එක මවකගේ දරු කැල බැවිනා ..යමු යමු වී නොපමා .


"යටගිය දේවල් යට ගියාවේ.උඩ බලාගෙන කෙල ගැහුවොත් මූනටමයි වැටෙන්නේ.අපි අපේ ක්‍රීඩකයන්ව රැක ගන්න ඕනි.මම නායකත්වය දරපු කාලයේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මම නායකත්වය දරපු අවුරුද්ද පුරාවටම ඇන්ජලෝ මැතිව්ස්ට ආබාධයක් තිබුණා.අවුරුද්ද පුරාවටම මැතිව්ස්ට පන්දු යවන්න බැරිවුණා.ඒක මගේ අවාසනාව වෙන්න ඇති.මොකද මම අයින් වෙලා සතියකින් අපි ඔස්ට්‍රේලියාවට ගියා. ඒ සතියේදී ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවන්න පටන්ගත්තා.ඒක මහේලගේ වාසනාව වෙන්න ඇති.සමහර තිබුණ ප්‍රශ්ණ මම කියන්න කැමති නෑ මාත් එක්කම ඒවා යටයයි."



අවුරුදු 17ක් ජාතික කණ්ඩායමට ක්‍රිකට් ගහලා සමුගන්න නායකයකුගේ අවසන් කථාව.T.M ඩිල්ෂාන් ඔය කුණුගොඩවල් අවුස්සපු නැති එක ලොකු දෙයක් !


ලංකාවට කීර්තියක් ගේන්න හෝ කරන්න හදපු හැම කෙනාම කියන්නේ තමන්ට අසාධාරණයක් වුනා කියල අනිත් පිරිසගෙන්.වර්ණපුරලගේ,අර්ජුණලගේ කාලේ ඉඳන්ම ඔහොමයි.ඉස්සරහට එන නවක ක්‍රීඩකයොත් කවදාහරි ඔහොම කිව්වොත් ?


අපේ රටේ එකකු වෙනුවෙන් තවෙකකු සිටීම  බොහොම කලාතුරකින් සිදුවන දෙයක්.ජාතික ගීතේ ආනන්ද සමරකෝන් ගී පද රචකයා ඔය පද ටික ලියල තියෙන්නේ ඔහුට අපේ ජාතිය ගැන තිබුන අත්දැකීම් නිසාම වෙන්න ඇති.


කල්ලිවාදය...එක කොඩියක් යට අපි තව තව පොඩි කල්ලි හදා ගන්නවා.කල්ලි වලින් පිට අයට (අමුවෙන් කියනවා නම් සෙට් එකෙන් පිට එකාලට)උගුල් අටවනවා.ඊට පස්සේ තමන් ඉන්න කල්ලිය ඇතුලේ උගුල් අටවනවා කල්ලිය ඇතුලේ රජ වෙන්න.


අර්ජුණ අරවින්ද කල්ලියත් ඔහොම එකක් තමා.එකම වෙනස World Cup එක දිනන්න තිබුණ අරමුණ අනිත් ප්‍රශ්ණ යටපත් කරගෙන මතුවුණු එක.කල්ලිය ඇතුලේ මර උගුල් තිබුනත් රට පෙරට තියලා (පෞද්ගලික හිත් අමනාපකම් පැත්තක තියලා) ක්‍රීඩා කලා.ලෝක ශුරයෝ දින්නට පස්සේ කල්ලිය ඇතුලේ උගුල්.කල්ලිය කැඩුනා.අසංක ගුරුසිංහ පස්සේ කාලෙක අර්ජුන ගැන අපැහැදීමෙන් කථා කරපු එක හොඳම උදාහරණයක්.සමහර ජෙෂ්ඨ ක්‍රීඩකයෝ අයින් වුණා.අළුතින් කල්ලි හැදුනා.සංගා මහේල මැතිව්ස් අළුතින් හැදුණු කල්ලියක්.World Cup එක දිනපු team එකේ ඉතිරි ජෙෂ්ඨ ක්‍රීඩකයෝ මහේල/සංගාට උදව් කලේ නෑ කියලා මහේල/සංගා ගෙන් ඇහුවොත් කියයි.ජෙෂ්ඨ ක්‍රීඩකයෝ කියයි සංගා /මහේල ඉස්සර හිටපු ක්‍රීඩකයෝ තරම් දක්ෂ ක්‍රීඩකයෝ නෙමේ නවක ක්‍රීඩකයෝ කියලා.


අපේ රටේ මිනිස්සුන්ගේ බහුතරයකගේ තමන් කරන රස්සාවේ professionalism එකක් නෑ රස්සාවක් හෝ ක්‍රීඩාවක් හෝ දේශපාලනය හෝ කරන්න ඕනේ යුතුකමක්,වගකීමක් විදිහට රට ගැන හිතලා.එහෙම නැතුව කල්ලි හදලා අනෙකාට උගුල් අටවන්න ,තව අපේම සහෝදරයෙක්(ආනන්ද සමරකෝන් කවියා කියන විදිහට පුරවැසියෙක්) පාගලා උඩට යන්න නෙමේ.තරගකාරීත්වය කියන්නේ යටි උගුල් අටවන එක නෙමේ කියලා උපතින් ශ්‍රී ලංකික අපි තේරුම් ගන්නේ නෑ.ඔහොම කරන තාක් කල් දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ට සිංහල ජාතිය විනාශ කරනවා කියලා කෑ ගහලා අපි කවදා දිනයිද ? .
විසදුම අපි ඇතුලෙම තියෙන බව අපිටම තේරෙන්නේ නෑ .

Link to TM Dilshan Retirement Speech

Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්