Posts

Showing posts from September, 2016

අත්හැරීම

Image
                                                                                               facebook.com දින කිහිපයකට ඉහතදී මට මා පදිංචිව සිටින නිවසින් වෙනත් නිවසකට යාමට සිදුවිය . සෑහෙන දිගු කලක් මා පදිංචිව සිටි මගේ නවාතැන හැර යාම මා සිතුවාට වඩා අපහසු කටයුත්තක් විය.කාලයක් තිස්සේ එකතු කරගත් බඩු භාණ්ඩ සියල්ල මා අළුත් නවාතැනට ගෙනයා යුතුය .සමහර දේ ඉවත හල යුතුය. අවශ්‍ය ප්‍රමාණයටද වඩා දේවල් ගොඩ ගසා ගෙන ඇත්තෙමි.ඉක්මනටම නොසිතු මොහොතක තවත් තැනකට යන්නට වේ යැයි මට නිකමටවත් සිතුණාද ?මගේ පරණ ලිපින වෙනස්වේ.අළුත් ලිපිනය හැම කෙනෙකුටම දන්වා යැවිය යුතුය .නවාතැන මාරු කිරීමට නිවාඩු ගත යුතුව ඇත.Moving Service එකක සේවාව ලබා ගත යුතුය .සිතට අස්වැසිල්ලක් නැත.ගතටද විඩාවක් දැනෙනු ඇත . මේ එක් ගෙදරකින් තවත් ගෙදරකට යාමේදී සිතුනු දේයි.ජීවිතය හැර යාමට සිදුවන බව දැනගෙන සිටීමට මට සිදුවුවහොත්?ඉඳුරාම එය කල් නොතියා සිදුවනවාට මම කැමතිය.ඒ මක් නිසාද යත් කටුක යථාර්තයට මුහුණ දීමට තරම් මා ශක්තිමත් නොවන නිසාය . දිනක් එක්තරා රූපවාහිනි නාළිකාවකට පැමිණි වෛද්‍ය සුමනපාල ගල්මංගොඩ ඇඳුරුතුමා පැවසුවේ කෙනෙකුට තම

මගේ නොවන එහෙත් මගේම වන ආදරය

Image
ආදරය යනු සංසාර පුරුද්දකි.මේ සා ප්‍රබලව එය මිනිසුන්ට දැනෙන්නට නම් සහතිකවම පෙර සසරේ බලපෑමක්  තිබිය යුතුමය.යහපත් දෙමව්පියන් ලැබීමට,අධ්‍යාපනයක් ලැබීමට  තරම්ම තමන් කැමති කෙනෙකු සමග ජීවත් වීමටද පෙර පිනක් තිබිය යුතුය.ප්‍රියයන් හා එක්වීම සතුටකි.සිද්ධාර්ථ යශෝධරා,නකුල මාතා නකුල පිතා,සාලිය අශෝකමාලා පුරාවෘත සදා අමරණීයය.ප්‍රසිද්ධ නොවුණු පුරාවෘත පසුපසද එවන් වූ කුසල් බලපෑමක් තිබෙණු ඇත.වාසනාවකට හෝ අවාසනාවකට එය මිනිසුන්ට නොපෙනේ. ගිලිහුණු ආදරය ගැන නොතකා වෙන ආදරයක් යමෙකු ලැබුවද අළු යට තිබෙන ගිණි පුපුරු මෙන් එය ඉඳ හිට මතුවී පීඩා කරයි.සමහරෙක් දිවිනසාගනිති.ඇතැමෙක් තනිකඩ වෙති.එසේත් නැත්නම් අපහසුවෙන් හෝ නිර්මාණශීලිව එය එළි දක්වති.මේ සියල්ලම නොලැබූ ආදරය ලබා ගැනීමට ඇති දැඩි කැමැත්ත නිසායි. ජීවිතය පුරා මිනිසුන් ජීවත් වීමට අපමණ දුකක් විඳිති.ආදරයද ඒ දුක්විඳින ජීවිතවලම කොටසකි.එය දම්වැලක ඇමිණු පුරුක් මෙන් ගැළපීමක් නොවිය හැකිය.අන් අයට නොගැළපුනාට ඔහුට හෝ ඇයට එය ගැළපෙනා සේ පෙනෙනු ඇත.ඒ ඔහුට හෝ ඇයට  දැනෙනා ආදර හැඟීම ඔහු හෝ ඇය තනිව රැගෙන ආ දෙයක් බැවිනි . ආදරය අව්‍යාජය.පුජනීයය.මිනිස් නොමිනිස් හැමටම පො