Posts

Showing posts from February, 2017

බැබළීම වෙනුවට බැබළවීම

Image
gettyimages බොහෝ මිනිසුන් තමන් නිසා තව දෙයක් බබළවන්නට වඩා තව දෙයක් උපකාරයෙන් තමන් බබළන්නට වෙර දරයි. එහෙත් ශ්‍රේෂ්ඨ මිනිසුන් තමන් නිසා යම් දෙයක් බබළවයි.   පවුල නිසා වෙනුවට පවුල; භාෂාව නිසා වෙනුවට භාෂාව; පළාත නිසා වෙනුවට පළාත ; පරම්පරාව නිසා  වෙනුවට පරම්පරාව; වාසගම නිසා වෙනුවට වාසගම; කුලය නිසා වෙනුවට කුලය; පාසල නිසා වෙනුවට පාසල; රස්සාව නිසා වෙනුවට රස්සාව; ආයතනය නිසා වෙනුවට ආයතනය; පක්ෂය නිසා වෙනුවට පක්ෂය; ජාතිය නිසා වෙනුවට ජාතිය; ආගම නිසා වෙනුවට ආගම; මුදල්, බලය නිසා වෙනුවට රට; බබළවන්න... Youtube

සිංගපූරුව ගැන මගේ කියවීම

Image
වේදනාත්මක ආරම්භය මැලේසියාවේ බහුතරය වූ මුස්ලිම් ප්‍රජාව ශක්තිමත්ව කොමියුනිස්ට් රජයක් ලෙස ඉදිරියට ගෙන යාමට 1965 මැලේසියානු පාර්ලිමේන්තුව ඉතා තීරණාත්මක වගේම ඓතිහාසික තීන්දුවක් බහුතරයකින් සම්මත කරගත්හ. ඒ එතෙක් කල් සිංගපූරුව හා එකට පාලනය වූ මැලේසියාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් පසු ප්‍රථම වතාවට වෙන්කර දැමීමට. සිංගපුරු ප්‍රජාව වෙනම දේශයක් කෙරෙහි සතුටට පත්වුවත්,එවකට සිංගපුරු නායකයා වූ ලී කුවාන් යු දැඩි ලෙස අසරණ කරවීය.කෙසේ වුවත් සිංගපූරුවේ උපත එයයි. අවසාන තීරණය විමසු ලී කුවාන් යූ මාධ්‍යය ඉදිරියට පැමිණ රුපවාහිනී තිරය මත ඇඩුවා. ඒ මැලේසියාව කල වෙන් කිරීම නිසා ඇතිවුණු කනගාටුවත් තනිවම රටක් ලෙස ස්වභාවික සම්පත් කිසිත් නැති , ධීවර හා වෙළඳ පසුබිමකින් යුත් අඩු අධ්‍යාපනයක් ලැබූ තම රටවැසියන් සමග රට පාලනය කරගැනීමට යද්දී මුහුණ දෙන්නට සිදුවන දැවැන්ත අභියෝග හේතු කොටගෙන. “මැලේසියාවෙන් වෙන්වීම කටුක වේදනාවක්.මගේ වැඩිහිටි කාලයේදී මට මේ රටවල් දෙක එකක් ලෙස දකින්න ඕන වුනා.මම විශ්වාස කලා එය සිදුවන බව. අපිට නෑදෑයන් ලෙස ඉන්නට තිබුණා.” ඔහුට කියාගන්න පුළුවන් වුනේ එපමණයි.ඔහු මාධ්‍ය හමුව ටිකකට කල් දමනවා.

නීතිය

Image
ඇයට සැමවිටම ඔබව ආරක්ෂා කිරීමට නොහැකිබව බව මතක තබා ගන්න. අනෙක් සැමදෙයක් මෙන්ම සැමවිට බලය,මාධ්‍ය හමුවේ ඇය අසරණ වන බවත් සිහියට ගන්න. ඔබේ හෘද සාක්ෂිය ගැන සාක්ෂි විමසීමට ඇයට නොහැකිය. ඔබ සිටිනා ඉසව්වට අනුව ඇයට ඔබ අනුන්ගේ දරුවකු ලෙස පෙනෙන්නට පුළුවන. ඔබගේ ආරක්ෂාව ඔබම සලසා ගන්න හැමවිටම කටයුතු කරන්න. ඇයගේ දෑස් බැඳ ඇති නිසා ඇයට දොස් නොකියන්න. අපි දිවි දී ඇයව රැකගනිමු.