නැතිබැරි කම නොඉවසන පියකුගේ දිරිය

පාන්දර යාමේ කුලීවැඩ කරන මාවනැල්ලේ 'පාන්දර' - නිදාගන්නේ දවසට පැය දෙකයි!

දිනපතාම නිවසට ටයිල් කැටයක් අරන් ගිහින් සවිකරනවා..

දවසකට පැය දෙකක් පමණක් නිදාගනිමින් තමන්ගේ අරමුණ ජයගන්න වෙර දරණ පියෙකු පිළිබඳව මාවනැල්ල හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ මොලිගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඔහුගේ එකම අරමුණ සිය දියණියන් දෙදෙනාට නිවාස දෙකක් සාදා දී ඔහුන්ගේ අනාගතය වෙනුවෙන් පියෙකු සතු ඉටුකිරීම හා නිවසේ රෝගී තත්වයෙන් පසු වෙන බිරිඳ සුවපත් කරගැනීමයි.

හතළිස්තුන් හැවිරිදි මොහු නමින් බි.වි. කුමාරසිංහ නම් වන අතර ඔහුව සියල්ලන් හඳුන්වන්නේ "පාන්දර" යන නාමයෙන්.
මෙලෙස ඔහුට පාන්දර යනුවෙන් නමක් පට බැඳි ඇත්තේ සිය රාජකාරිය අලුයම් කාලයේ ආරම්භ කිරීම හේතුව නිසාවෙන්.
වැලි ඇදීම, තට්ටු ගණන් උස ගොඩනැගිලිවලට ගඩොල්, මැටල්, සහ අනිකුත් අමුද්‍රව්‍ය රැගෙන යෑම, සහ විශාල වතු උදලු ගෑම, කාණු පද්ධති යෙදිම, කැලෑ කැපීම ඔහුට ලැබෙන රැකියාවන් වනවා.
ඔහු පවසන්නේ කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ පල කිරීම මගින් එම වැඩ පල ලබාදෙන අයටද එයින් ලාභයක් මිස පාඩුවක් සිදු නොවෙන බවයි.
එලෙස කොන්ත්‍රාත් ක්‍රමයට යම් වැඩක් භාර ගත හොත් ඒ සඳහා අලුයම 2.00ට අවදි වී එහි වැඩ ආරම්භ කොට එය අවසන් වන තුරු ඒ කටයුත්තේ නිරත වන බවයි ඔහු පවසන්නේ.
දිනකට අක්කරයක් වුවද කටයුතු තනිවම සිදු කර හැකි බව පවසන ඔහු කියන්නේ මිනිස්සු කම්මැලි නැතිනම් කිසි දිනක මේ රටට කිසිම දෙයක් පිටරටින් රැගෙන එම අවශ්‍ය නොවන බවයි.
වසර 20 කටත් වඩා වැඩි කාලයක් මෙලෙස සිය කටයුතු පවත්වාගෙන යන ඔහුට කිසිදු රෝගි තත්වයක් හෝ සෙම් රෝගී තත්වයක්වත් සැදී නොතිබිමත් සියල්ලන් පුදුම කරවන කරුණක්.
අව් වැසි නොතකා සිය වැඩ පල සිදු කරන ඔහු වැසි දිනයන්හිදි සිය හිසට පොලිතින් මල්ලක් දමා ගෙන සිය දෛනික කටයුතු වල නිරත වනවා.
ඔහු දිනපතාම ටයිල් කැටය බැගින් නිවසට අරන් යන බවද වාර්තා වනවා. එක ටයිල් කැටයක් රුපියල් 700ක් වෙන අතර ඔහුගේ නිවසට අවශ්‍ය ටයිල් කැට 110ක් වෙන් කරගෙන එක ටයිල් කැටයක මුදල දිනපතා හාඩ්වෙයාර් එකට දීලා අරන් යනු ලබනවා.
කිසිම දිනක පාසලක අධ්‍යාපනය ලබා නැති කුමාරසිංහ සාමන්‍යයෙන් පවසන්නේ ඔහු මාසයකට දින 60 ක් වැඩ කරනවා.

ඔහු කුලී වැඩ කොන්ත්‍රාත් ක්‍රමයට කොට දවසකට රුපියල් 3000ක පමණ මුදලක් උපයාගනු ලබන අතර මේ සියල්ල ඔහු විසින් සිදු කරගෙන යන්නේ තම ගැහැණු දරුවන් දෙදෙනාට නිවාස දෙකක් ජිවත් වි සිටින කෙටි කාලයේදී සකස් කොට ඔවුන් වෙනුවෙන් අනාගතයට යමක් ඉතිරි කර දි දියුණුව වෙනුවෙන් ඉඩ සැලස්විම සඳහායි.
උපුටා ගැනීම
http://www.nethgossip.lk/article/28401

පසු සටහන
"උට්‌ඨාන වතෝ සති මතෝ
සුචි කම්මස්‌ස නිස්‌සම කාරිනෝ
සඤaඤ තස්‌සච ධම්ම ජීවිනො
අප්ප මත්තස්‌ස යශෝභි වඩ්ඩති"

රටක් දියුණු වන්නේ මෙවන් මිනිසුන් තවමත් ශ්‍රී ලංකාවේ සිටිනා බැවිනි. බිරිඳ හා දරුවන් හැර දමා වෙන කසාද කරගන්නා නිවට පිරිමින් අතර ඔහු මට දැවැන්ත පෞරුශයකි.නිරෝගී දීර්ඝායුෂ සහ ඔබගේ පැතුම් සර්වප්‍රකාරයෙන්ම ඉටුවේවායි පතමි.නිදුක් බව නොපතමි.

Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්