හිඟන්නාගේ පාත්තරේ හෙනහුරා වැටීම

                                                                              guardian.com

කුසගින්නේ මරණය සමග මිනිසුන් සටන් වදිද්දී ඒ වෙනුවෙන් ආහාර රැගෙන පැමිණෙන සහන සේවකයන්ගේ විසා ගාස්තු තුලින් රාජ්‍ය ආදායම තර කරගැනීමට දරන ප්‍රයත්නය අතිශයින්ම ඛේදනීය තත්වයකි.

දකුණු සුඩානයේ තොරතුරු අමාත්‍ය Michael Makueiට අනුව එම වැඩිවීම 9900%කින් වැඩිවීමකි. ($100 to $10,000).ලක්ෂයක් පමණ දෙනා මේ වනවිට කුසගින්නේ සිටී.ඔවුන්ගේ කුස පුරවන්නට තිබෙන මුදල්,රාජ්‍යයේ ආදායම බවට පත් කරගැනීම කෙතරම් සාධාරණද? හිඟන්නාගේ පාත්තරේ හෙනහුරා වැටුනා වගෙයි!
                                                                                     africanspress.org

ආරක්ෂාව සහ රැකවරණය පතා දහස් ගණන් දකුණු සුඩාන වැසියන් අසල්වැසි උගන්ඩාවට සරණාගතයන් ලෙස පිටවෙති.ඉතිරිය කුසගින්නේ සටන් වදිති.අසරණ මිනිසුන්ගේ ජීවිත සමග වගකීම් විරහිත පිළිවෙතක් දරණ සුඩාන රජය කුසගින්නේ මියයන රටවැසියන්ගේ ජීවිතයක් ජීවිතයක් ගානේ ලෝකයට ණයගැති වනු ඇත.මෙම අළුත් ව්‍යවස්ථාව සම්මත වුවහොත්,සිව් වසරක සිවිල් යුද්ධය තවදුරටත් අරාජික වීමට අනිවාර්යයෙන් දායක වීමකි.

https://www.theguardian.com

Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්