රාජ්‍ය සේවය සහ බැඳුණු සන්තෑසිය

අතිශය ගෞරවාන්විත රැකියාවක් අද පත්ව ඇති ඉරණම සඳහා වගඋත්තර බැඳිය යුත්තේ කව්රුන්ද ?

පවත්නා කම්කරු,සේවක නීති අනුව සේවකයකු රැකියාවෙන් අයින් කිරීම ඉතා අපහසුය.එය සේවකයාගේ පැත්තෙන් බැලු කල ඉතාම හොඳය.නමුත් එවන් සේවකයකුගෙන් අපේක්ෂිත ප්‍රතිඵලයක් ගැනීමට රජයට නොහැකිනම් කළහැකි දේ ඇත්තේ දෙකක් පමණි .

  1. රාජ්‍ය පරිපාලනයේ අකාර්යක්ෂමතාවය
  2. සේවකයන් බඳවා ගැනීමේදී සුදුස්සන් වෙනුවට නුසුදුස්සන් බඳවා ගැනීම.

රාජ්‍ය පරිපාලනයේ අකාර්යක්ෂමතාව පිළිබඳව ඒ හා බැඳුනු අමාත්‍යංශයක් ,නිළධාරීන් සහ ඇමති දෙපොළක් සිටිති.පරිපාලනය,සුභසාධනය ,උසස්වීම ,පුහුණුව,නීති ප්‍රතිපාදන ආදී කටයුතුවල වගකීම ඔවුන්ගෙන් මහජනතාව අපේක්ෂාකරන දෙයයි .එය එසේ සිදුනොවෙනම් එය සෘජුවම දෙවන කාරණයට බලපායි.

දෙවන කාරණය වන නුසුදුස්සන්ට රැකියා දීම කාලයක් පුරාවට රටේ සිදුවන්නකි.තම දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දෙන පුද්ගලයින්ට සහ හිතමිතුරන්ට සුදුසුකම්වලින් තොරව රැකියා වලින් සංග්‍රහ කිරීම ආකාර දෙකකින් අහිතකරය.පළමුවැන්න නම් අධ්‍යාපන සුදුසුකම්, මෘදු කුසලතා සම්පුර්ණ නැති අයවලුන් රැකියා ගැනීම නිසා සුදුස්සන් කළකිරීමයි.දෙවැන්න නම් රැකියා ලැබූ නුසුදුස්සන්ට අදාළ ආයතනයේ දියුණුවට යමක් කළ නොහැකිවීමයි.



Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්