Posts

Image
විශ්වාසය මත රැඳෙන සුව නින්ද රැකියාව හෝ ව්‍යාපාරය ඉහළින් නිදන හස්තියා ලෙසත් පහළින් නිදන මිනිසා මා ලෙසත් ආදේශ කළහොත්, වර්තමානයේ අප බොහෝ දෙනාගේ කථාව මෙයයි.

කෝවිඩ් සහ අපි

Image
                                                                                           කෝවිඩ් - 21 වන සියවසේ දරුණුම ඛේදවාචකය ලෝකයට බොහෝ පාඩම් උගන්වයි.  නොමිලයේ සෞඛ්‍ය පහසුකම් සහ අධ්‍යාපනය ලැබීමට තරම් වාසනාවන්ත පුරවැසියන් වුවත්, අප ලබන අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් වල පරිමාණය සිතාබැලිය යුතුව ඇත  දරිද්‍රතාව, අනවබෝධය, බඩගින්න සහ අසරණකම එකම පින්තූරයක.

ඔබ හඬ නැගිය යුත්තේ ඔවුන්ගේ නින්දට සාධාරණයක් වන පරිදිය.

Image
  ඔබ හඬ නැගිය යුත්තේ ඔවුන්ගේ නින්දට සාධාරණයක් වන පරිදිය.

ක්‍රීඩාවෙන් ක්‍රීඩකයකුගේ සමාජ මෙහෙවර

Image
ලෝකයේ විවිධ  ක්‍රීඩා තරු ජනප්‍රිය වනවාත් සමඟ  ඔවුන් ඉබේම වෙළඳ ප්‍රචාරණයට මිලක් ලබා ගනිති. Usain Bolt තමන්ගේ රටේ සුභ සිද්ධිය සඳහා ඔහු සහභාගීවන සියළුම වෙළඳ දැන්වීම් ඔහුගේ මව්බිමේ රූගත කරන ලෙස ඉල්ලීම ශ්‍රේෂ්ඨ හැසිරීමකි.ඉන්දීය ක්‍රීඩක Virat Kohli ලෝකයේම ප්‍රසිද්ධ වෙළඳ සන්නාම වන Pepsi ,Coca Cola සමාගම් සඳහා තමන් ඉදිරිපත් වීමට අකමැති බව ප්‍රසිද්ධියේ පැවසීමට නිර්භය විය. ලංකාවේද අර්ජුණ රණතුංග  කදිම ආදර්ශයක් සෙසු ක්‍රීඩකයින්ට ලබා දුනි.ඒ සියළුම වෙළඳ දැන්වීම් ප්‍රතික්ෂේප කර සමාජ සුභසාධනය වෙනුවෙන් MRI Scanner යන්ත්‍රයක් පිළිකා රෝගීන් වෙනුවෙන් ලබා ගැනීමට පෙනී සිටි වෙළඳ දැන්වීමයි.අරවින්ද ,රොෂාන් ,හෂාන් කීල්ස්‌ සමාගමේ කෘතීම ආහාර සඳහා මුදලට පෙනී සිටියදී අර්ජුන නොමිලයේ ඔහුගේ වගකීම ඉටු කළේය.අද මෙන්  අන්තර්ජාල, පුවත්පත් මාධ්‍ය නොතිබූ සමයක සමහර දෙමව්පියන් පවා සොසේජස් කන ක්‍රීඩකයන් විස්වාස කළහ.පසුකාලින පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනට වඩා ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන මහත්මා ගති තුලින් ප්‍රමුඛ බවට මෙම උදාහරණය පමණක් වුවද සෑහේ ඉන්පසු මෑත කාලයේ ඇන්ජලෝ ,සංගක්කාර,ඩිල්ෂාන්,මහේල ...

නිදහස් අධ්‍යාපනයේ ණය ගෙවීම

Image
ගෙවීමකින් තොර අධ්‍යාපනයක වටිනාකම වෙනත් රටක මිනිසුන් අධ්‍යාපනය ලැබීම සඳහා යොදවන මුදල පිළිබඳව අවබෝධයක් ලැබූ පසු වටහා ගතිමි. ණය ගෙවීමට පින් බිමේ සිටිය යුතුව ඇති මුත් හිතේ සවියෙන්,දැනුමේ මහිමෙන් එහි කල හැකි දෙයක් නැත. කුසලතාවට වඩා හිත් දිනීමේ රහස් එහි ප්‍රගුණ කල යුතුව ඇත.   වෙරළෙන් එහා සිට උගත් ශිල්පයටවූ ණය ගැන පසු තැවුණද ,දණ ගහන ආර්ථීකයකට යන්තමින් හෝ සවියක් වීම පිළිබඳව සතුටු වෙමි. Ref: https://www.colombotelegraph.com/index.php/should-sri-lankan-students-pay-a-fraction-of-their-university-costs/

මාධ්‍ය නිදහස සහ වල් බුරු නිදහස

Image
පරදේශක්කාර සුද්දන් වර්ජනය පැත්තකින් තබා අඩුම තරමේ අමාරුවෙන් රැකෙන සිංහල භාෂාව තවදුරටත් නැසීමෙන් වළකිමු.

කොසොල් රජතුමා දුටු සිහින

දිනක් කොසොල් රජතුමා නින්දේදී සිහින 16 ක් දක්නා ලදී. මේ අමුතු ආකරයේ සිහින රාජ සභාවේ සිටි පණ්ඩිතයන් හට ද මෙම සිහින වල නියම තේරුම සිතා ගත නොහැකී නිසා රජතුමා තමා හට පෙණුන සිහින පිලිබඳව විමසීමට බුදුරජාණන් වහන්සේ වෙත ගියේය. බුදුරජාණන් වහන්සේ මෙම් සිහින වල නියම තේරුම රජතුමාට පැහැදිලි කරන ලදී. පළමුවන සිහිනය ; කොසොල් රජතුමා : “ කළු පාට ගොනුන් සතර දෙනෙකු සතර දිශාවෙන් ගොන් පොරය සඳහා දූවිලි අවුස්සාගෙන විදුලි වේගයෙන් දිව එනවා . නරඹන්නෝ ඒ දෙස මහත් වූ උද්යෝගයෙන් බලා සිටී. නමුත් පසුව පොරයට පැමිණි ගොනුන් සතර දෙනා එකවරම ආසන්නයටම පැමිණ නැවතත් ආපසු හැරී දිව ගියා. උද්යෝගයෙන් සිටි නරඹන්නන් ගොන් පොරය බලන්නට බැරි වී දුක් වුණා. “ "බුදුජාණන්වහන්සේ : " අනාගතයේ දී රටේ අධාර්මික පාලකයන් නිසා රටේ දේශගුණයත් ,කාලගුණයත් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.කලට වෙලාවට වැසි වසින්නෙ නෑ. ගොවියෝ අහස දිහා බලාගෙන ඉන්නවා.වැසි බලාපොරොත්තුවෙන් . ඔන්න ඔය අතරේ ඝණ වැසි වලාකුළු ඇවිත් අහස වසා ගන්නවා.ගොවියො ගොවිතැනට සැරසෙන්න ගන්නවා . එහෙත් අර වහින්න කියල පැමිණුන වලාකුළු වෙන දිහාවකට පාවෙලා යනවා. වැස්ස බලාපොරොත්ත...