Posts

Showing posts from October, 2017

පාසැල නිසා ආඩම්බර අපි වෙනවාද ? අපි නිසා පාසල ආඩම්බර කරවනවාද ?

Image
කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණවල පසුකාලීන බලපෑම (43 වැනි  සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ගුණානුස්‌මරණය නිමිත්තෙනි) තමන්ගේ පාසල නිසා ආඩම්බර වී සමාජජාල තුල කැපී පෙනෙන්නට හදන බොහෝ පිරිස් මේ දිනවල දුටුවෙමි. නිදහස් අධ්‍යාපනය ආරම්භයේදී කොතරම් දුෂ්කර කටයුත්තක් වීද ? එහි ප්‍රතිඵලයෙන් බිහිවූ අප ඒ පිළිබඳව ආඩම්බර විය යුතුද ? නැතිනම් කන්නන්ගර ශ්‍රීමතා මෙන් ශ්‍රේෂ්ඨ මිනිසකු අගය කලයුතුද  ඔහු පිළිබඳව ආඩම්බර විය යුතුද ? කන්නන්ගර මැතිතුමා අධ්‍යාපන ඇමැති වූයේ පූර්ණ නිදහස ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන සමාජයකය. එබඳු සමාජයක අනාගතය සාර්ථක වනුයේ එම ජනතාව තුළ ජාතිකාභිමානය, දේශීය සංස්‌කෘතිය, සාරධර්ම හා සිරිත් විරිත් පිළිබඳ ඇල්ම, සාක්‍ෂරතාව, පාලනය බාර ගැනීමේ පුහුණුව සහ ආත්ම විශ්වාසය වර්ධනය වුවහොත් පමණක්‌ බව කන්නන්ගර ඇමැතිතුමා විශ්වාස කළේය. නූගතුන් පිරි සමාජයක්‌ උගත් සමාජයක්‌ බවට පත් කිරීමටත්, ආත්ම විශ්වාසයෙන් හීන ජනතාවක්‌, ආත්ම විශ්වාසයෙන් යුතු ජනතාවක්‌ බවට පත් කිරීමටත් එතුමා උනන්දු විය. ගම්බද දුප්පත් නූගත් ගැමි ජනතාවට දැනුම ලබා දී ඔවුන් අතින් ගිලිහී ගිය අභිමානය, පිරිහී ගිය ජ

සම්මාන ලැබූ කිරි දෙනුන් මහ රෑ මසට උස්සලා

Image
සටහන :හරක් හොරකම් කරන ගෝත්‍රික මිනිසුන්  තව මත් ඉන්නා රටක අපි ජීවත් වෙමු. උඩුගං බලා පීනන ධෛර්යය වන්ත මිනිසුන් රැක ගැනීම සැමගේ යුතුකමක් සහ වගකීමකි. පශු සම්පත් අමාත්‍යාංශය මඟින් බස්නාහිර පළාතේ හොඳම ඉන්දීය කිරි ගවයා ලෙස ප්‍රථම ස්ථානයේ රාජ්‍ය සම්මානය දිනාගත් මැණිකා නමැති කිරි ගවයා සහ රාජ්‍ය සම්මාන ලැබූ කිරි ගවයන් තිදෙනකු ඇතුළු කිරි ගවයන් 9 දෙනකු දිවුලපිටිය ඇත්ගාල වත්තේදී ඉතුත් 15දා මහ රාත්‍රියේදී හොර හරක් ජාවාරම්කරුවන් විසින් මස් කිරීම සඳහා හොරාගෙන ගොස් තිබේ. ඇත්ගාලවත්ත කුඩගම්මන ගම්වාසීහු හැඬ­ කඳුළින් කම්පිතව මාධ්‍යයට ඊයේ (18දා) මේ බව පැවැසූහ. පශු සම්පත් අමාත්‍යාංශය මඟින් 2007 වසරේදී හොඳම දෙමුහුන් මී ගවදෙන ලෙස දිවුලපිටිය ආසනයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත් රාජ්‍ය සම්මානය දිනාගත් කළු මැණිකා නමැති කිරි ගවයාද ගම්පහ දිස්ත්‍රික්කයේ හොඳම දෙමුහුන් මී ගවදෙන ලෙස ප්‍රථම ස්ථානයේ රාජ්‍ය සම්මානය දිනාගත් චූධී නමැති කිරි ගවයාද එම ගවයන් සමඟ ගාලේ සිටි ගැබ්බර කිරි ගවයන් ඇතුළු කිරි ගවයන් 9 දෙනකු මස් කිරීමට ලොරියක පටවාගෙන හොරාගෙන ගොස් ඇතැයිද ගම්වාසීහු කියති. දිවුලපිටිය ඇත්ගාලවත්ත කුඩගම්මන

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක ප්‍රැන්සිස් මොලමුරේ සිරගෙට යැවූ අනාචාර චෝදනාව

Image
උතුරු ඉන්දියාවේ ගයා නුවර උපන් ලීලාවති මියුරියල් සුරූපී යුවතියක වූවාය. ඇය විවාහ වූයේ ‍ෙදාස්තර සී. වී. අසරප්පා තරුණයා සමඟ 1919දීය. ඉන් ටික කලකට පසු මේ යුවළ ලංකාවට විත් කොළඹ පදිංචි වී විවිධ සමාජ සේවා කටයුතුවල නිරත වූහ. 1931දී පමණ ‍ෙදාස්තර අසරප්පා කොළඹ නගර සභාවේ වෛද්‍ය නිලධාරි තනතුරට පත් විය. එය සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසු මුල්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවට නියෝජිතයන් තෝරා ගන්නා මැතිවරණය පැවැත්වෙන සමය විය. ඊට නාම යෝජනා භාර ගැනීමේදී දැදිගම ආසනයට ඉදිරිපත් වූයේ නීතිඥ ප්‍රැන්සිස් මොලමුරේ මහතාය. ඔහු විවාහ වී සිටියේ ඇඩ්ලින් මොලමුරේ කුමාරිහාමි මහත්මිය සමඟය. 1931 මැතිවරණයෙන් පසු රුවන්වැල්ල ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණයෙන් ජය ගෙන මෙරට ව්‍යවස්ථාදායකයට පත්වූ ප්‍රථම කාන්තාව වූයේ ඇයයි. මැතිවරණයෙන් පසු ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපතිවරයා ලෙස තෝරා ගන්නා ලද්දේ නීතිඥ මොලමුරේ මහතාය. එකල මෙම තනතුර පුවත්පත් හඳුන්වා තිබුණේ "කථිෂ්වර" නමිනි. මොලමුරේ මහතාද එකල රූපයෙන් ප්‍රභාවත් පුද්ගලයකුව සිටියේය. සමාජ සේවා කටයුතුවලදී හමුවූ ‍ෙදාස්තර අසරප්පාත් ඔහුගේ සුරූපී බිරිය මියුරියල් අතරත් දැඩ