අපේ රථ වාහන පොලීසිය
අද අප රටේ ඇතැම් නාගරික ප්‍රදේශයන් හැරෙන්නට ග්‍රාමීය ප්‍රදේශවල පුළුල් මාර්ග පද්ධතියක් නොමැත. මෙවැනි ප්‍රදේශවල යෑමට ඊමට (වම දකුණ ලෙස) මං තීරු දෙකක් ලෙස බෙදා වෙන්කොට ඇතත්, එවායේ පරිමාණය අනුව මංතීරු එකකටවත් යෝග්‍ය වන අයුරින් වාහන ධාවනයේ යෙදවීමට තරම් ඉඩකඩක් නොමැත. විශේෂයෙන් කඳුරට මාර්ගයන්හි තදබද වංගු සහිත ස්ථානයන්හි පවතින මංතීරු දෙක ඇතුළත බරවාහන දෙකක් හුවමාරුවට ඉමහත් පරිශ්‍රමයක් දැරිය යුතුය. එයට හේතුව කඩඉරි සටහන රිය සක අනුව ප්‍රමාණවත් පළලින් නොමැති වීමය. මෙය කෙසේ වෙතත් පොලිස් රථවාහන අංශ නිලධාරීන්ට නම්, යම් රියැදුරෙක් එකී කඩඉරි කිසියම් අංශු මාත්‍රයකින් හෝ තැවරී ගමන් කළ විට එය මාර්ග නීති කඩකළ ක්‍රියාවක් වන්නේය.
Comments