Posts

Showing posts from January, 2017

යුතුකම ඉටු කර සමාජ යථාර්තයට අනුගත වීම.

Image
ඉන්දියානු ටෙලිනාට්‍ය හඬකවා පෙන්වීම නිරතුරුව සිදුවන කාලයක වෙතත් නව නිර්මාණ සඳහා අවස්ථාව ලබා දීම ඉතා අගය කල යුත්තකි.මේ අතුරින් අම්මා , ස්වර්ණපාලී,අග්නි,ගිණි අවි සහ ගිණි කෙළි “දෙරණ” ඉදිරිපත් කල අවිවාදයෙන්ම විශිෂ්ඨ නිර්මාණ කිහිපයකි.සිදූ ටෙලි නාට්‍යද මේ වන විට විශාල පිරිසකගේ ආ දරයටද,සමහරකුගේ විවේචනයටද ලක්වූ නිර්මාණයකි.ටෙලි නාට්‍යය විචාරය මා නොදත්තද  මේ ටෙලිනාට්‍යය විකාශය වන අතර  ඉස්මතුවූ බාහිර දෙයක් විමසුවෙමි. සෝරත හාමුදුරුවෝ ලෙස දක්ෂ රංගනයක යෙදෙන මේ දරුවා හැබෑම දක්ෂයෙකි.වයස අවුරුදු 6ක් වන කුඩා දරුවකුගෙන් අපේක්ෂා කල නොහැකි හපනෙකි.එවන්වූ දරුවකුගේ හැකියාවන් අගය කර ඔහුව දිරිමත් කිරීමට වැඩිම බෞද්ධ ජනගහනයක් ඉන්නා රටක අප අසමත් වී ඇත.රාජ්‍ය බලධරයන් හෝ රාජ්‍ය නොවන බෞද්ධ සංවිධාන හෝ කිසියම් හෝ කෙනෙකු යම් දෙයක් කලාද යන්න සැකයකි.හංවැල්ල නගරයේ සිට පනාගොඩ පැරකුම් විද්‍යාලයට පාසැල් ගිය මේ දරුවාගේ වටිනාකම තේරුම් ගන්නට වාසනාවට කිතුණු පාසලක් සමත්වී ඇත.ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ සිසුන් ලංකාවේ කොයි කෙලවරේ හිටියත් තමන්ගේ පාසලට ඇතුලත් කරගන්නා සමහර බෞද්ධ පාසල්වලටවත් මේ දරුවා නොපෙනීම තරමක් ලැජ්ජා වියයුත

යේමනය සහ මන්දපෝෂණය

Image
මින් වසර හතකට ප්‍රථම මට පුණ්‍යාතනයකට මුදල් ආධාර එකතු කරමින් ගෙයින් ගෙට යාමට අවස්ථාව සැලසිණ.අධ්‍යයන කටයුතු නිමවී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිය නිසාත් වැඩ කරන දින ගණන අනුව වැටුපක් ලැබෙන නිසාත් මමත් තවත් ජෙෂ්ඨ නිලධාරිණියක සමග අපට ලබා දුන් සිතියම අනුව ගමන ඇරඹීමු.දවසම ඇවිද්දත් සැලකියයුතු ආධාර ප්‍රමාණයක් එකතු කර ගැනීමට අපිට නොහැකි විය. බලාපොරොත්තු කඩවෙමින් පැවතියද තවත් එක් නිවසකට අපි ගියෙමු.දොර විවර කළ පමණින් කෙසඟ සිරුරකින් හෙබි,ඇස් යටට එබුණු තරුණයෙක් සැකයෙන් යුතු දෙනෙතින් දොර තුළින් මතු විය.අප පැමිණි කාරණය කිවූ සැණින් ඔහු දොර ඇර අපට ආරාධනා කළේය.එය ඉතාම පරණ අබලන් නිවසකි.ඔහු හැරුණු කොට තවත් හතරක් හෝ පහක් එහි වෙසෙන බව මට සැකයෙන් තොරව පසක් විය.මිනිත්තුවකින් මුදල් පසුම්බිය අතට ගත් ඔහු 100 GBP මුදලක් මගේ අත තිබ්බේය.යේමනය අරාබියේ නිසා පොහොසත් රටක් විය හැකිය යන්න මට ඒත්තු ගැන්වී තිබුණි.එහෙත් මා වැරදිය. යේමනය යනු අරාබි අර්ධද්වීපයේ පවතින ඉතාම දුප්පත් රටයි.දහස් ගණන් කුඩා දරුවන් මන්දපෝෂණයෙන් පීඩා විඳින මුස්ලිම් රටකි. අප්‍රිකානු රටවල් හැරුණු කොට ඒ හා සමානවම මන්දපෝෂණයෙන් හා දරිද්‍රතාවයෙන් පෙලෙන