Posts

Showing posts from February, 2014

චේතනාහං භික්ඛවේ කම්මං වදාමි

Image
බුද්ධත්වයෙන් පසුද බුදුහිමියන් විදි පූර්ව කර්ම හා ඊට හේතු මේ දැක්වෙන්නෙ ලොව්තුරු බුදුහිමියන් බුදුඋනාට පස්සෙ වින්ද කර්ම විපාක හා ඒවට හේතු.බලන්න.බුදුවෙලත් ඒ විපාක විදින්න සිදු උනානම් අපි කරන දේවල් තව කල්ප කීයක් නම් විදවන්න වෙයිද? සංසාරයේ භයානක ‍කම කොතරම්ද ? 01 සුන්දරී පරිබ්‍රාජිකාවගේ විහාරස්ථානයට යන එන ගමන හේතුවෙන් ලද අපවාදය. පෙර මුනලධුර්තකව සිටියදී සරභ නම් පසේ බුදුරජුන්ට කළ දෝෂාරෝපණය මෙයට හේතු විය 02 බඩදරු වෙස්ගත් චින්චි මානවිකාව නිසා අපවාද විදීම. පෙර ලොව පහළ වූ සම්භාභිභූ නම් බුදුරදුන්ගේ නන්ද නම් ශාවකයන් වහන්සේට කාම භෝගිකයා ලෙසින් දොස් නැගීම නිසා සසර බොහෝ දුකට පත්වී සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර කරන ලද කර්මය බුදුවන භවයේදීත් විපාක දුන්න. 03 සුන්දරී පරිබ්‍රාජිකාව දූෂණය කොට මරා දැමීයැයි කියූ අභූත චෝදනා අපවාදය. පෙර භීම නම් නම් ඍෂින්වහන්සේට බැණ වැදීමෙන් දින හතක් තිස්සේ මේ අපහාසය වින්දා 04 දෙව්දත් තෙරණුවන් ගලක් පෙරලීම. පෙර කලෙක වස්තු ලෝභයෙන්තම සොහොයුරා ගන්දකින් පල්ලට පෙරළා මරා දැමීම නිසා සසර බොහෝ දුක් විද බුදුවන භවයේදීත් විපාක දුන්න. 05 දෙව්දත් දුනුවායන් යෙ