Posts

Showing posts from October, 2018

ක්‍රීඩාවෙන් ක්‍රීඩකයකුගේ සමාජ මෙහෙවර

Image
ලෝකයේ විවිධ  ක්‍රීඩා තරු ජනප්‍රිය වනවාත් සමඟ  ඔවුන් ඉබේම වෙළඳ ප්‍රචාරණයට මිලක් ලබා ගනිති. Usain Bolt තමන්ගේ රටේ සුභ සිද්ධිය සඳහා ඔහු සහභාගීවන සියළුම වෙළඳ දැන්වීම් ඔහුගේ මව්බිමේ රූගත කරන ලෙස ඉල්ලීම ශ්‍රේෂ්ඨ හැසිරීමකි.ඉන්දීය ක්‍රීඩක Virat Kohli ලෝකයේම ප්‍රසිද්ධ වෙළඳ සන්නාම වන Pepsi ,Coca Cola සමාගම් සඳහා තමන් ඉදිරිපත් වීමට අකමැති බව ප්‍රසිද්ධියේ පැවසීමට නිර්භය විය. ලංකාවේද අර්ජුණ රණතුංග  කදිම ආදර්ශයක් සෙසු ක්‍රීඩකයින්ට ලබා දුනි.ඒ සියළුම වෙළඳ දැන්වීම් ප්‍රතික්ෂේප කර සමාජ සුභසාධනය වෙනුවෙන් MRI Scanner යන්ත්‍රයක් පිළිකා රෝගීන් වෙනුවෙන් ලබා ගැනීමට පෙනී සිටි වෙළඳ දැන්වීමයි.අරවින්ද ,රොෂාන් ,හෂාන් කීල්ස්‌ සමාගමේ කෘතීම ආහාර සඳහා මුදලට පෙනී සිටියදී අර්ජුන නොමිලයේ ඔහුගේ වගකීම ඉටු කළේය.අද මෙන්  අන්තර්ජාල, පුවත්පත් මාධ්‍ය නොතිබූ සමයක සමහර දෙමව්පියන් පවා සොසේජස් කන ක්‍රීඩකයන් විස්වාස කළහ.පසුකාලින පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනට වඩා ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන මහත්මා ගති තුලින් ප්‍රමුඛ බවට මෙම උදාහරණය පමණක් වුවද සෑහේ ඉන්පසු මෑත කාලයේ ඇන්ජලෝ ,සංගක්කාර,ඩිල්ෂාන්,මහේල  අධිකව වෙළඳ දැන්වීම් සඳහ

නිදහස් අධ්‍යාපනයේ ණය ගෙවීම

Image
ගෙවීමකින් තොර අධ්‍යාපනයක වටිනාකම වෙනත් රටක මිනිසුන් අධ්‍යාපනය ලැබීම සඳහා යොදවන මුදල පිළිබඳව අවබෝධයක් ලැබූ පසු වටහා ගතිමි. ණය ගෙවීමට පින් බිමේ සිටිය යුතුව ඇති මුත් හිතේ සවියෙන්,දැනුමේ මහිමෙන් එහි කල හැකි දෙයක් නැත. කුසලතාවට වඩා හිත් දිනීමේ රහස් එහි ප්‍රගුණ කල යුතුව ඇත.   වෙරළෙන් එහා සිට උගත් ශිල්පයටවූ ණය ගැන පසු තැවුණද ,දණ ගහන ආර්ථීකයකට යන්තමින් හෝ සවියක් වීම පිළිබඳව සතුටු වෙමි. Ref: https://www.colombotelegraph.com/index.php/should-sri-lankan-students-pay-a-fraction-of-their-university-costs/

මාධ්‍ය නිදහස සහ වල් බුරු නිදහස

Image
පරදේශක්කාර සුද්දන් වර්ජනය පැත්තකින් තබා අඩුම තරමේ අමාරුවෙන් රැකෙන සිංහල භාෂාව තවදුරටත් නැසීමෙන් වළකිමු.

කොසොල් රජතුමා දුටු සිහින

දිනක් කොසොල් රජතුමා නින්දේදී සිහින 16 ක් දක්නා ලදී. මේ අමුතු ආකරයේ සිහින රාජ සභාවේ සිටි පණ්ඩිතයන් හට ද මෙම සිහින වල නියම තේරුම සිතා ගත නොහැකී නිසා රජතුමා තමා හට පෙණුන සිහින පිලිබඳව විමසීමට බුදුරජාණන් වහන්සේ වෙත ගියේය. බුදුරජාණන් වහන්සේ මෙම් සිහින වල නියම තේරුම රජතුමාට පැහැදිලි කරන ලදී. පළමුවන සිහිනය ; කොසොල් රජතුමා : “ කළු පාට ගොනුන් සතර දෙනෙකු සතර දිශාවෙන් ගොන් පොරය සඳහා දූවිලි අවුස්සාගෙන විදුලි වේගයෙන් දිව එනවා . නරඹන්නෝ ඒ දෙස මහත් වූ උද්යෝගයෙන් බලා සිටී. නමුත් පසුව පොරයට පැමිණි ගොනුන් සතර දෙනා එකවරම ආසන්නයටම පැමිණ නැවතත් ආපසු හැරී දිව ගියා. උද්යෝගයෙන් සිටි නරඹන්නන් ගොන් පොරය බලන්නට බැරි වී දුක් වුණා. “ "බුදුජාණන්වහන්සේ : " අනාගතයේ දී රටේ අධාර්මික පාලකයන් නිසා රටේ දේශගුණයත් ,කාලගුණයත් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.කලට වෙලාවට වැසි වසින්නෙ නෑ. ගොවියෝ අහස දිහා බලාගෙන ඉන්නවා.වැසි බලාපොරොත්තුවෙන් . ඔන්න ඔය අතරේ ඝණ වැසි වලාකුළු ඇවිත් අහස වසා ගන්නවා.ගොවියො ගොවිතැනට සැරසෙන්න ගන්නවා . එහෙත් අර වහින්න කියල පැමිණුන වලාකුළු වෙන දිහාවකට පාවෙලා යනවා. වැස්ස බලාපොරොත්ත

දඹයියෝ

Image
ඉන්දියාව . අතාත්වික චිත්‍රපට හැදෙන රට. ප්‍රමිතියක් නැති වාහන තනන රට. වවුලන් මෙන් දුම්රිය මැදිරිවල එල්ලී මිනිසුන් යන රට. කාන්තා හිංසනය ,කුළ වාදය ,ගෝත්‍ර වාදය උඩුදුවාපු රටා . රටෙන් හරි අඩකට තවමත් අවම සනීපාරක්ෂක පහසුකම වන වැසිකිළි නැති රට. වාගේම බිලියන 1.5ක පමණ ජනගහනයක් ඇති  රටක්. ආගම් ,භාෂා හයකට අධික ප්‍රමාණයක් ඇති රටක්. Dashrath Manjhi - පාරක් ඉදිකිරීමට කන්දක් තනිවම කැපූ මිනිසෙක්. ඔලිම්පික් පදක්කම් 30කට ආසන්නව දිනු රටක් . ක්‍රිකට් වලින් අංක එකට පැමිණි රටක්. මහද්වීපයක් දුරට ගිණි ගෙනගියහැකි “අග්නි” මිසයිල තැනූ රටක් . තමන්ගේම ආහාර වට්ටෝරු ,චිත්‍රපට ,වාහන ලොවට හඳුන්වාදුන් රට. ලෝකයේ හැම රටකම සංක්‍රමණිකයන් 20ක් අතුරින් එකකු ඉන්දියනුවකුවූ දේශයක්. ගාන්ධි , බුදු හාමුදුරුවෝ ,අශෝක අධිරාජ්‍යයා වැනි ලෝක පුජිත නායකයින් බිහිකළ බිම. අවමානය පහසුය එහෙත් අමිහිරි සත්‍යය අවබෝධකරගැනීම කළයුතුමය. අප තව ගොඩක් දුර තනිව යා යුතුව ඇත.

ඔබ නසන්නේ ඔබගේ වෘත්තියේ සුසුම්නාවයි

Image
වෛද්‍ය මාෆියාව උපරිම මට්ටමට පැමිණ ඇත.නියපොත්තෙන් කපන්න තිබුණු දෙය දැන් පොරවෙන් වත් කපන්නට බැරිය.ශ්‍රේෂ්ඨ වෛද්‍ය  වෘත්තිය අවමන් ලබන කාලය ඉතාම නුදුරිණි අවමන් ලැබීම රටට අහිතකර වන්නේ  අද හෙට යැයි සිතුවොත් එය අප වරදවා වටහා ගැනීමකි. කෙලෙසුණු අභිමානය සහ ගෞරවය යළි ලබා ගැනීම සමහරවිට සිහිනයක් පමණක් විය හැකිය . බො රලැස්ගමුව මහරගම පාරේ නිවෙසක පසුගිය 29 වැනිදා පිරිත් පින්කමක් පැවැත්වෙමින් තිබුණේ දින තුනකට පෙර 83 වැනි වියට එළැඹි මෑණියන්ට ආශිර්වාද පැතීමටයි. ඊට එම මෑණියන්ගේ දුවා දරුවන් මෙන්ම මුනුපුරු මිනිපිරියන්ද ඇතුළු බොහෝ නෑසියෝ එක්ව සිටියහ. සතුට උතුරා ගලා යන මොහොතක් වූ එම අවස්ථාවේ සිය මෑණියන්ට සෙත් පැතීමට පොලිස් පරීක්ෂකවරයකු වූ අජන්ත ගාමිණි මහතා ද එක්වූයේ තම බිරිය සහ දරුවන් දෙදෙනා සමඟ එදින රාත්‍රී 8.30ට පමණය. මෑණියන්ට සෙත් පතා ඥාති හිතෛෂීන් සමඟ සතුටු සාමිචීයේ යෙදුණු ගාමිණි මෑණියන් අතින් උපන්දින කේක් කෑල්ලක් කන අතරේ කීවේ, “අම්මේ අපි රෑම යනවා. මට හෙට උදෙන්ම කුරුණෑගල මඟුල් ගෙදරක යන්න තියෙනවා.” කියාය. එදා එලෙස මෑණියන්ගෙන් මෙන්ම සියලු නෑසියන්ගෙන් සමුගෙන ගාමිණි, බිරිය සහ දරුවන් සමඟ