ජාතිවාදී අරගලයෙන් ඔබ්බට ඉදිරිය පැහැදිලිද ?
කරුණා අම්මාන් - ප්‍රභාකරන්ගේ මිතුරාත් අවසාන කාලයේ පස මිතුරාත් ඔහුයි.
රජයේ ආරක්ෂක අංශ බුද්ධි අංශ මුළා කර බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළඳා මාලිගාවට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කල ,මහා සංඝරත්නය කපලා කොටලා අපවත් කරවන්න මෙහෙයුම් කරපු දක්ෂ තරුණ ත්‍රස්තවාදී නායකයෙක්.එවන්වූ මිනිසකුගේ හැකියාවන් අවතක්සේරුවට ලක්වීද? ප්‍රතිවාදියා හෑල්ලුවට ලක් කරලා හිතපු කණ්ඩායමක් ඉතිහාසයේ කවදාවත් කවදාක්වත් ජයග්‍රහණය කර ඇත්ද ?
නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන් ප්‍රභාකරන් හා විරසකයකින් පසුවුනු බව නොරහසකි.ඕනෑම සංවිධානයක අභ්‍යන්තර දෙදිරීම් සතුරාගේ ශක්තිය වැඩි කරයි.එල්.ටී. ටී.ඊ සංවිධානයේ ඉරි තැලීම සමගම උපක්‍රමශීලිව කරුණා අම්මාන්ට ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂාව,රැකවරණ හිමිවුණි.එසේ දීමද සාධාරණය.ත්‍රස්තවාදීන්ගෙන් ගැලවෙන ත්‍රස්තවාදියකු වුවද යහමගට ගැනීමෙන් ශ්‍රී ලංකා රජය කොතෙක් දුරට මානුෂික යුද්ධයක් තුල නිරත වන්නේ දැයි ලෝකයටම ඉගැන්වීමට අවස්ථාව තිබුණි.නමුත් අවාසනාව නම් අපට එය මඟ හැරීමයි.
කොටි මරුවා අපි දිනුවා සිංහලේ දිනේවා කියමින් පාරම් බාන නිවට ජාතියක අවසානය ඊළඟ වසර දහය පහළොව ඇතුලත කණගාටුදායකය.මේ ලිපිය සාක්ෂි සපයනු ඇත.එහෙත් මගේ ප්‍රාර්ථනය එසේ නොවේවා යන්නය.
කරුණාගේ මේ වෑයම විග්නේෂ්වරන්ගෙන් ගිලිහෙන දෙමළ ඡන්ද වලට වගකියන්නට විය හැක.පස්සේ කාලෙක කරුණා ඈදාගෙන පාර්ලිමේන්තු බහුතරය හදාගන්නට කුරුමානම් අල්ලන සිංහල පක්ෂ නායකයන්ට අශ්වයා ගියපසු ඉස්තාලය වසා දැමීම ඔවුන්ගේ අවසානයත් සිංහල ජාතියේ අවසානයත් තීරණය කෙරෙනු ඇත.
එතැනින් එහාට කළ දේ නිවැරදිද ?
1.කරුණා අම්මාන්ට ඇමති පදවියක් හිමිවිය.
2.සියළු මිනීමැරීම්,මානව අයිතිවාසිකම් උල්ලංගණය කිරීම් (අප රජය විසින්)අමතක කොට දැමීය.
3.ශ්‍රී ලංකාවේ මූලිකම සිංහල නිර්ධන පක්ෂය එසේත් නැතිනම් සිංහල බෞද්ධ පාලනය පෙරදැරි කරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයින් අභිබවමින් සභාපති ධුරය හිමි විය.
කළ යුතුව තිබුනේ කුමක්ද ?
1. රාජ්‍ය ආරක්ෂාව සහිතව කරුණාඅම්මාන්ට තිබුණු චෝදනා උසාවියට ඉදිරිපත් කර වරදකරුවකු කිරීම.
2. වරදකරුවකු වුවද රාජ්‍ය ආරක්ෂාවට කල මෙහෙය හේතුවෙන් ජනාධිපති නිදහස කෙටි කලකින් ලබා දීම.
3.ජීවිතාන්තය දක්වා ආරක්ෂාව සහතික කිරීම සහ පුනුරුත්ථාපන කටයුතු සහ සහජීවනය ,සංහිඳියාව ගොඩ නැගීමට කරුණා අම්මාන්ගේ සහාය ලබා ගැනීම.
අනාගතයේ සිදු වන්නේ කුමක්ද ?
සිංහල දේශපාලන නායකයින්ගේ දුර්වලතා වලින් උපරිම වාසි ගන්නා කරුණා අම්මාන් මීළඟට දෙමළ නිජබිම සඳහා ඉතා විධිමත්ව පිඹුරු පත් සකසයි.
ඊලම වෙනුවෙන් මිනී මරපු කොටි සාමාජිකයෝ(දයා මාස්ටර්,පිල්ලෙයාන්,කරුණා අම්මාන්,කේ.පී හෙවත් කුමාරන් පද්මනාදන්)පුනරුත්ථාපනය නොකර නිදහස් කරපු හැමෝම ඊලම හිතෙන් අතහැරලා කියලා හිතෙනකොට ගොඩක් සතුටුයි.ඒත් ඇත්තටම එහෙමද?
ප්‍රභාකරන්ලා කරුණලා කේ.පීලා ඊලම වෙනුවෙන් අහිංසක මිනිස්සු මර මර සටන් කරනකොට ඒවට බයේ කොළඹ හැංගිලා හිටිය විග්නේශ්වරන්ලත් දැන් මෙහෙම නම්, ආයුධ අතට ගත්තු ,පුනුරුත්ථාපනය නොවුණු ත්‍රස්තවාදීන් ගැන කවර කතාද ?

අවි ආයුධ අතහැර උපාසක වෙස් ගෙන නව දේශපාලන බලයකින් දෙමළ නිජබිම ලැබීම තුල පෙනෙන්නේ කරුණා අම්මාන්ගේ දක්ෂ කම නොව සිංහළ නායකයන්ගේ දුර්වලතාවයයි.දේශපාලන බලයකින් නැගිටින කරුණා අම්මාන්ට උතුරු නැගෙනහිර තුල නැගිටීම ඉතාම පහසුය.තරුණ සිංහල සෙබළුන් රුධිරය වගුරා,ඇස්,ඉස්,මස් දන් දී උතුර දැන් ප්‍රභාකරන් ගෙන්(කරුණාගේ සතුරාගෙන්) සහමුලින්ම මුදවා දී ඇත.
ඊලම වෙනුවෙන් මිනී මරපු කොටි සාමාජිකයෝ(දයා මාස්ටර්,පිල්ලෙයාන්,කරුණා අම්මාන්,කේ.පී හෙවත් කුමාරන් පද්මනාදන්)පුනරුත්ථාපනය නොකර නිදහස් කරපු හැමෝම ඊලම හිතෙන් අතහැරලා කියලා හිතෙනකොට ගොඩක් සතුටුයි.ඒත් ඇත්තටම එහෙමද?
ප්‍රභාකරන්ලා කරුණලා කේ.පීලා ඊලම වෙනුවෙන් අහිංසක මිනිස්සු මර මර සටන් කරනකොට ඒවට බයේ කොළඹ හැංගිලා හිටිය විග්නේශ්වරන්ලත් දැන් මෙහෙම නම්, ආයුධ අතට ගත්තු ,පුනුරුත්ථාපනය නොවුණු ත්‍රස්තවාදීන් ගැන කවර කතාද ?
කොටි මරුවා අපි දිනුවා සිංහලේ දිනේවා කියමින් පාරම් බාන නිවට ජාතියක අවසානය ඊළඟ වසර දහය පහළොව ඇතුලත කණගාටුදායකය.මේ ලිපිය සාක්ෂි සපයනු ඇත.එහෙත් මගේ ප්‍රාර්ථනය එසේ නොවේවා යන්නය.
කරුණාගේ මේ වෑයම විග්නේෂ්වරන්ගෙන් ගිලිහෙන දෙමළ ඡන්ද වලට වගකියන්නට විය හැක.පස්සේ කාලෙක කරුණා ඈදාගෙන පාර්ලිමේන්තු බහුතරය හදාගන්නට කුරුමානම් අල්ලන සිංහල පක්ෂ නායකයන්ට අශ්වයා ගියපසු ඉස්තාලය වසා දැමීම ඔවුන්ගේ අවසානයත් සිංහල ජාතියේ අවසානයත් තීරණය කෙරෙනු ඇත.
අවාසනාවකට මමද ශ්‍රේෂ්ඨ ජාතියක තවත් එක් වර්තමාන නිවටයෙක් බවට පත්වී සිටිමි.
සබැඳි පුවත් : රිවිර 2017-02-12

Comments