Posts

Showing posts from August, 2016

එක මවකගේ දරු කැල බැවිනා ..යමු යමු වී නොපමා .

Image
" යටගිය දේවල් යට ගියාවේ.උඩ බලාගෙන කෙල ගැහුවොත් මූනටමයි වැටෙන්නේ.අපි අපේ ක්‍රීඩකයන්ව රැක ගන්න ඕනි.මම නායකත්වය දරපු කාලයේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මම නායකත්වය දරපු අවුරුද්ද පුරාවටම ඇන්ජලෝ මැතිව්ස්ට ආබාධයක් තිබුණා.අවුරුද්ද පුරාවටම මැතිව්ස්ට පන්දු යවන්න බැරිවුණා.ඒක මගේ අවාසනාව වෙන්න ඇති.මොකද මම අයින් වෙලා සතියකින් අපි ඔස්ට්‍රේලියාවට ගියා. ඒ සතියේදී ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවන්න පටන්ගත්තා.ඒක මහේලගේ වාසනාව වෙන්න ඇති.සමහර තිබුණ ප්‍රශ්ණ මම කියන්න කැමති නෑ මාත් එක්කම ඒවා යටයයි. " අවුරුදු 17ක් ජාතික කණ්ඩායමට ක්‍රිකට් ගහලා සමුගන්න නායකයකුගේ අවසන් කථාව.T.M ඩිල්ෂාන් ඔය කුණුගොඩවල් අවුස්සපු නැති එක ලොකු දෙයක් ! ලංකාවට කීර්තියක් ගේන්න හෝ කරන්න හදපු හැම කෙනාම කියන්නේ තමන්ට අසාධාරණයක් වුනා කියල අනිත් පිරිසගෙන්.වර්ණපුරලගේ,අර්ජුණලගේ කාලේ ඉඳන්ම ඔහොමයි.ඉස්සරහට එන නවක ක්‍රීඩකයොත් කවදාහරි ඔහොම කිව්වොත් ? අපේ රටේ එකකු වෙනුවෙන් තවෙකකු සිටීම  බොහොම කලාතුරකින් සිදුවන දෙයක්. ජාතික ගීතේ ආනන්ද සමරකෝන් ගී පද රචකයා ඔය පද ටික ලියල තියෙන්නේ ඔහුට අපේ ජාතිය ගැන තිබුන අත්දැකීම් නිසාම වෙන්න ඇති.