Posts

Showing posts from June, 2021

එංගලන්තය සමඟ T20 තරඟාවලිය 3-0ක් ලෙස පරාජය 2021

Image
  එංගලන්තය සමඟ T20 තරඟාවලිය 3-0ක් ලෙස පරාජයවීමෙන් පැය කිහිපයකට පසු රාත්‍රියේ හැසිරෙන ක්‍රීඩකයින්. ඔවුන්ට වැටුප් ලැබෙන්නේ ජනතා බදු මුදලින් නොවන බව සැබෑය.එහෙත් ඔවුන් ක්‍රිකට් ඉගෙන ගත්තේ ජනතා බදු මුදලිනි. බන්දුල වර්ණපුර ,දුලිප් මෙන්ඩිස්,සිදත් වෙත්තමුණි , සනත් ජයසූරිය , අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන් වැනි මිනිසුන් අමාරුවෙන් ඔසවා තැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රමිතිය වර්තමානයේ කෙළෙසමින් ඇත. තරඟ දිනන තත්වයකට නැවත කණ්ඩායම ගෙනෙන තුරු, කොන්ත්‍රාත්තු අවලංගු කර දක්ෂතා දක්වන මට්ටමකට ගෙවීමක්ද, එයින් ඉතුරුවන මුදල් පාසල් ක්‍රිකට් සංවර්ධනයට හෝ පළමු පෙළ තරඟ වල ක්‍රීඩකයින්ට ලබාදීම කල යුතුය.එයින් ක්‍රීඩාවට සහ රටට ආදරය කරන ක්‍රීඩකයින් ඉදිරියේදී හෝ බිහිවනු ඇත.

ණය කළමනාකරණය සහ විනිවිදභාවය.

Image
         රාජ්‍ය සේවය හකුලන්න , සහනාධාර නොදෙන්න, ආදායම් උපයන  ක්‍රමෝපායන් වෙත යන්න ,ඵලදායිතාවය  වැඩි වන ක්‍රමෝපායන් වලට යන්න මේ IMF වල ණයගැතියන්ට දෙන උපදෙස්. නමුත් IMF  නොසලකා චීන රජය  හෝ වෙනත් තෙවන පාර්ශවයකින් ණය ලබා ගැනීම ඉතිහාසයේ සිටම අප කරන වරදකි. අපට අවශ්‍ය නොමිලයේ අධ්‍යාපනය ලබාදී උපාධිදුන් දරුවන්ට නැවත රජයටම බදවාගෙන පඩි දෙන ක්‍රමයක්ද? පොහොර නිකන් ලබාදී අස්වැන්නත් රජයෙන්ම මිලදී ගන්නා ක්‍රමයක්ද?  මතක තබා ගන්න අද වෙද්දී  අද උපදින දරුවෙක් ලක්ෂ 9ක් ණයයි