Posts

Showing posts from March, 2017

කුණු බක්කියේ පිපුණු තායිලන්ත රෝස කුසුම

Image
dailymail.co.uk ඕනෑම කිරුළක් වැඩිපුරම ලස්සන මහ ‍පොළොවට එය කිට්ටු වුණ තරමට… ඒත් කිරුළු හිස පලඳන හුඟක් අය කැමැතිම මහ ‍පොළොවට හුඟක් උඩින් ජීවත් වෙන්න. හැබැයි මහ ‍පොළොව මත ජීවත්වන කිරුළු පලන් අයත් මේ ලෝකේ නැතිවාම නොවෙයි. මේ තායිලන්ත රූප සුන්දරියත් එවැන්නියක්.මිනිසකු මැනිය යුත්තේ ඔහු හෝ ඇය පැමිණි සමාජ පසුබිමෙන් නොවන බව අදහන මේ රුවැත්තියගේ නම කනිත්තා පේසන්. පසුගිය වසරක තායිලන්තයේ පැවැත් වුණු Miss Uncensored News Thailand තරගාවලියේ ජයග්‍රාහිකාව වුණේ ඇය. dailymail.co.uk රූප සුන්දරියක් කිරුළු පලන් හිස බිම ඔබා සිය වැදූ මව ඉදිරිපිට වැඳ වැටෙන ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. ඒ තමයි ඇය. අපේ කතාවේ නායිකාව… කනිත්තා පේසන්. විශේෂත්වය වන්නේ ඇගේ මව තායිලන්තයේ කසළ ශෝධිකාවක වීම. රටේම රුවැත්තිය හැටියට කිරුළ හිස පැලඳුවත්, ඇය නගරයේ කසළ එකතුකරන මව ඉදිරිපිට වැඳවැටෙන්නට ලැජ්ජා වන්නේ නැහැ.රූ රැජිනක් හැටියට කිරුළ හිස පලඳින විට කනිත්තා පේසන්ගේ වයස අවුරුදු 17 යි. Daily Mail වබේ අඩවියට ඇය තමාගේ කතාව පෙළගස්වා තිබුණේ  මේ ආකාරයටයි. “මගේ අතපය මේ තරම් සිනිඳු සහ මටසිලිටි වුණේ මගේ අම්මා නි

දියවන්නා ගස් වල මුල්

Image
මහින්ද ඩිෆෙන්ඩර් පෙළපාලියකින් හෙට කැබිලිත්තට හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා හෙට (මාර්තු 12) ඩිෆෙන්ඩර් පෙළපාලියකින් කැබිලිත්ත දේවාලයට යාමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.මහින්ද මහතා මුලින්ම කතරගම දේවාලයට ගොස් එතැන් සිට ඩිෆෙන්ඩර් පෙළපාලියකින් කැබිලිත්තට යාමට නියමිත බව පැවසේ. මේ වන්දනා ගමන සංවිධානය කරනු ලබන්නේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ඩී.එස්. ගුණසේකර මහතාය.ඒ මහතා අනුරාධපුර කොළඹ බස් රථ හිමි විශාලම ව්‍යාපාරිකයා සේ සැලැකේ. වන්දනාවේ යන පිරිසට ඩිෆෙන්ඩර් සැපයීම එල්.ආර්. මෝටර්ස් හි ඉන්දික හා අයන්මෑන් ආයතනයේ සෑම් චන්ද්‍රසේකර හා සමන් කරන්නාගොඩගේ සහය යටතේ සිදුවන බවද වාර්තා වේ. මහින්දට යන්න රෝද හයේ ජීප් එකක් මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට ගමන් කිරීමට රෝද හයේ ජීප් රථයක්ද යොදා ගැනීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.අදාළ ඩිෆෙන්ඩර් පෙළපාලියට යොෂිත රාජපක්ෂ මහතාගේ ජීප් රථයද එක්වන අතර පනදුරේ දමිත් සතු වටිනාම ජීප් රඨයද එක්කර ගැනීමට නියමිත බව පැවසේ.ඊට අමතරව කැළයේ යාම සඳහා භාවිතා කරන Y61 ජීප් රථ හයක්ද සහභාගි වේ. කැඹිලිත්ත නැත්නම

ආයුර්වේද වෛද්‍යවරුන්ගේ තොරතුරු

Image
                                                         මුහුණු පොතින් ලබා ගත්  ඡායාරූපයකි.

හිඟන්නාගේ පාත්තරේ හෙනහුරා වැටීම

Image
                                                                              guardian.com කුසගින්නේ මරණය සමග මිනිසුන් සටන් වදිද්දී ඒ වෙනුවෙන් ආහාර රැගෙන පැමිණෙන සහන සේවකයන්ගේ විසා ගාස්තු තුලින් රාජ්‍ය ආදායම තර කරගැනීමට දරන ප්‍රයත්නය අතිශයින්ම ඛේදනීය තත්වයකි. දකුණු සුඩානයේ තොරතුරු අමාත්‍ය Michael Makueiට අනුව එම වැඩිවීම 9900%කින් වැඩිවීමකි. ($100 to $10,000).ලක්ෂයක් පමණ දෙනා මේ වනවිට කුසගින්නේ සිටී.ඔවුන්ගේ කුස පුරවන්නට තිබෙන මුදල්,රාජ්‍යයේ ආදායම බවට පත් කරගැනීම කෙතරම් සාධාරණද? හිඟන්නාගේ පාත්තරේ හෙනහුරා වැටුනා වගෙයි!                                                                                      africanspress.org ආරක්ෂාව සහ රැකවරණය පතා දහස් ගණන් දකුණු සුඩාන වැසියන් අසල්වැසි උගන්ඩාවට සරණාගතයන් ලෙස පිටවෙති.ඉතිරිය කුසගින්නේ සටන් වදිති. අසරණ මිනිසුන්ගේ ජීවිත සමග වගකීම් විරහිත පිළිවෙතක් දරණ සුඩාන රජය කුසගින්නේ මියයන රටවැසියන්ගේ ජීවිතයක් ජීවිතයක් ගානේ ලෝකයට ණයගැති වනු ඇත. මෙම අළුත් ව්‍යවස්ථාව සම්මත වුවහොත්, සිව් වසරක සිවිල් යුද්ධය තවදුරටත් අරාජික වීමට අනිවාර්යයෙන් දායක වීමකි

බෝධි පූජාවෙන් සුවය ලැබෙන රහස

Image
                                                                          authorityremedies.com බෝධි පූජාවෙන් තමන්ට විශාල සෙතක් ශාන්තියක් සැලසෙන බව බොහෝ බෞද්ධයෝ විශ්වාස කරති. බෝධියක් සෙවණේ සිටීමෙන් විශාල සහනයක් දැනෙන බවට විශ්වාසයක්ද බෞද්ධ සමාජයේ පවතී. තවත් සමහරුන්ගේ මතය බෝධි පූජාව කිසිදු පලක් නැති මිථ්‍යා ඇදහිල්ලක් බවයි. පුරාණයේ පැවති ගස්වලට වන්දනාමාන කිරීම ආශ්‍රයෙන් ගොඩනගාගත් මිථ්‍යාවක් බවයි. බෝධි පූජාව නිෂ්ඵල මිථ්‍යා ඇදහිල්ලක්ද නැතිනම් එය නූතන විද්‍යාව මගින් පවා තහවුරු කළ හැකි ඵලදායී ක්‍රියාවක්ද යන්න විමසා බැලීම මේ ලිපියේ අරමුණයි. අප අවට ඇති පරිසරය ඇසට නොපෙනන විවිධාකාර ද්‍රව්‍යවලින් යුක්තය. දූවිලි, ජල වාෂ්ප, රොඩු, දුම්, ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් වැනි විවිධ වායු වර්ග ආදිය පරිසරයේ ඇති බව බොහෝදෙනා දනිති. එහෙත් බොහෝදෙනකු නොදන්නා ඇසට නොපෙනන ක්ෂුද්‍ර වස්තු ගණනාවක් අප අවට පරිසරයේ තිබේ. ඒ අතර ඇති ඉතාම වැදගත් ද්‍රව්‍යයක් වන්නේ ධණ අයනයි. මේවා පරිසරයේ සෑම තැනකම නැති බවද මෙහිදී අප සිහියට නගාගනිමින්ම ධණ අයන යනු මොනවාදැයි පැහැදිලි කර ගනිමු. පරිසරයේ අන්තර්ගත ඔක්සිජන්,කාබන්ඩයො