ  සඳහන්ය. එහෙයින් මහියංගණ සෑය අද ද බෞද්ධයින්ගේ මහත් ගෞරවාදරයට පත් වූ ස්ථූපයකි. බිමිබිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. ඉසිපතනාරාමයේ වස්කාලය ගතකළ බුදුන් වහන්සේ, දහම් පණිවුඩය ලොව පැතිරවීමට සිය පළමු රහතන්වහන්සේලා 60 නම පිටත් කර යැවුහ. උරුවෙල් දනව්වට වැඩම කර බුදුන් කාශ්‍යප වරුන්ට දහම් දෙසා පිඬු සිඟා පිණිස කුරු රටට වැඩම කරන අතර වාරයේ අනවතප්ත විල අසල දැන් වළඳා සමවත් සුවයෙන් සුවයෙන් සිටිත්දී තෙවන ඇසින් ලොව දෙස බලන කල, එදින ලක්දිව මහානාග වනෝද්‍යානයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ රැස්වීමෙහි කළු පැහැයෙන් යුතු රළු දරුණු පෙනුමකින්, අසංවර බවකින් සිටි මේ පිරිස හික්මවා දමනය කොට තිසරණයෙහි පිහිටුවීමට උන් වහන්සේ ගුවනින් පහළ වී ලක්දිවට වැඩි සේක ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ