Posts

Showing posts from January, 2013

ආනාපාන සති භාවනාව

Image
                                                                         Spanda School එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ, භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කර, ‘මහණෙනි, යම් කිසිවකු විසින් ආනාපාන සති භාවනාව වඩයි නම් හෙතෙම ශාන්ත පැවැත්මක් ඇති අයකු බවට පත්වෙයි. සැපසේ වාසය කරන අයකු බවට පත්වෙයි යහපත් පුද්ගලයන් ඇසුරු කරන අයකු බවට පත්වෙයි. එසේම ඔහුගේ යම් යම් අකුසල කර්ම විපාක නැතිවීමටද හේතු වෙයි යනාදී වශයෙන් ආනාපාන සති භාවනාවෙහි වැදගත්කම පෙන්වා දුන්හ. සිදුහත් කුමරු ඉපැදී මාස පහක් ගත විය. එදින කිඹුල්වත් පුර වාර්ෂිකව පවත්වනු ලබන වප් මඟුල් උත්සවය විය. විශාල ජනතාවක් සහභාගි වෙමින් උත්සවාකාරයෙන් පවත්වනු ලබන මෙම උත්සවයට තම සිඟිති පුතනුවන් ද රැගෙන යාමට සුද්ධෝදන පිය මහ රජතුමා තීරණය කළේය. කෙත මධ්‍යයේ සුවිසල් දඹ වෘක්ෂයකි. එම රුක් සෙවණෙහි කුමරු වෙනුවෙන්ම සකස් කරන ලද ආසනයකි. එහි ආරක්ෂාකාරිව කුමරු නිදි කරවූ රජතුමා පිරිවර සමග කුඹුරට බැස සී සාන්නට පටන් ගත්තේය. ආසනයෙහි සිටි කුමරු වට පිට බැලුවේය. අසල කිසිවකුත් පෙනෙන්නට නැත. බිලිඳු දරුවකු වුවද බුද්ධියෙන් මුහුකුරා ගොස් සිටි කුමරුගේ සිත භාවනාවට යොමු විය. පළක්