අලි ඇතුන් සහ පන්සල්

සංස්කෘතික වටිනාකම් වලින් අපි සමුර්ධිමත් වෙමු. අලියා හෝ ඇතා දේශීයව ජීවත්වන ශක්තිමත් සතෙකි. අතීතයේ පටන් යුධ ,කර්මාන්ත සඳහා අප විසින් මේ සතුන් යොදාගෙන ඇත.

ප්‍රශ්ණය ඇත්තේ මේ සතුන් ව්‍යාපාරයක් ලෙස ලාභ උපයාගැනීමට භාවිතා කිරීමත්  පන්සල්වල ප්‍රෞඪත්වය කියාපෑමට යොදාගැනීමත්ය.

මේ සතුන් ජීවත්වන්නේ කරඬු වැඩම්මවීම සඳහා නොව වනයේ නිදැල්ලේ ජීවත්වීමට බව අප කැමත්තෙන්  හෝ අකමැත්තෙන් හෝ අවබෝධ කරගත යුතුය.

වසරකට වරක් හෝ දෙවරක් නිශ්චිත පෙරහැරක කරඬුව වැඩම්මවීම අපේ සංස්කෘතික වටිනාකම,අභිමානය පෙන්වීමට අතිශයින්ම ප්‍රමාණවත්ය.එයින් පසු සත්වයාගේ නිදහසට බලපෑම් කිරීම බෞද්ධ රටකට තරම් නොවේ.






Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්